81 වන කොටස

88 14 41
                                    

නවෝද්ලගෙ ගෙදරට මං අඩිය තිබ්බෙම නිකං බාගෙට මැරිච්ච එකෙක් ගානට වෙනකොට මං ඇතුලට එනකොටත් එයාලා සේරම මෙහාට ඇවිල්ලා තිබුනා.......

" රෙහාන්......කොහෙද බං උඹ ගිහිල්ලා හිටියේ....."

ගෙදරට පය ගහපු ගමන්ම හුස්මක් කටක් ගන්න විදියක් නෑ මං මූන්ගෙ ප්‍රශ්න වලට උත්තර දීලා ඉන්න ඕනේද අහ්...... යකාගෙ තියරි තමයි මේ හරක් පැටව් ටික ගාවත් තියෙන්නේ....

" ඉදහං මං වතුර ටිකක් බීලා එන්නං....."

වතුර ටිකක් බීලා එන්නං කියලා මං කුස්සියට ඇවිත් එහෙම්මම අතට ගත්තු වතුර වීදුරුවත් අරගෙන ළග තිබුණු ඩයිනින් ටේබල් එකෙන් ගිහින් වාඩි වුනේ මං ඇදගෙන හිටපු ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක තුනත් ෂේප් එකේ ගලවලා දාන ගමන්මයි.....මොන හේතුවකටද කියන්න නොදන්නවා වුනාට මගේ ඇගට එච්චර සෙට් නෑ..... සමහර විට මං තාම උදේටවත් හරියට කාලා නැති හින්දා මෙහෙම මහන්සි ගතියක් මට දැනුණා වෙන්නත් පුළුවන්....

මං එන්න පරක්කු වුනොතිං එහෙම ඊලගට මෙතන ඒකටත් මට උත්තර බදින්න සිද්ද වෙනවයි කියන්න මං දන්න හින්දම මගේ මූණට ඉහාගත්තු වතුර ටික අතින් පිහිදාන ගමන්ම මං එතනින් සාලේ දිහාවට ඔහේ ඇවිදගෙන එන්න පටං ගත්තා....යකෝ මාව දැන් නිකං පාවෙනවා වගේ මට දැනෙන්නේ.....

" ඒ රෙහානයා මොකෝ බං මේ උඹ හොදින්ද අහ්......"

" ම්ම්......"

" සිරාවටම උඹ හොදින්ද රෙහාන් උඹේ මූණත් එක්ක නිකං සුදු මැලි වෙලා ගිහිල්ලා..."

" මං හොදින්....."

සෝෆා එකේ පිටිපස්සට වෙන්න හේත්තු වෙච්ච මං ඊලග පාර ලොකු හුස්මක් පිට කරනකොට මහිම අයියා මගේ ලගට ඇවිල්ලා මගේ නලලට අත තියලා මට උණද කියලා චෙක් කරලා බැලුවා.....අම්මෝ අම්මො හිච්චි දොස්තර හොදේ....

" උණක් නම් නෑ....මේ සිරාවටම කියහං මොකෝ කේස් එක අහ්....."

" තාත්තා ආවා....."

" මොකා......"

" කවුද අපේ මේ මහේන් අන්කල්....."

" ම්ම්....."

" කෝ අපිට චොකලට් ගෙනල්ලා නෑ...."

" බම්බුවක් කියවනවා......"

~හීන~[ONGOING]Where stories live. Discover now