04 වන කොටස

279 42 102
                                    

ඒ ආවේ මහිම.... ඊයෙ දැකපු වෙලාවේ එයා ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන හිටියට මොකද ඒ කටහඬ කාගෙද කියලා අඳුර ගන්න මට මූණ දකින්නම ඕන වුනේ නෑ... දෙයියනේ මුගේ ලස්සන..... ඊයේ හෙල්මට් දාගෙන හිටියට අද එයා ඒක ගලවලා... ඇත්තටම ලස්සනයි... යකෝ ලංකාවෙ මෙච්චර ලස්සන කොල්ලොත් ඉන්නවද සාන්ත.......මං බලාගෙන හිටියා...... එතන මං හිටියට මොකද මහිමගේ ඇස් එක එල්ලෙම හෙව්වෙ නවෝද්ව වෙනකොට මං බලං හිටියෙ තාලයකට උඩ පහල ගියපු එයාගේ උගුරු ගැටේ දිහා...... එක අතකින් හෙල්මට් එකයි තව බෑග් වගේකුයි අල්ලගෙන හිටපු මහිමගේ අනිත් අත නිදහසේ තිබුනත් ඒ අත් වෙව්ලනවා..... හරියට නිකං කාටහරි ගහන්න හදනවා වගේ ඒ අත මිට මෙලවිලයි තිබුනා.......

" මං ඇහුවෙ මටත් සිගරට් එකක් දෙන්න පුලුවන්ද කියලා....."

එයා කතා කරා... වෙනසක් නෑ.... ඒ වචන වලත් තිබුනේ මහ පුදුමාකාර තරම් අහංකාර කමක් වෙනකොට මං බලාගෙන මගේ හංසයටත් මේ පාර නම් එකසීය ගානටම නැග්ගද කොහෙද....

" අඳුරන්නැති උන්ට පළවන්න මං ගාව සිගරට් නෑ අයිසේ..... තමුසෙට ඕනේ නම් ගිහින් අරගන්න එකයි ඇත්තේ...."

නායිස්.... වෙරි නයිස් මංචි නයිස් නිකං නයිස්...... අම්මපා.... මූට මනුස්සයෙක් එක්ක හිත හොදින් කතා කරන්න බැරි හැටි.... මහිම බලාගෙන හිටියා.....එක වචනයක්වත් නොකියා ඌ බලාගෙන හිටියේ මගේ නැට්ට දිහා වෙනකොට ඒ ඇස් දැනෙන නොදැනෙන ගානට හිනා වුණා.....

" සැරයි.... ඒ වුනාට හුරතල්........."

" මොකක්.... "

මේ පාර නම් ඉස්සර වුනෙ මේ මගේ කට... ඒකා කිව්වේ සැරයි හැබැයි හුරතල් කියලා නේද යකෝ.... මේ.....මේ මෙයා එන පොට නම් එච්චර සෙට් නෑ සාන්ත......එච්චර නෙවෙයි කොහොමටවත්ම සෙට් නෑ... අයියෝ කාගෙද අනේ මේ අයියා මලෝ ඩබල ......"

" රෙහාන්... බයික් එක ගනිං දැන් රෑ වෙලා......"

අතේ තිබ්බ සිගරට් එක කාණුවට විසික් කරපු නවෝද් ඊලග පාර මට බයික් එක ගන්න කියලා කියනකොට මං බලාගෙන අරූගේ මූණ නිකං දාහට අරං සීයට දීපූ පොලී කාරයෙක් හා සමානවම වෙනස් වෙච්ච අපූරුව.....

"පොඩ්ඩක් ඉන්න රෙහාන්..... සහස් අතන බලාගෙන ඉන්නවා.... පොඩ්ඩක් ගිහින් බලලා එන්න.........."

~හීන~[ONGOING]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin