26 වන කොටස

118 16 102
                                    

"මොකක්ද බං මේ කුනු ගොඩ....නිකං ආමි කෑම්ප් එකකට බැස්සා වගේනේ......"

" ඉතිං ඒක තමයි ගොනෝ මේකට කැඩෙට් රූම් එක කියලා කියන්නේ....."

" මොන ලබ්බක් හරි...ඒ වුනාට මේක පොඩ්ඩක් ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තියාගන්න බැරි කමක් ඇත්තේ නෑනේ ඕයි....."

" එහෙනම් ඉතිං තෝම ඇවිල්ලා මේක අස් පස් කරලා දීලා පලයං......"

" අනේ මේ... තෝ හිතුවද මට අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න තරම් ඉත්තෑවෙක් ඉන්නවා කියලා...."

"හරියට බැලුවොත් බොට තරම් කැසිල්ලක් බොගේ මුලු හත්මුතු පරම්පරාවටම ගෑවිලා නැතුව ඇති......"

" අනුන්ගේ වංසේ කබල් ගාන්නැතුව ඔන්න ඔය කබඩ් එක ඇරපං ගම් කබරයා...."

" තොට මං ආයේ කියන්නෑ හරි...කවුද දන්නෑ මෙතන බාගෙට ලොං හැලිච්ච රිලවෙක් වගේ ඉන්නේ....."

"වෙන කවුද ඉතිං තෝ තමයි....."

"රෙහාන්....! "

" පලයං යන්න හංස පූට්ටුවා...."

" තෝ ඇටි කෙහෙල් කාපු උගුඩුවා......."

" ආතක් පාතක් නැති චිම්පන්සියා......"

" දෙනවා දැනගනින් දත් ටික බඩට යන්න..."

"කමක් නෑ මට පහුවදාට ඒ ටික එලියට ගන්න පුලුවන්..."

"මුගේ ආච්චිට හාල් ගරන්න......"

"ආච්චිට හාල් ගරන්න කලින් ඔය ෆයිල් එක හරියට අල්ලගනිං ගං කොකටුවා....."

" ඇයි තෝ හිතුවද තොට වගේ මටත් අංසභාගේ වැලදිලා කියලා....."

" ඔය.. ඔය....තොට මං කිව්වා ..... කාටද දන්නෑ දැන් අංසභාගේ නේ..."

" උඹ බලං හිටපු හින්දා තමයි මේක මගේ අතින් ලිස්සුවේ......."

" මොනවා කරන්නද ඉතින්.....නටන්න බැරි මිනිහට පොලොව ඇදයිලුනේ..."

එකහා මාර වෙනකොට සුභ මොහොතින් පේපර් එක බාර දීපු මං නවෝද් එක්කම පහලට බැස්සේ අද වේලාස්සනින් ගෙදර යන්න ඕනේ කියලා හිතාගෙන....මොකද අද මගේ තාත්තගේ උපන්දිනේ... මගෙන් එයාට වැඩක් නැති වුනාට ඉතිං පවුලේ එකම දරුවා විදියට මට යුතුකමක් තියෙනවා ඒ වගකීම් කියන දේවල් ටික මගේ තාත්තා වෙනුවෙන් හරිහැටි ඉෂ්ට කරන්න... ඒත් ඉතිං කොහෙද .... පඩි පෙලෙන් බහිනකොටම අර රිතික කියන පොල් කොකටුවා අපේ ඉස්සරහට කඩා පැන්නා මදිවට තව ආමි කෑම්ප් එකක් වගේ තියෙන උන්ගේ කැඩට් රූම් එක අස්සෙන් මොනවද ෆයිල්ස් වගේකුත් උස්සගෙන එන්න කියලා අපිව ආපිට හරවලා ඉස්කෝලේ ඇතුලට යැව්වා......

~හීන~[ONGOING]Onde histórias criam vida. Descubra agora