20 වන කොටස

164 19 153
                                    

ඔරලෝසුවේ කටු ඔහේ තමන්ගේ ගමන යනකොට පැය හයකට විතර පස්සෙ දෙයියනේ කියලා මහිම අයියට සිහිය ආවා.......ග්‍රවුන්ඩ් එකේ වැඩ ටික බලලා එන්නම් කියලා ගියපු රිතික අයියයි... ලක්ෂාන් අයියයි ආපිට ආවේ අපි හැමෝටම රෑට කන්න කෑමත් අරගෙන වෙනකොට කොච්චර කරත් අපි හැමෝටම අන්තිමට ඉතුරු වුණේ උන් දෙන්නා විතරයි.......

ප්‍රයිවට් හොස්පිට්ල් එකක් නිසා වෙලාවට කලාවට ඇවිත් යන්න ඕනේ කියලා මෙහෙ නියමයක් තිබුනේ නෑ.....ඉතිං ඒ හින්දම රෑ නවයෙ කනිසමත් පහුවෙනකම්ම අපි හිටියේ මහිම අයියව ඇඩ්මිට් කරලා තිබුණු ඒ රූම් එක ඇතුලට වෙලා එක එක දේවල් ගැන කතා කරන ගමන්...... අයියට සිහිය ආවත් හරි නවෝද් නෙවෙයි එක විනාඩියකටවත් ඌ ගාවින් හෙල්ලුනේ......ඕකා කොහොමත් ඔහොම්මම තමයි.... කොච්චර කුණුහර්ප කිය කිය රට වටේටම ඇහෙන්න කෑ ගැහුවත් නවෝද් මහිමට පණ ඇරලා කියන්න මං නම් අද සහසුද්දෙන්ම වගේ තේරුම් ගත්තා... මුගෙත් තියෙන්නේ හෙන බොරුවනෙ සාන්ත .... දෙපැත්තට වැනි වැනී ඉන්නැතුව මෙතන කැමති නම් කෙලින්ම කැමතී කියලා කිවුවනම් ඉවරනේ මගුල.... එතකොට ඉතිං ඌත් සතුටින් උගෙ මිනිහත් සතුටින් මේක නරඹන  ප්‍රේක්සක ජනතාවත් සතුටින්......

" දැන්වත් මේ ගෙනාපු කෑම ටික කාපල්ලකො බං ....."

" මට නම් දැන් කන්න බෑ ලක්ෂාන්....."

"හරි උඹ මෙතන අබ්බගාතයා කියමුකෝ....දැන් එතකොට සන්දේශයා උඹටත් කන්න බැරිද අහ්....."

" පස්සේ කන්නම් බං...."

" හරි ඒ ඉන්නේ උඹෙ අයියා කියමුකෝ පුතේ.....ඇයි දැන් මේ පොඩි පගයෝ දෙන්නා නොකා ඉන්නේ...ම්ම්ම්..."

" අනේ දෙයියන්ගෙ නාමෙට ඔය හැකර කට පොඩ්ඩක් වහගෙන ඉදහංකෝ ලක්ෂාන්....."

" දෝණි කටපියාගෙන ඉන්න.....මං මේ කතා කරේ අපේ දරු පැටව් දෙන්නට......ඈ මල්ලි දැන් උඹලා දෙන්නටත් මේක කන්න බැරිද..... කන්න බැරි නම් කියහං මට කෑම පහක් වැඩි නෑ හොදේ ......"

" නවෝද් උඹ කන්නෙ නැද්ද බං.... දවල් හරියට කෑවෙත් නෑනේ......"

" මට දැන් කන්න බෑ බං.... උඹලා කාපං......"

" සහස් ඔයාවත් කන්නකෝ....."

" මටත් දැන් බඩගිනි නෑ රෙහාන්.... උඹට බඩගිනි නම් මං කවන්නද...."

~හීන~[ONGOING]Where stories live. Discover now