~හීන~[ONGOING]

By _Eilyy_

10.8K 1.5K 5.5K

" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව... More

01 වන කොටස
02 වන කොටස
03 වන කොටස
04 වන කොටස
05 වන කොටස
06 වන කොටස
07 වන කොටස
08 වන කොටස
09 වන කොටස
10 වන කොටස
11 වන කොටස
12 වන කොටස
14 වන කොටස
15 වන කොටස
16 වන කොටස
17 වන කොටස
18 වන කොටස
19 වන කොටස
20 වන කොටස
21 වන කොටස
22 වන කොටස
23 වන කොටස
24 වන කොටස
25 වන කොටස
26 වන කොටස
27 වන කොටස
28 වන කොටස
29 වන කොටස
30 වන කොටස
31 වන කොටස
32 වන කොටස
33 වන කොටස
34 වන කොටස
35 වන කොටස
36 වන කොටස
37 වන කොටස
38 වන කොටස
39 වන කොටස
40 වන කොටස
41 වන කොටස
42 වන කොටස
43 වන කොටස
44 වන කොටස
45 වන කොටස
46 වන කොටස
47 වන කොටස
48 වන කොටස
49 වන කොටස
50 වන කොටස
51 වන කොටස
52 වන කොටස
53 වන කොටස
54 වන කොටස
55 වන කොටස
56 වන කොටස
57 වන කොටස
58 වන කොටස
59 වන කොටස
60 වන කොටස
61 වන කොටස
62 වන කොටස
63 වන කොටස
64 වන කොටස
65 වන කොටස
66 වන කොටස
67 වන කොටස
68 වන කොටස
69 වන කොටස
70 වන කොටස
71 වන කොටස
72 වන කොටස
73 වන කොටස
74 වන කොටස
75 වන කොටස
76 වන කොටස
77 වන කොටස
78 වන කොටස
79 වන කොටස
80 වන කොටස
81 වන කොටස
82 වන කොටස
83 වන කොටස
84 වන කොටස
85 වන කොටස
86 වන කොටස
87 වන කොටස
88 වන කොටස
89 වන කොටස

13 වන කොටස

148 20 170
By _Eilyy_

" මං ඇවිල්ලා ඉන්නේ මාමේ... ඔයාලා ගේට් එක ගාවට එන්න....."

හොස්පිට්ල් එක ලගට ආපු ගමන්ම මං මාමාට කෝල් කරලා එතනින් එලියට එන්න කියලා කිව්වා...... වොලට් එක ගන්න කියලා ගෙදරට අඩිය තිබ්බ විනාඩි දෙක තුනට ආපිට මං ගෙදරින් එලියට බැස්සෙ මගෙ හිතත් හොඳටෝම රිද්දගෙන වෙනකොට මං බය වුනේ මගේ මාමා ගැන... මොකද පොඩි කාලේ ඉදලම එයා මගේ පුංචිම වෙනස් වීමක් පවා අඳුර ගත්ත එකේ මේ දැන් තියෙන මූණ දැක්කොත් නම් නැන්දගෙ ලෙඩ පැත්තකින් තියලා මාමා ගිහින් මගේ තාත්තත් එක්ක මරා ගන්නවා කියන්න මං හොඳාකාරවම දැනගෙන හිටියා..... ඉතිං ඒ හින්දම මං මවාගත්තු හිනාවක් මගේ මූණට ආරූඩ කරගෙන කැබ් එකෙන් එලියට බැහැලා බලාගෙන හිටියේ ඉස්පිරිතාලේ ගේට්ටුව දිහා.... ඔය එන්නේ අපේ රන්දිලු...අනේ මගේ මාමා පොඩ්ඩක් කෙට්ටු වෙලාදත් මන්දා......

" මාමේ......"

මං පැනපු ගමන්ම කරේ මගේ මාමාව බදා ගත්ත එක... ඉස්සර නම් දුවගෙන ලගට ගියාම මාමා මාව උස්සලා කරට ගන්නවා... ඒත් ඉතිං කාලෙත් එක්ක අපේ කරදඩු උස් මහත් වෙද්දී එයාලගේ අත පය වාරු නැතිව යනකොට අර පරණ පුරුදු වලට තිත තියලා අකමැත්තෙන් වුනත් අපිට යතාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ....

" කොල්ලො.... උඹ තවත් උස ගිහින්ද මන්දා රෙහාන්......."

" ම්ම්......."

වෙනසක් නෑ මං තාමත් හිටියේ මාමාගේ පපුවට තුරුල් වෙලා.... මොනවා වුනත් මෙච්චර වෙලාම මගෙ හිතේ ඇවිලිච්ච ගින්දර තත්පර ගානකට හරි නිවලා දාන්න මගේ මාමාගෙ උණුහුමට පුලුවන් වුනා.......

" ඉතිං කොහොමද නැන්දේ... දැන් ඔයාට අමාරුවක් නෑ නේද... "

" නෑ පුතේ... මේ මාමා නිකාං බොරුවට බය වෙලා තකහනියක්ම මෙහෙ දුවගෙන ආවනේ........."

මං මාමාගෙන් අයින් වෙලා එයාගේ අතේ තිබුණු බෑග් මල්ල අතට ගත්තා.... මං හිතන්නේ ඉස්පිරිතාලෙං කරපු ටෙස්ට් වල රිපෝට්ස්ද කොහෙද.......වෙනසක් නෑ ඒ ආදරේ එහෙම්මමයි.... අවුරුදු ගානක් පුරාවටම මාමා නැන්දට දීපු ආදරේ එක අංශු මාත්‍රෙකවත් අඩුවක් නොවෙන්නම එයා තාමත් හරි ලස්සනට මගේ නැන්දා වෙනුවෙන් ඒ ආදරය පරිස්සම් කරන ගමන් හිටියා... එක අතකට මගේ මාමා වගේ කෙනෙක් ලබන්නන් නැන්දා හුගක් වාසනාවන්තයි......

" නගින්න මාමේ...අන්න අරහෙ නවොදයා ඔයාලා එනකං කෑමත් උයාගෙන බලං ඉන්නවා......"

" ඈ බං කොල්ලො.....ඕව්වා කාලා අපිට ආයෙත් මේ ඉස්පිරිතාල ගානේ රිංගන්න වෙයිද බං......"

" නිකං ඉන්න රන්දිළු....ඒ කොල්ලට ඔයාට වඩා හොඳට කෑම බීම හදන්න පුළුවන්......."

" මිනිහව කැපුනා....... කොහෙවත් ඉන්න පුතෙක් නැන්දට ලොකු වුනා.... කමක් නෑ බං... මෙව්වා අපිට හොඳ පාඩම්....."

මාමා කියපු කතාවට මේ මටත් හිනා ගියේ අද උදේ අරූ හදලා තිබුණු උගෙ පැස්ටා එක මතක් වෙච්ච නිසයි...... අනේ මන්දා හිතට සැනසීමක් ගේන මිනිස්සු ළග ඉන්නකොට තමයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා අපේ හිත් වලට වුනත් දැනෙන්න පටං ගන්නෙ..... මාමායි නැන්දයි පිටිපස්සෙන් කැබ් එකට නගිනකොට මං අර බෑග් ටිකත් උස්සගෙන කැබ් එකේ පැසෙන්ජර් සීට් එකෙන් ගිහින් වාඩි වුනා..... දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ... අපි කෙලින්ම ගියේ නවෝද්ගේ ගෙදරට... සමහර විට දැන් අර දෙන්නත් එහාට ඇවිල්ලා ඇති...

පැයක විතර ගමනකට පස්සේ අපි දෙහිවල තිබුණු නවෝද් ගෙ ගෙදරට ආවා.........මාමායි නැන්දයි කැබ් එකෙන් බැහැලා ඇතුලට යනවත් එක්කම මං ඌබර් එකේ හයර් එක දීලා ආපහු නවෝදයගෙ මාළිගාවට අඩිය තියන්න හැදුවා විතරයි.......හුටා අමතක වුනා නේද.... අරූ කිව්වත් වගේ දවල්ට කන්න නැතත් මෙතන අයිස් ක්‍රීම් එක නම් අනිවාරෙන්ම ෆ්‍රිජ් එක ඇතුලෙ තියෙන්න ඕනේ.....ඒ ආපු වේගෙටම මං අනිත් පැත්තට අයිස්ක්‍රීම් හොයන්න දුවනකොට අපේ රන්දිළු මාව නවත්ත ගත්තා.....

" කොහෙද බං මේ ආපු ගමන්ම දුවන්න හදන්නේ....."

" මාමේ මං ආපිකෝ එකට ගිහින් එන්නම්....ඒ නවෝදයා මං උඹේ බයික් එක ගන්නවා හොදේ......"

" එල එල හෙමීට පලයං....."

අයිස් ක්‍රීම් එක අමතක වෙච්චි මං ආපිට ඒක ගේන්න කියලා ආපිකො එකට දුවනකොට මං බලාගෙන සාලෙට වෙලා මහිම මැගසින් එකක් බල බල ඉන්නවා...අනේ ඒ කියන්නේ අද සහස් එයත් එක්ක ඇවිල්ලා නැද්ද......දුකයි......ඒ වුනාට ඉතිං මං මොනවා කියලා කරන්නද.... ඇරත් එන්න බැරි නම් මට බලෙං ගෙන්න ගන්නත් බෑනේ..... අනිත් එක මං මොකටද නිකං කාගෙවත් පස්සෙන් වැදගෙන යන්නේ... සහස් නාපු එකට ඌට හිතින් දෙහි කපන ගමන්ම මං නවෝද්ගේ බයික් එකත් අරගෙන එතනින් එන්න ආවා......

හම්බෝ... මේක අස්සෙ අද පුදුම විදියට සෙනග පිරිලනේ... හරිනේ ඉතිං අද ඉරිදනේ....... ඒක තමයි මේක නිකං අර ඉරිදා පොල වගේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැති වෙන තරමටම අද මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නේ.......ආපු ඒමට මොන අයිස්ක්‍රීම් එකද ගන්න ඕනේ කියලා හිතාගන්න බැරි වෙච්ච මං ජාති හතරෙන් අයිස්ක්‍රීම් ටින් හතරක්ම අරගත්තා... මොකද මං ආස චොකලට් වලට අරූ ආස වැනිලා වලට... ඒ අස්සේ අපේ මාමා කන්නෙ ෆෘට් ඇන්ඩ් නට් එක විතරයි.....මෙතනට අඩු ඉස්ටෝබෙරි ෆ්ලේවර් එක විතරක් හින්දා මං ඒකත් උස්සගෙනම ඇවිත් කැෂියර් එකට යන්න තිබුණු පෝලිම අස්සට රිංග ගත්තා... දැන් ඉතිං ඉදපංකෝ අර අක්කා නැලවි නැලවි ඔය බඩු ටික බිල් කරනකං......

මං බලාගෙන හිටියා විනාඩියක් දෙකක්... නෑ විනාඩි පහක්...දහයක්... ඔන්න හරියටම විනාඩි පහළවකට විතර පස්සේ මගේ වාරේ උදා වුනා... ඉක්මනට ඕක පැක් කරලා දීපං අක්කෙ.... අයිස්ක්‍රීම් කන්න නෙවෙයි දැන් බොන්න තමයි වෙන්නේ....

පැය භාගයක් විතර කිට්ටු වෙන්න එනකොට මං අයිස් ක්‍රීම් ටිකත් උස්සගෙන මගේ දෙවෙනි ගෙදරට ගොඩ වුනා.....කතා කරලා වැඩක් නෑ අප්පා.....සක්කිලි පඩි අරං වගේ.... මුන්ගේ කටවල් වල සද්දේ අර මහ පාරට හිටං ඇහෙනවා...ඔක්කොටම හපං මේ මහිමයගේ කටහඬ... අපිත් එක්ක තමයි මූට වචනයක් දෙකක් කතා කරගන්න බැරි.....ඒකට මගේ මාමා එක්ක නම් මූ නොකියපු මගුලක් නැද්ද කොහෙද.... සපත්තු දෙක ගලවලා ගේ ඇතුලට හොම්බ දැම්මා විතරයි අනේ කියන්න සතුටුයි මගේ මූණ ඉස්සරහටම මුලිච්චි වුනෙ අර හිමාල කටුස්සගේ සෙක්සි ෆිගර් එක........ඒ කියන්නේ සුදු තාත්ති ඇවිල්ලා...... හිත ඇතුලෙන් කොච්චර සතුටු වුනත් අර උද්දච්ච කමත් එක්ක තාම මගෙ පලිය අරගෙන ඉවර වුනෙ නැති හින්දම මං කරේ පුලුවන් තරම් සහස්ව මග ඇරපු එක..... ඒකටත් හරියන්න ඒ යකාත් ආසාවට එක වචනයක් මාත් එක්‌ක කතා කෙරුවේ නෑ.... උද්දච්ච කොකටුවා

" අහ් උඹ ආවාද....."

" ම්ම්......මේ අයිස්ක්‍රීම් ටික........".

'' ෆ්‍රීසර් එකෙන් දාපං.... අහ්....උඹෙ බීම එකත් ඔය යට තට්ටුවේ ඇති... ඒකත් අරගෙනම වරෙං......."

" ම්ම්....."

සෝෆා එකේ වාඩි වෙලා හිටපු නවෝද් මගේ බීම එක ගැන කියද්දී මං බලාගෙන සහසුත් ගිහින් මහිමට එහා පැත්තෙන් හෙමීට ඉදගත්තා.......... ඒ වුනාට මට නම් ඔතනට යන්න බෑ සාන්ත.....

"රෙහාන්...."

" ඕ......"

" මොනවද බං කුස්සියට වෙලා කරන්නෙ......"

අම්මපා මට මූට දෙන්න හිතෙනවා බීපු රන් කිරි ටික ආපිට කටින් වමාරන්නම..... කට පියාගෙන ඉන්න බැරි නම්....... ආයිෂ් එක්කොත් කතා කරලා වැඩක් නෑ.... මූ ඇවිත් තියෙන්නේ මේ මාවම කන්න තමයි... මිත්‍ර ද්‍රෝහියා.......

" කොල්ලො......"

" කියන්න මාමේ......"

දැන් ඉතින් වෙන විසදුමක් නැති හින්දම මං මගේ බීම එකත් උස්සගෙන ෂේප් එකේ සාලෙට රිංගුවා.....

" කොහෙද බං මේ ආපු වෙලාවේ ඉදන් එහෙ මෙහෙ දුව දුව ඉන්නේ.... "

" අහ් නෑ මාමේ.... මං මේ අයිස්ක්‍රීම් ටික දාන්න ගියා......."

" ඒක නෙවෙයි රෙහාන්.... මේ ලමයි දෙන්නා කවුද....."

" අහ් මේ... අපි අඳුරන දෙන්නෙක් මාමේ......"

" සිරාවට.... මං නම් හිතුවේ නෑ උඹලා දෙන්නා මේ කපේට තව යාලුවෝ හොයාගනී කියලා....."

" ඇයි මාමේ එහෙම කියන්නේ........"

අම්මපා මේ මහිමයා අද පුදුම කැටයමක්නේ යකෝ දාන්නේ... අම්මෝ අම්මෝ....මු තරම් අහිංසකයෙක් මෙතන නෑ හරිද .... අපි ඔක්කොම අංගුලිමාලලා.... මූ විතරයි අහිංසක.....

" ඇයි කියලා අහන්නේ පුතේ මුන් දෙන්නා ඉන්නේ නිකං චාල්සුයි එඩ්වඩුයි කියලා හිතාගෙනනේ.... දන්න කාලෙක ඉදන් මුන් දෙන්නා වෙන මිනිස්සු එක්ක කතා බහ කරන්නේ නෑ.... ඇයි ඉතිං රාජකීය ලේනේ මුන්ගේ ඇගවල් වල දුවන්නේ......."

"මාමේ...... !! "

අනේ ඉතින් ඔහොම රෙදි ගලවන්න පව් නැද්ද රන්දිළු....අර අර මහිමයා අපිට පුපෙනුත් එක්ක හිනාවෙනවා සාන්ත.......ඒ මදිවට අර කටුස්සත් මහ කින්ඩියට මං දිහා බලාගෙන හිනා වෙනවා....

" ඉතිං ඔය ලමයි දෙන්නා ගැන කියන්නකෝ.."

" මේ ඉන්නේ මහිම මෙයා මේ පාර එක්සැම් එක ලියනවා... එතකොට අර ඉන්නේ ........"

" දැන් මං උඹෙන්ද ඇහුවේ අහ්.....ඇයි මුන් දෙන්නට කතා කරගන්න බැරි කමක් නෑනේ නවෝද්...... උඹ පැහෙන්නැතුව ඉදපංකෝ..... කියහං පුතේ...."

හොඳ වැඩේ හංස පූට්ටුවට.....නිකාං දෙන්න ගිහින් මෙතන බොරුවට නෝන්ඩි වෙනවා.....

" මගේ නම මහිම..... මේ ඉන්නේ මගේ මල්ලි සහස්... අපි දෙන්නම මේ පාර එක්සැම් ලියනවා මාමේ... මෙයා නම් කරන්නේ ටෙක්.... මං කරන්නේ ආර්ට්ස් සබ්ජෙක්ට්ස්..."

සුන්දරයි අරූ ලස්සනට උන් දෙන්නගේ ජාතකේ දිග අරිනකොට මං බලාගෙන අපේ මාමාත් නිකං බලාගෙන හිටියේ තමන්ගේ දුවට මනමාලයා බලන්න ඇවිත් ඉන්න එකාගෙන් ප්‍රශ්න කරනවා වගේ වෙනකොට අනේ කැත නැතුව අර සහස් ගොබ්බයත් හිනා වුනොත් උගෙ මූණට රිදෙයි වගේ හිනා නොවී බැරි කමට උගෙ කට පොඩ්ඩක් එහා මෙහා කරලා මගේ මාමාත් එක්ක හිනා වුනා.........

"උඹලත් යන්නේ මුන්ගේ ඉස්කෝලෙටමද පුතේ....."

" නෑ මාමේ අපි යන්නේ වෙන ස්කූල් එකකට .........".

" ම්ම්.....එතකොට දැන් උඹලා හොඳම යාළුවොද .........."

" අයියෝ දැන් ඇති රන්දිලු... ඔච්චර ප්‍රශ්න අහන්නේ මොකෝ මේ අපි කවුරුත් මෙතන වැරද්දක් කරලා නෑනේ අනේ....... නැද්ද රෙහානයා..."

" ඒකනේ......"

නවෝදයා කියපු කතාව සීයට දෙසීයක් ඇත්ත....යකෝ අපේ මාමා නිකං මුන් දෙන්නගෙන් ප්‍රශ්න කරන්නේ හරියට අපේ තාත්තා උසාවි කූඩුවේ ඉන්න උන්ගෙන් ප්‍රශ්න අහනවා වගේනේ... ඇයි මේ... මං නැති ටිකට නවෝදයා මෙතන ගම කාගෙනවත් ද.....නෑ වෙන්න බෑ... ඌට මට වඩා හොඳට මොලේ තියෙනවනේ...එහෙනම් මොකද මේ මාමා හැරෙන හැරෙන පැත්තට මුන් දෙන්නගෙන් ප්‍රශ්න අහන්න තියාගත්තේ......

" උඹ කට පියාගෙන ඉදපංකෝ... ඈ රෙහාන් උඹලා හතරදෙනා දැන් හොඳම යාළුවොද.........."

" නෑ....."

" ඔව් ......"

ඔය කරේ ඉතිං... මං ගත් කටටම නෑ කියනකොට අර පරයා පොල් බූරුවෙක් වගේ මෙතන ඔව් කියලා තව ඔළුවත් වැනුවා......

" හරියට එකක් කියපං ඔව්ද නැද්ද......"

" ඔව්....."

" නෑ......"

ආයෙමත් ගම කෑවා......

" මොනවද බං මේ... ආ නවෝද්... උඹලා යාලුවෝ නම් ඇයි මේ අපේ එකා නෑ කියන්නේ...."

" ඒක ඉතිං ඔයා එයාගෙන් තමයි අහගන්න ඕනේ මාමේ... අපි යුලුවෝ තමයි එච්චරයි....... ආයේ කතා දෙකක් නෑ...."

" නවෝද් උඹ මගේ පැත්තෙද එහෙම නැත්තං මුන් දෙන්නගෙ පැත්තෙද අහ්......."

"මොකද කොල්ලො මේ......."

ඔන්න ඉතින් මට ආයෙමත් නැග්ගා.... අනේ මන්දා මගේ හෝර්මෝන වල අවුලක්ද කොහෙද... මේ දවස් වල මට හරීයට නගිනවා..... ඒ කිව්වේ මට මල පනිනවා... නැතුව මේ වෙන මගුලක් එහෙම නෙවෙයි.....

" නෑ උඹ කියපංකෝ....උඹ මගේ යාලුවද එහෙම නැත්තං....."

" නවත්තපං මෙතන පොඩි උන් වගේ මරාගන්න තියාගන්නැතුව......"

මං එතනින් එන්න ආවා.........මං බලාගෙන සහස් මං දිහා බලාගෙන හිටියෙ මහ හිස් බැල්මකින්.......

" මොකද බං මේ හොදට හිටපු කොල්ලට එකපාරටම සිද්ද වුනේ..."

" ඌට යකෙක් ගහලා මාමේ... දැන් නෙවෙයි ඊයේ රෑ ඉදලම ඕකට යකෙක් ගහලා හිටියේ......"

" නවෝද් උඹ කට පියාගෙන හිටපං හරිද........"

කුස්සියේ හිටියත් මට එයාලා කතා කරපු දේවල් හොදට ඇහුනා... අරූට ගහන්න බැරි හින්දා ඒ කේන්තියත් පිට වුනේ අහක තිබිච්ච ෆ්‍රිජ් එකේ දොරෙන් වෙනකොට මං අහගෙන නවෝද් ආයෙමත් මට දෙහි කපන්න පටං ගත්තා ...

" ඕක හෙමීට වහපං යකෝ.... උඹේ මගුල් වලට මේ ගෙදර බඩු පලි නෑනේ........"

ඌ කියපු කතාවත් ඇත්ත තමයි......මට හිතුනු හිතුනු වෙලාවට දමලා අත අරින්න මේක මගේ ගෙදර නෙවෙයිනේ...... අතට ගත්ත වතුර වීදුරුවත් මං එහෙම්මම මේසෙ උඩින් තියලා කෙලින්ම උඩ තට්ටුවේ තිබුණු වොෂ් රූම් එකට යන්න හැදුවා විතරයි කුස්සියට එන තැන තිබුණු ඩයිනින් ටේබල් එකේ ඇතුලට වෙන්න ගාල් කරලා තිබුණු පුටුවක මගේ කකුලත් හොදවයින් පාරක් ඇනුනා මදිවට ඒ ආපු කේන්තියට මං ආපිට ඒ පුටුවටත් පයින් ගහගෙනම හැමෝම බලා ගෙන ඉද්දි පඩිපෙල නැගලා උඩ තට්ටුවට එන්න ආවා...... ඇත්තටම මට මේ මොන මගුලක්ද වෙලා තියෙන්නේ...............හිත සතුටින් යන්න ආපු මාමාගේ හිතත් මං අවුල් කරලා දැම්මා......

දෙවෙනි තට්ටුවේ තිබුණු නවෝද්ගේ රූම් එකට ගිහින් මං දොර වහගෙන එහෙම්මම එතන බිම ඉද ගත්තා......මට දුකයි... කෙන්ති... හැබැයි ඒ එයාලා එක්ක නම් නෙවෙයි... ඒ වුනාට ඒ කේන්තිය පිට වෙන්නේ එයාලගෙන්......අනේ ඒක අසාධාරණයි නේද.....මං පළිගන්නෙ මට වචනෙකින් වත් වැරැද්දක් කරලා නැති මිනිස්සුන්ගෙන් වෙනකොට බලාගෙන ඉද්දිම මගේ ඇස් දෙකට මං කදුලු පුරව ගත්තා........මට මං ගැනම මහ කලකිරීමක් ඇති වෙනවා දෙයියනේ.....මේ හැමදේකටම මුල මගේ තාත්තා......ඇයි මේ මනුස්සයා මට මෙහෙම කරන්නේ............. විනාඩියක් දෙකක් මට ඉස්සරහින් තියෙන කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා මං බලා ගෙන හිටියා.....උඹ ඇත්තටම පව්....... සිරාවටම උඹ මහ අසරණ කොල්ලෙක් රෙහාන්.....මට හිතුනේ එච්චරයි... උදේ වෙච්ච සිද්ධිය එක පිට එක මගේ ඔලුව ඇතුලේ පිනුම් ගහනකොට මං කොහොමහරි ඒක අමතක කරලා දානවා කියලා හිතාගෙන ආයෙම වතාවක් නවොද්ගේ කාමරෙන් එලියට ආවා......... එයාලා තාමත් කලින් විදියටම කතා කර කර ඉන්නවා..... වැඩිය කතා නොකරන නැන්දත් එයාලා කියපු හැම දේකටම වගේ කට පුරා හිනා වෙවී මාමාට හේත්තු වෙලා හිටියා...... ඇයි මට හිතෙන්නේ එතනට මම සුදුසු නෑ කියලා...... මං නැති වුනත් ඉතිං එයාලා ඉන්නේ සතුටින් නම් මං හිටියත් එකයි නැතත් එකයි... පඩිපෙල බැහැගෙන මං එතනින් එන්න ආවා... මොකද මගේ ඔලුව පුපුරන්න තරම් වේදනයි.......

" නවෝද් උඹ ගාව පැනඩෝල් දෙකක් ගන්න තියෙයිද....."

" මගේ රූම් එකේ ඇති.... ඇයි ආයෙමත් උඹේ ඔලුව කැක්කුමද අහ්......"

" ම්ම්....."

" උඹ ඕකට බෙහෙත් ටිකක් ගන්නේ නැද්ද කොල්ලො...."

" වැඩක් නෑ මාමේ......මං කී පාරක් ගියාද....උන් කියන්නේ එක්සැම් ස්ට්‍රෙස් කියලා විතරයි....... එතනින් එහාට ආයේ උන්ට ඒ ගැන කියලා වැඩක් නෑ......."

" හොඳ ඩොක්ටර් කෙනෙක් බලලා චැනල් කරොත් මොකද...."

" ඒක ගැන එච්චර හිතන්න ඕනේ නෑ මාමේ....."

" හිතන්න එපා කියන්නේ බං ඕක දැන් මේ අවුරුදු කීයක ඉදන් තියෙන ඔලුවෙ කැක්කුමක්ද අහ්....හොඳ නෑනේ පුතේ....."

" ම්ම්...... එකපාර දහ දොළොස් දාහවල් වියදම් කරන්න මට කොහේ තියෙන සල්ලියක්ද මාමේ....... ඇරත් ඔව්වට මට වියදම් කරන්න කියලා හරි හමං අම්මෙක් තාත්තෙක් ඇත්තෙත් නෑනේ......."

ඒ වචන මගේ කටින් එලියට පනිනකොට නම් මගේ කටහඬ වෙව්ලුවා... ඒක අනිත් අයටත් හොඳට තේරෙන්න ඇති....ඇස් දෙකට පිරුණු කදුලු අනිත් අය දකී කියන බයටම මං මේසෙ උඩ තිබුණු වතුර වීදුරුව ගන්න මුවාවෙන් අනිත් පැත්තට හැරුනා.... දැන්නම් මට කෑ ගහලා අඩන්න ඕනේ අම්මේ.....

" අනේ ඇයි පුතේ උඹ එහෙම කියන්නේ.. මොනදේ නැතත් උඹට නැන්දයි මායි ඉන්නවනේ......"

ඒ වචන මාමා කිව්වේ එයාගේ මුලු හදවතින්ම වුනත් අනිත් ළමයි වගේ මාත් ආසයි මගේම කියලා අම්මෙක් තාත්තෙක් එක්ක එක වහලක් යට සතුටින් ජීවත් වෙන්න........

" මං ඒක දන්නවා මාමේ..... ඒ වුනාට දෙමව්පියෙක්ගෙන් ලැබෙන්න ඕන ආදරේ ඔය කාගෙන්වත් හොයන එකෙන් ඇති වැඩක් තියෙනවද......."

කටින් පිටවෙන වචනයක් වචනයක් ගානෙම කදුලු බිංදුත් මගේ කම්මුල් දිගේ පහලට රූටනකොට මට මතක් වුනේ අද උදේ වෙච්ච සිද්ධිය.........මගේ වොලට් එක ගන්න මං මගේ ගෙදරට ගියපු වෙලාවේ ගෙදරට කවුරු හරි ඇවිල්ලා හිටියා... ඒ නවීන් අන්කල්.... අවුරුදු ගානක් තිස්සේ ඉදන් තාත්තගේ හොදම යාලුවා වෙච්ච කැසිනෝ ක්ලබ් දෙකක අයිතිකාරයෙක්... හැබැයි එයා ඇවිත් හිටියේ නම් තනියම නෙවෙයි.. නවීන් අන්කල්ටත් මගේ වයසෙම වගේ පුතෙක් හිටියා...... හැබැයි ඒ තාත්තගෙයි පුතාගෙයි සම්බන්දෙ දිහා නම් බලං ඉන්න හරි ලෝබයි...... මොකද ලෝකෙට පේන්න අන්කල් මොන වැරැද්ද කෙරුවත් තමන්ගේ ගෑනිට වගේම දරුවන්ට එයා පණටත් වඩා වැඩියෙන් තමන්ගේ ආදරය විදින්න ඉඩ කඩ හදලා දීලා තිබුණා......

පැය කිහිපයකට පෙර

අමතක වෙච්ච වොලට් එක ගන්න කියලා හිතාගෙන මං මගේ ගෙදරට ගොඩ වුනා.... පේන විදියට නම් අද තාත්තගේ යාලුවෙකුත් මෙහෙ ඇවිල්ලා වගේ.....ඕන දෙයක් කියලා මං ගේ ඇතුලට අඩිය තියලා බැලුවා.....ඒ ඇවිල්ලා හිටියේ නවීන් අන්කල්....තනියම නෙවෙයි එයාගේ පුතත් එතන හිටියා.........ශෙවෝන් අල්විස්.... පුංචි කාලේ ඉඳලම මං ඌව අදුරනවා... කියන්න තරම් වරදක් නැති වුනත් මං ඌට එච්චර කැමති නෑ.... කොහොමත් මං පිට එවුන්ට කැමති නෑනේ......එහෙව් එකේ මට මූත් එක්ක කිසි ඇයි හොදැයියක් තියාගන්න ඕනෙත් නෑ......

" ඔහ්.... මේ ඉන්නේ අපේ කොල්ලා... දැන්නම් මුන් අපිටත් වඩා පෙනුමද මන්දා...... හැබැයි මහේන් කොල්ලා නම් උඹ වගේ නෙවෙයි මචං......"

මාව දැකපු ගමන්ම අන්කල් මාත් එක්ක කතා කරා...ඒ වගේම අරුත් මාත් එක්ක හිනා වුනා... හැබැයි මං තාත්තා වගේ නෙවෙයි කියන කොටනම් මං බලාගෙන මගේ තාත්තගේ මූණ කලු වලාකුළකටත් වඩා අඳුරු වෙලා ගියපු විදිය.....මොනවා වුනත් ගෙදර ගිනි පිටට දෙන්න බැරි කමටද කොහෙද ඒ කියපු කතාවට ලෝයර් මහත්තයා ලාවට වගේ ඔලුව වනලා හිනා වුණා..........

" හායි අන්කල්....හායි ශෙවෝන්.... ඔයාලා දැන් ද ආවේ... "

" යෙස් පුතා.......අද ඉතිං නිවාඩු දවසනේ......."

"I'm extremely sorry uncle......I have to do some important business...... තාත්තා එක්ක එහෙනම් කතා කරන්නකෝ....."

" හරි පුතා..."

එතන ඉදගෙන පැල වෙන්නැතුව මං කෙලින්ම මගේ රූම් එකට ගිහින් ඇද යට තිබුණු මගේ වොලට් එකත් අරගෙන එහෙම්මම පහලට බැස්සා......මගුල අර ඌබර් කාරයා මෙතන මැරෙන්න හදනවා... කොච්චර හදිස්සියකින් එලියට යන්න ආවා වුනත් පහල කෑම මේසෙදි සිද්ද වෙන දේවල් දකිනකොට නම් මට පිහියකින් අයිනවා හා සමානව ලොකු වේදනාවක් ඇති වුනත් මං මගේ හැගීම් එලියට නොපෙන්වා ඉන්න හුඟක් උත්සාහ කරා....

අනේ මගේ ආදරණීය තාත්තා අර ශෙවොන් කාරයට එයාගේ අත් දෙකෙන්ම බත් බෙදනවා... ඒ විතරක් නෙවෙයි තව කට පුරා පුතේ කියලත් කතා කරනවා..... බලං ගියාම ඌට තාත්තලා දෙන්නයි...... මෙච්චර අවුරුදු ගානකට මගේ තාත්තා ආසාවට මං වෙනුවෙන් එක බත් කටක් බෙදලා දීලා නෑ.... ඒ කටින් පුතා කියන වචනේ නොකිව්වත් ආදරෙන් හිතට දැනෙන විදියට මගේ නම කියලා කතා කරපු දවසක් ගැන මට මතකයක් වත් ඇත්තේ නෑ.....මොනවා කරන්නද.... පැමිණි දුක් පැණි රසයි කියලා උඹත් උඹේ හිත හදාගනිං රෙහාන්..... එතනින් එහාට උඹට වෙන කරන්න පුලුවන් දෙයක් ඇත්තේ නෑ....

මං පහලට ඇවිත් යන්න ලෑස්ති වුනා.......

" පුතා කාලාද ........"

හරිම සතුටුයි..... මගේ තාත්තා අහන්න ඕන ප්‍රශ්නෙ වෙන එකෙක්ගෙ තාත්තෙක් මගෙන් අහනකොට නම් මට පොලොව පලාගෙන යන්න හිතුනා........

" ඔව් අන්කල්.... ඔයාලා කන්න....මං ගිහින් එන්නම් තාත්තා......මං ගිහින් එන්නම් අන්කල්...... ගිහින් එන්නම් ශෙවෝන්.... Enjoy your day......"

" ම්ම්....."

"Ok ........take care පුතා...."

"Bye Rehan..... Take care......"

මං හිනාවෙලා එතනින් එන්න ආවා.... මොනවා වුනත් අර පිට මිනිස්සු දෙන්නම මට පරිස්සමින් යන්න කියලා කියනකොට මගේම තාත්තගෙන් මට හම්බ වුනේ
"ම්ම්" කියන උත්තරය විතරයි....... මීට වඩා හොදයි එදා මාවත් මගේ අම්මා එක්කම වල පල්ලට ගියා නම්.......

වර්තමානය...

ඇත්තටම තමන්ට ලැබෙන්න ඕන ආදරය සැලකිල්ල තමන්ගේ ඇස් ඉස්සරහම පිට එකෙක් විදිනවා දැක්කම පුතෙක් විදියට ඒ වෙලාවේ මේ මාත් හුඟක් අසරණ වුනා....... ඒත් ඉතිං මං කියලා තව මොනවා කරන්නද.... ආදරේ ඉල්ල ඉල්ල මං උන්ගේ කකුල් ගාව වැටීගෙන හිගාකන්න ඕනෙද......ඒකද උන්ට දැන් වෙන්න ඕනේ.... මට ඇඩුනා........ඇඩුනා නෙවෙයි මෙච්චර වෙලාම මං අඩන්නැතුව ඉන්න උත්සාහ කරා.......

"රෙහාන්..... කෝ මං දිහා බලපං පුතේ........"

මට බෑ...... ඒ පැත්ත බැලුවොත් නම් මට කොහොමටවත්ම මාව පාලනය කර ගන්න බැරි වෙනවා.....

" පුතේ.... මෙහාට වරෙං........"

මං මුකුත්ම නොකියා ඔහේ බලාගෙන හිටියා.........මං හිතන්නේ මාමා නැගිටලා මගේ ලඟට ආවද කොහෙද.......ඒ වගේම මාමා ඇරෙන්න මේ වෙලාවේ වෙන කිසිම කෙනෙක් අපේ කතාවට බාධා කරන්න තරම් ඉස්සර වුනෙ නෑ......

" පුතේ... මං උඹේ මාමානේ රෙහාන්....උඹට මාත් එක්ක කියන්න බැරි දෙයක් නෑනේ කොල්ලො......"

මං තාමත් හිටියේ මාමාට පිටුපාලා..... හැබැයි මාමා මාව එයාගේ පැත්තට හරවගෙන මගේ ඇස් වල තිබුණු කදුලු පිහිදලා දැම්මා...... මං බලාගෙන නවෝද්, මහිම කොටින්ම සහස් පවා මං දිහා බලාගෙන හිටියෙ ලොකු අනුකම්පාවකින්..

"මොකද වුණේ පුතේ.... ම්ම්.....උඹ මෙහෙම හැසිරෙන එකෙක් නෙවෙයි රෙහාන්...... ඇයි මේ... මට උඹ ගැන බයයි කොල්ලො...."

" න්....නෑ මාමේ.... මුකුත් නෑ....මං හොදින්....."

" උඹට මෙතන කතා කරන්න බැරි නම් අපි එලියට යමුද...."

" එහෙම දෙයක් නෑ මාමේ.........මං........මං හොදින්......"

" බොරු කරන එක නවත්තපං රෙහාන්...... උඹ හොදින් නෙවෙයි කියලා මං දැන ගත්තේ අර ඉස්පිරිතාලේ ලගට ආපු වෙලාවෙමයි..... මං උඹව පුංචි කාලේ ඉදන් බලාගත්ත එකා.... උඹට මේ මාමාව තම්බන්න නම් ටිකක් අමාරු වෙයි පුතේ......"

මං හිතුවා හරි.... කාව රැවැට්ටුවත් මට මගේ මාමාගේ ඇස් වලින් නම් හැංගෙන්න හුඟක් අමාරුයි....එයා දැනගෙන...... හැබැයි ඒ දැන දැනත් මාමා බලාගෙන ඉදලා තියෙන්නේ මංම ඇවිත් ඒක එයාට කියනකං.....

" මාමේ...."

" ම්ම්.........."

" එක්කො... තාත්තට කියන්න.......මාව දරු කමෙන්......අයිං කරන්න කියලා........."

" අනේ මොනවද පුතේ උඹ මේ කියවන්නේ......."

" මට සලකන්නේ නැතුව එයා... එයා පිට ළමයිට සලකනවා මාමේ....."

" දැන් ඌ එහෙම කරාද අහ්......."

" තාත්තට..... බනින්න එපා මාමේ....."

" අනේ මේ රෙහාන්....... එක්කො මේවා උඹට කියලා වැඩක් නෑ.... මං ඒක මහ එකත් එක්කම විසදගන්නංකෝ...."

මාමා එයාගේ අත් දෙකෙන්ම මගෙ කදුලු පිහිදාන්න පිහිදාන්න ආයෙ ආයෙම ඒ කදුලු අලුත් වෙනකොට මං දැක්කෙ අත් දෙකත් මිට මෙලවගෙන මං දිහා බලාගෙන හිටපු සහස්ව....එයා දුකෙන්ද...... එහෙමත් නැත්නම් කේන්තියෙන් ද.... අනේ මන්දා මට මේ වෙලාවේ ඒ මුණෙ තිබුණු හැගීම් කියවන්න තරම් ලොකු උවමනාවක් තිබුනේ නෑ......

" ඇයි මාමේ හැමෝම මෙච්චර නපුරු....."

"අනේ කොල්ලො.....උඹ කවදාවත් මේ විදියට වැටිලා නෑ මගේ පුතේ...... ඇයි මේ....... අහ්.... මට උඹ මේ විදියට ඉන්නවා බලං ඉන්න බෑ රෙහාන්......"

" මං .......මං දන්නේ නෑ මාමේ..... ආදරේ ඉල්ලන්න ඉල්ලන්න ඇයි එයාලා එක වැරැද්දක් අල්ලගෙන අපෙන් පලි ගන්න හදන්නේ......"

මං ඒ ප්‍රශ්නෙ ඇහුවේ මගේ මාමාගෙන් වුනාට මගේ ඇස් දෙක නම් ඒ ප්‍රශ්න ඇහුවේ මගේ සහස්ගෙන්......ඒ හිත ගැස්සුණා..........මෙච්චර වෙලාම මිට මෙලවගෙන හිටපු අත් ටිකෙන් ටික ලෙහෙනකොට දැන් නම් ඒ ඇස් වලින් මං දැක්කෙ අර ආදරණීය සහස් කියන ප්‍රේමවන්තයව........

" එක අතකට මං ඔයාලා දෙන්නා ළග ඉපදුනා නම්......අද මං තරම් සතුටින් ඉන්න පුතෙක් මේ මුලු ලෝකෙටම නොහිටින්න ඉඩ තිබුණා මාමේ....."

මේ පාරනම් මට ඉකි ගැහිලම ඇඩුනා... මං මගේ මාමාගේ පපුවට තුරුලු වෙලා හිතේ තිබිච්ච දුක සේරම දියවෙලා පලයං කියලා කෑ ගහලා ඇඩුවා......මං හිතන්නේ මාමාත් අඩනවා.... ඒ උරහිස් පවා ගැස්සෙනවා... ඒත් එක්කම මට ඇහුනේ මගේ නැන්දගෙ කටහඬ........

" උඹ අපි ගාව ඉපදුනේ නැති වුනාට මෙච්චර කාලෙකට මට හිටියේ එකම එක පුතෙක් විතරයි රෙහාන්..... .ඒ උඹ.... ඒ හින්දා ආයෙමත් ඔය වගේ කතා කියලා අපිට රිද්දන්න එපා රෙහාන්....මොකද කවුරු නැති වුනත් උඹට මේ නැන්දයි මාමායි පණ ඇරලා ආදරෙයිනේ පුතේ......"

මට මේක වාවගන්න බෑ දෙයියනේ..... එක අතකට මං සතුටුවෙන්නද එහෙම නැත්තං මං දුක් වෙන්නද...... මොනවද මං කරන්න ඕනේ.... හැබැයි දැන් නම් මට ඕනේ අඬන්න.......මොකද තවත් හිර කර ගෙන හිටියොත් එක්කෝ මං පිස්සෙක් වෙයි.... එහෙම නැත්තං මං මිනීමරුවෙක් වෙයි......














♥️♥️

Continue Reading

You'll Also Like

10.9M 252K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
828K 63.5K 36
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
736K 60.8K 33
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
3.8M 161K 62
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...