පට්ට කලුවරේ මට අද නින්දක් තිබ්බෙම නෑ. හේතුවකට අහේතුවකට මම මගෙ ගාව ගුලි ගැහුන පූසා දිහා බලාගෙන හිටියා. මට අද එයා තාත්තා කෙනෙක් කියන දේ දුන්නා. ඉතින් මම හිටියෙ ගොඩක් සතුටින්. රෑ එළිවෙන පාන්දර වුනත් ඒක සතුටක් වුනා. හිතට බරක් දැනෙන්නෙ නෑ කියන්නත් බෑ. ස්පේශලි ඩැඩාගෙ ගිෆ්ට් ගැන...
"හලෝ..."
"කියන්න විශු..."
"උඹ ඔන්ලයින් නැද්ද?"
"නෑ... ඩේටා ඕෆ්..."
"ම්ම්ම්... කොහෙද ඉන්නෙ."
"උඹ මාව එව්ව තැනම තමා..."
"මම ලොකේශන් එකක් දාන්නම් ඉක්මනින් වරෙන්..." විශු කලඹලෙන් කියලා ෆෝන් එක තිබ්බා.
මොන මගුලක්ද? මට නම් දාලා යන්න බෑ. මේ මනුස්සයා තාමත් පූසෙක් වගෙ ගුලි වෙනවා. ඉතින් කොහෙද මම යන්නෙ. එත් විශුව අහක දාන්න බැරි කමටම ලිහපු ඇදුම් ඇදගෙන එයාගෙ ගිෆ්ට් එකත් කා එකට දා ගෙන මම විශි එව්ව ලෝකේශන් එකට ගියා. විශේශ තැනක් නෙවේ ඒ. පානදුරේම හොටෙල් එකක්... හොටෙල් එකකට වඩා ගෙස්ට් එකක් වගෙ.
"උඹ ආවා..."
"මොකො බං... මොකද සීන් එක..."
"අපි යමු රූම් එකට..."
"මොකද බං..."
"දගයෝ... කියන දේ කරපන්..." මොන මරාලයක්ද මං දන්නෙ නෑ වැටෙන්න යන්නෙ. කෝකටත් මම රෙඩි වුනා.
"මොකක්ද බං වුනේ..."
"ඩේටා ඕන් කරපන්..." විශු කියද්දි මම ගැහෙන අත් වලින් ඩේටා ඕන් කරේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වේලාවක.
ටුවිටර්, fb හැම සෝශල් මීඩියා එකෙන්ම එක දිගට මට මැසෙජ් එනවා. නොටිෆි එනවා. මම විශු දිහා බැලුවා.. ඩැඩා ප්‍රෝපෝසල් එකක් ගෙනත්වත්ද?
"විශු මට ඕපන් කරන්න කලින් මොකක්ද කියලාවත් කියපන්..."
"පොඩ්ඩක් බලපන් මල්ලි.... පිලිස්..." විශුගෙ හඩ නිසාම මම මුලින්ම බරපතල නැති වෙන්න කියලා ටුවිටර් ඕපන් කරා...
මගෙ මුලු වෝල් එකෙම එක එක ටුවීට්... කෞෂි මැරුවේ ඇයි? සිව් වසරකට පසු හෙළි වූ මරණය... ළමයෙක් හම්බෙන්න හිටිය කෙල්ලව මරපු නරුමයා අජන්තගෙ දෙවෙනි පුතා.. හැම තැනම හැමතැනම මගෙ නමට ගාවලා ටුවීට් ගොඩක්. මම විශුවගෙ මූණ දිහා බැලුවා. අනුකම්පාව මූණ පුරාම පුරවගෙන විනාඩියක් මගෙ දිහා බලන් ඉදලා මට විඩීයෝ එකක් දුන්නේ...
එකෙ හිටියෙ පොඩි මාමා... පූස්ගෙ ගෙදර හිටිය. අපේ සෙරමනි එකට ඇවිත් කෑ ගහලා හිටිය මිඩීයා කාරයෝ ඉස්සරහා විශුව අල්ලන් කෑ ගහලා.
"දැන් සතුටුද? මගෙ කෙල්ල මරලා වෙන එකෙක්ව ඇතුලට දාලා උඹලා මෙතන ජොලි කරනවා නේද?"
"පේනවද මූන් පොරවන් ඉන්න ඇත්ත මූණු සල්ලි වලින් යට වෙලා... මගෙ අහිංසක කෙල්ලයි කොල්ලයි පාඩුවේ හිටියා මූ අපේ සුව අරණට එන්න කලින්... මූ ඇවිත් ඔක්කොම විනාශ කරා... මූ මගෙ කෙල්ලවයි, මල්ලිකා වෙද නෝනාවයි මැරුවා. මේ අවිනාශ් කියන එකා ඇතුලේ ඉන්නෙ සතෙක්... එත් ඇතුලෙ ඉන්නෙ සල්ලි වලින් කට වස්සපු පොඩි කොල්ලෙක්. මූන් අපිව විනාශ කරා සහස් පුතේ..." කියලා අඩනවා. අපේ ඩැඩාගෙ බොඩිගාර්ඩ්ලා ඌව එළවන්න බලන බලන පාරට මිඩීයා එකෙන් ඌට ලං වෙනවා. ඩැඩා එතන තිතට හිර වුනා වගෙ. හිගන්නෙක්ගෙ සීන් එකෙන් මිනිහා ආවේ. පිස්සු සීන් එකෙන්. ඕක අනිවා පිස්සු කේස් ගොඩට දාලා ඩැඩා ප්‍රශ්නේ විසදන්න බලයි. ඇත්ත නම්
"මට අමතක වුනා පොඩි මාමා කෝ කියලා අහන්න.." මම තොල් මැතිරුවා. මම ඉන්නෙ බය වෙලා ඒක ඇත්ත. අවුරුදු ගානකට පස්සෙ ඇයි මේවා එළියට එන්නෙ. මම අලුතින් ජිවිතේ පටන් ගන්න හදද්දිම ඇයි මගෙ ජිවිතේ කඩලා බිදලා දාන්නෙ.
"ඌ මෙච්චර කාලයක් හිටියෙ කොහෙද? ශාලුක දන්නවා ඇති... අහපන් ඕකාගෙන්.." විශුත් කලබල වෙලා. මම තරමට. නෑ මට වැඩිය.
"එත් විශු..."
"දැන් කියන්න එපා. ඌ දන්නෙ නෑ... ඌව ගාවගන්න බෑ කියලා."
"ඒ රෙද්දක් නෙවේ බල්ලො... පොඩි මාමා කියන එකා දැනන් හිටියෙ එක විදු කෙනෙක්ව විතරයි. මල්ලිකා ඇක්සිඩන්ට් වෙනකල්ම. මාව හරියට දැනන් හිටිය එකම කෙනා පූස් විතරනෙ."
"මට කියන්න එපා... මේවා කරන්නෙ ඒ මිනිහා කියලා."
"කොයි මිනිහද?"
"ශාලුක..."
"පිස්සුද මනුස්සයෝ... ඌට ඕක එහෙනම් ඔයිට කලින් කරන්න තිබ්බා. අනික දැන් එයා දන්නවා මම නෙවේ ඇක්සිඩන්ට් එක කරේ කියලා.."
"අනේ මේ උඹේ ඔය මගුල් විශ්වාසෙ නවත්තපම් බං... දැක්කනෙ ජුන්ඩා කෙලවපු විදිය අවුරුදු 27ක් එකට ඉදලත්." විශු කියද්දි මට සැක හිතෙනවා පොඩ්ඩක්. එත් ඇයි දෙයියනෙ මේක අදම වුනේ...
"මේ අහපන් දැන් ඩැඩා කියන දෙයක් කරනවා ඇරෙන්න ඉස්සරහට යන්න හදන්න එපා.. වෙන දේ බලන් ඉමු."
"මට ඕනේ නෑ ආයෙත් හැංගෙන්න... මොන මගුලක්ද? එදාම මේවා විසද ගත්තා නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ..." මම කාමරෙන් එළිය බලාගෙන කිව්වා. දැන් නම් එළිය වැටෙන්නත් කිට්ටුයි. මම බලන් හිටියා කොයි වේලාවක හරි පූස්ගෙන් කෝල් එකක් එනකල්. මට දැන් කාවවත් විශ්වාස නෑ... මේවා ඇතුලේ ඉන්න එකාව හොයාගන්න කල් මට නින්ද යන්නෙ නෑ...
"විශු..."
"ම්ම්ම්ම්..."
"මම පූස්ව හම්බෙන්න ගිහින් එන්නම්.."
"ඩැඩා යවයි කියලා හිතෙනවද?"
"මොකක්ද?"
මම දොර ඇරගෙන යන්න හදද්දි මාව ඇතුලට දැන්මේ ඩැඩාගෙ ගෝල බාලයෝ. මම විශු දිහා බැලුවේ වේදනාව හිර කරගෙන.
"මොකක්ද බං මේ කරේ."
"උඹ ආදරේන් අන්ධ වෙලා මෝඩ වෙලා... මට කොහොමත් ඔය මිනිහව විශ්වාස නෑ..."
"විශු... ඔයාට මොකක් වෙලාද?"
"අර මිනිහා කෑ ගැහුව වේලාවෙ ඉදන් එක විනාඩියක් උඹව ඌ ළඟ තියන්න මට හිතෙන්නෙ නෑ... අනික දැන් ඩැඩා කරන දේකට ඉඩ දෙමු." මගෙ බෙල්ලට වෙන්නම ෂර්ට් එකෙ බටන් දාලා විශු කිව්වා. එයා දැනන් හිටියා වගෙ ඩැඩා දැන් එයි කියලා.
"මට රස්නෙයි... මට යන්න දීපන්...." මම කෑ ගහගෙන විශුවාව ඇදට තල්ලු කරලා දැන්මා. අනේ ඩැඩා මගෙ දරුවටයි, පූස්ටයි මුකුත් කරයිද? හිතම ගිනි ගන්නවා...
"දගයෝ..." ඩැඩාගෙ කේන්තිය පිරුණ රතු ඇස් මගෙ ඉස්සරහා තියෙද්දී මම එයා දිහා බැලුවා.
"ඩැඩා... මම විසදන්නම්... මේ ඔක්කොම..."
"අර පො*න පැටියා මගෙ ලගම ඉදන් බල්ලො එව්වා නේද මගෙ ලමයව රිද්දන්න..." මගෙ මූණ අල්ලලා ඩැඩා මගෙ මූණ චෙක් කරද්දි මගෙ බෙල්ල ලගට අත ගියා. විශු වැහුව බටන් මම ගැලෙව්වානෙ පිස්සෙක් වගෙ...
"උඹ ඊයෙ රෑත් ගෑණු එක්ක නිදාගන්න ගියාද බං..." අමුතු හිනාවක් දාලා ඩැඩා ඔක්කොම අමතක වුනා වගෙ කියද්දි විශු ඔලුවේ අත ගහගත්තා.
"උඹ නම් මගෙම කොල්ලා තමයි... මල්ලිගෙන් ඉගෙන ගනින්... තෝත් විශු මෙහෙම ෆන් එකෙ ඉදපන් බදිනකල්."
"ඩැඩා..." මම ආයෙත් කතා කරා. මම කිව්වනෙ මම වගෙ කියලා ඩැඩා එයා එක විනාඩියක් හරි හිනා වෙලා සතුටු වෙන්න බලන මිනිහෙක්.
"එනිවේ... උඹලා දෙන්නම මෙතන හිර වෙනවා පැය 48. ඔක්කොම ඕනේ කරන ඒවා රුදීශ ගෙනත් දෙයි."
"ඩැඩා එහෙම බෑ... මට ඉස්සරහට යන්න ඕනේ... මම හැංගුනා කියලා මුකුත් වෙන්නෙ නෑ."
ඩැඩා මගෙ කොලර් එකෙන් අල්ලලා මාව ඇදට තල්ලු කරා.
"මගෙ දේවල් මම පරිස්සම් කරනවා. මිනි වලවල් 1000ක් කැපුනත්... මම මගෙ පවුල රකිනවා." ඒ කේන්තියෙ හැටියට මට බයයි.
"ඩැඩා..."
"දගයෝ දගයෝ දගයෝ... උඹ ඌ එක්ක කොහොම මොන විදියට නැටුමක් නටනවද මට හිතාගන්න බැරි වුනත් මේක කරේ ඌගෙ කීමට කියලා මම හොයාගෙන ඉවරයි. මගෙ කොල්ලව රිද්දනවා නම් ඌටත් ළමයෙක් ඉන්නවනෙ... මම ඒවා ලස්සනට බලාගන්නම්.."
"එයාලට මුකුත් කරන්න එපා.. ඩැඩා... තදේට මුකුත් කරන්න එපා... පිලිස්... වදින්නම්..."
"දගයෝ.. මූට පිස්සු ඩැඩා දන්නවනෙ ලමයිට මූ මුකුත් වෙනවට ආස නෑ කියලා." විශු මාව අල්ලගෙන ඩැඩාට කියද්දි ඩැඩා මගෙ දිහා බලන් හිටියෙ යකෙක් දිහා බලන් ඉන්නවා වගෙ.
"මගෙ ඔලුවත් දැන් විකාර වෙලා. විකාර මගුල් හිතෙන නිසා." ඩැඩාට ආව කෝල් එකට එයා හැරුනාම
"සමත් ශාලුකගෙ ගේ වටේට මිනිස්සු දාන්න... ඌගෙ ශෙයාස් ට්‍රාන්සර් කර ගන්න ට්‍රයි කරනවා, වැලිවිට ඉස්සරහට ආවොත් ඌවත් සයිලන් කරලා දාපන්. මම හිතන් නෑ පුතාව විකුණන් කන්න හදන එකා ඌ වෙනුවෙන් ඉස්සරහට එයි කියලා..."
"මොකක්ද බං මේ වෙන්නෙ..." මම හෙමින් විශුගෙන් ඇහුවා.
"දැන් අන්තිම තුරුම්පුව සේනානායකගෙ දූ පොඩිත්ත කොල්ලගෙ කරේ ගහන එක තමයි එකත් වැලිවිට කරනවා... කමක් නෑ... අපි බලන් ඉමු මස්සිනෙ..."
"දගයො... මොකක් හරි අවුලක්ද? අසනීපෙන් ද?"
"ඩැඩා... මම දගයා බලාගන්නම්..." විශු කියද්දි ඩැඩා මගෙ ලගට ඒත් ආවා.
"බය වෙන්න එපා... මේ ඩැඩාගෙ හුස්ම දුවනකල් මම උඹව පරිස්සම් කරනවා..."
"අපි ආයෙ ආයෙ වැරදි නොකර සේරටම මූණ දෙමු ඩැඩා... පිලිස්...."
"මගෙ දගයද මේ.... යකෝ උඹත් මං වගෙ නෙවේද? උඹේ දේ පරිස්සම් කරපන් උඹේ ජිවිතේ දිලා... එහෙම මම ඉගැන්නුව දගයා කෝ..." ඩැඩා තව කියන්න ගියත් මිනිහෙක් ඇවිත් කියපු දෙයක් නිසා මාවත් අත්තැරලා ඩැඩා යන්න ගියා.
"ඇයි යකෝ මාව ගෙන්න ගත්තෙ.. බලපන් අර මිනිහා මොනවා කරගනීද?"
"දගයෝ ඩැඩා උඹ එන්න විනාඩි ගානකට කලින් සෙට් එකක්ම ශාලුකගෙ ගෙදරට යැව්වා. උඹව එතන දැක්කා නම් ඔයිට වඩා දෙයක් ඔය මනුස්සයට වෙනවා.."
මගෙ මුලු ඔලුවම ගිනි අරන්. මම ලොකුගෙ නම්බර් එක ඩයල් කරත් ඒක ඕෆ්...
'අනේ ලොකු ගන්න... ගන්න.... පිලිස්....'
"දගයෝ..."
"විශු ඩැඩා මගෙ දේ පරිස්සම් කරන්නලු... මගෙම දේකින්... මම මොකක්ද විශු කරන්නෙ... පොඩි මාමාට මේ සිද්දිය එයා කිව්වා නැතා මට එයාව අත්තරින්න බෑ... එයා මට ද්‍රෝහි වුනත් මට දැන් එයාගෙන් පිට දෙයක් නෑ..."
"උඹ මෙච්චර මෝඩ කොහොමද දගයෝ... උඹ දන්නවා. ඔය කලු පැල්ලම උඹට විතරක් වැදුනෙ නෑ... යකෝ බලපන් ශෙයා මාකට් එක ඩැඩා පහලටම ගිහින්. උඹට තේරෙනවද මේකෙන් වැදුන බඩේ පාර..."
"ඩැඩාගෙ බිස්නස් බැහැපු වැටුන පළවෙනි පාර මේකද විශු... එත් ඒ දරු පැටියා ඒකට පළි නෑ..." මම මොනවා කරන්නද කියලා ඔලුව බදාගෙන කල්පනා කරනවා.
"විශු... මාව මෙතනින් එළියට යවපන්... පිලිස්..."
"මම කොහොමද දගයෝ මාත් හිර කාරයෙක්..."
මම ඒ විනාඩියෙත් ලොකුට කෝල්ස් ගන්නවා එයා ආන්සර් කරන්නෙ නෑ...
"ඕක නවත්තපන් බං... මාවත් අවුල් නොකර... මොකක් හරි කරමු."
"විශු උඹට පේනවද මුකුත් කරන්න පුලුවන් කියලා... මේක ගල් ගුහාවක් වගෙ පෙන්නෙ නැද්ද? එළියට පනින ජනේලයක්වත් නෑ"
"මේවා පෙර වැරදි නිසා ඩැඩා රෙඩි කරපු දෙයක් බං... උඹ පනින්න දක්ෂයි කියලා එයා වුනත් දන්නවා."
"මෙතන ජෝක් කරන්න මූඩ් එකක් නෑ... අපිට එක්කෙනයි ඉන්නෙ මේ ගැන උදව් ගන්න පුලුවන්."
"කවුද?"
"කමලාම්මා... කොහොමත් අපේ අම්මා දැන් ඩැඩා කියන හැමදේටම ඔලුව නවනවා. එයා මට වඩා බයෙන් නිසා."
"උඹට ශුවර්ද? කමලාම්මා මේවා දැනගත්තොත් අවුලක් දාන් එකක් නෑ කියලා."
"මම හිතනවා එයා මාව තේරුම් ගනි කියලා."
"එහෙනම් කැමැත්තක් එත් ශාලුක නම් ඇත්තටම මේ බලු වැඩේ කරේ ඌව බේරගන්න ඕනේ නෑ දගයෝ."
"විශු ඌ මගෙ මිනිහා... ඒ මගෙ දරුවා."
"කොහෙවත් ලියලා නෑ ඒ අයිතිය ඌ දුන්නා කියලා. අනික ඌ අර ඇමතිගෙ දුවව බැන්දොත් ආයෙත් පාරක්... උඹට හුලන්."
"උඹට පුලුවන්ද ඔය කට පොඩ්ඩක් වහ ගන්න... මම එයා ගැන දන්නවා."
"උඹ ඕකම නෙවේනෙ ජුන්ඩා ගැනත් නිතරම කිව්වේ."
"විශු උඹේ කන්කරච්චලේ වහාගන්නවද? මට හිතන්න දීපන්. ඌ කාගෙ වුනත් පුතා මගෙ... ඒක කොළ වල පොත් වල ලියන්න ඕනේ නෑ.."
එන්න එන්නම මගෙ පවුලම ගාවලා ෆොටෝස් fb වල උඩට පහලට යනවා. සහස්ගෙ මරණේ ඉදන් හැමදේම එළියට එන ගමන්. එකෙ තියෙන්නෙ සහස්ව අපේ ඩීලර් වුන වැලිවිට මැරුවා කියලා. ලොකුව ගාවලාම නෑ. බැලු බැල්මට පේනවා පූස්ව සුද්ද කරලා එයාව වීරයා කරන්න හදන්නෙ කියලා. මගෙන් මෙම්ස් හදලා දාලා. ටුවිට් වල මම ට්‍රේන්ඩින් වෙලා. වැහුන කේස් එක අදින්න පොඩි මාමාට ලෝයර්ස්ලා සෙට් එකක්ම හෙල්ප් එකට ඇවිත්.
"ධනපති පංතියෙ මිනිස්සු හිතන් ඉන්නවා නම් අපේ පංතියෙ මිනිස්සුන්ට හිංසා කරලා හැමදේම වහලා දාන්න. ලෝය කෙනෙක් වශයෙන් මම ඒකට ඉඩක් දෙන්නෙ නෑ... සල්ලි බලේට හැමදේම යට නෑ කියලා මිස්ට අජන්ත මගෙන් මේ පාර තේරුම් ගනි..."
ණයට කහින ලෝයර් කෙනෙක් එකෙම කියද්දි මගෙ ඇස් වලින් ගිනි පිට වුනා. මේක මගෙ අවුලක් මගෙ ඩැඩාව ගාවන්නෙ මොන මගුලකටද? මේ පොඩි මාමා කියන එකා අහු වුනොත් මම ඌව මරනවා...
"විශු... කමලාම්මට කෝල් එකක් ගනින්..."
"උඹට විශ්වාසද?"
"තව අහන්න එපා... මට උදව් කරපන්..."
විශු දෙපාරකට රින්ග් වුන ෆෝන් එක මගෙ අතේ තියද්දි මම ඒ දිහා ආයෙත් බැලුවා. මම මගෙ අම්මා වගෙ ගෑණිට දැන් මාව එළි කරන්න යන්නෙ. කමලාම්මා මම ගේ...
"හලෝ..."
"හලෝ... කමලාම්මා..."
"අනේ දගයෝ... හොදින් නේද? මගෙ පුතා එතනින් ගිය එක හොදයි... දගයෝ කෑවද? ඔයා බය වෙන්න එපා..."
"මම ගොඩක් හොදින් මගෙ අම්මා. මට උදව්වක් කරන්න... අනේ මට ඔයා විතරයි මේ දේ ඉල්ලන්න ඉන්නෙ."
"මොකක්ද රත්තරනේ... කියන්න..."
"මම ඇඩ්‍රස් එකක් එවන්නම්. කමලාම්මා අපේ ඩැඩාගෙ මිනිස්සු මිස් කර කර ඒකෙ ඇතුලට යන්නකො. දගයා එව්වෙ කියන්න... දගයට කෝල් එකක් දෙන්න කියන්නකො.."
"ඇයි මහත්තයාගෙ මිනිස්සු එතන..."
"අනේ කමලාම්මා වැඩිය අහන්න එපා... වදින්නම්..."
"ඔයා එවන්න... හැමදේකින්ම උදව් කරන්නම්... දරුවෝ ඒත් ඒ කවුද?"
"කමලාම්මට මම ඔක්කොම කියන්නම්. එත් දැන් වේලාව නෙවේ..."
ලොකුගේ ෆෝන් එක තාම ඕෆ්. මගෙ ඔලුව නිදහසෙ ඉන්නවත් මට පිනක් නෑ. මට ඔන්ලයින් ඉන්නකොට එක එක පොස්ට් ටැග් එකනවා, මෙන්ශන් කරලා එනවා, කෝල්ස්, මැසෙජ් හොදටම.
"ඔච්චරටම ඌව විශ්වාස නම් මගෙ යාලුවෙක් දාලා මම ඌව කන්ටැක් කරන්නම්." මම විශු දිහා බැලුවා.
"එත් අනුරාධපුරේ නේද?"
"මෙහෙත් අපේ සෙට් එක ට්‍රේනින් වැටුනා. එත් මට අරුව විශ්වාස නෑ."
"විශු මම වෙනුවෙන්... උඹ කිව්වා ඕනෙම දෙයක් වෙනුවෙන් මගෙ පිටිපස්සෙන් එන්නම් කියලා. විශු මගෙ පුතාව පරිස්සම් කරන්න..."
ඩැඩාලා දෙන්නෙක්... පුතාලා දෙන්නෙක්ව රකින්න එක එකාට විරුද්ධ වෙන්න හදනවා වගෙ දැනෙනවා. මාව රකින්න තදේට ඩැඩා මොකක් හරි කරයි කියලා මම බය වෙද්දි මගෙ ඩැඩා මගෙ ගැන බයෙම් ඉන්නවා. අනේ මම මොකක්ද දැන් කරන්නෙ. මේ පටලැවිල්ල මම ලෙහන්නෙ කොහොමද?
"හරි මචං මම උඹට ෆොටෝ එකක් ශෙයා කරන්නම්. මෑන්ස්ව පරිස්සම් කරලා මට ආයෙ ඕනේ..."
මම බිම බලන් හිටියා මේ තරම් නම් මම කවදාවත් අසරණ වෙලා නැතුව ඇති. මම දැන් මොකක්ද කරන්නෙ මට තේරුම් ගන්න බෑ.
"හරි හරි මම සෙට් එකකටම කිව්වා. බය නොවි ඉදපන්. ඌ මගෙ අතට එයි හැබැයි ඊට පස්සෙ තමයි මම හිතන්නෙ ඌ හොදද නැද්ද කියලා.."
"විශු උඹත් මගෙ ඔලුව නොකා ඉදපන්. තෝ කලඹල වෙලා කියලා මගෙ ඔලුව නොකා ඉදපන්..."
"කූල් වෙයන් බං... දැන් කමලාම්මා ගිහින් උඹේ මිනිහාගෙ කට හඩ අහන්න දෙයිනෙ..."
"ඇති නවත්තපන්.." මම ෆෝන් එක දිහාම බලන් හිටියෙ කමලාම්මාගෙ නම්බර් එක ඩිස්ප්ලේ එකෙ වැටෙනකල්. පැයක්, දෙකක්, තුනක් ගියා තාම නැ. අන්තිමේට පැනලා යන්න වෙන විදියක් හොයන්න හදද්දිම කෝල් එක ආවේ.
"කමලාම්මා..."
"දගයෝ... මේ ගේ හිස්..."
"මොකක්ද?"
"කවුරු හරි ගේට පැනලා වගෙ... හොරු කඩලද කොහෙද? කවුරුත්ම නෑ.. ඒ විතරක් නෙවේ සිකුරිටි තුවාල වෙලා වටේ මිනිස්සු හොස්පිටල් එක්ක ගිහින්"
"කමලාම්මා මගෙ පුතා, මගෙ ලොකු එයාල නැද්ද?"
"කවුද දරුවෝ..."
"අම්මා ඇතුලේ කවුරුත්ම නැද්ද බලන්නකො... අනේ අම්මා..." මගෙ අත් වෙව්ලනවා. මගෙ ඩැඩා මොන වගෙද මම දන්න නිසාම මම වෙව්ලනවා
"නෑ පුතේ... කවුරුත්ම නෑ... වටේ පිටේ මිනිස්සුවත් මේ ගෙදර හිටිය කෙනෙක් ගැන දන්නෙ නෑ..."
"ම්ම්ම්... කමලාම්මා ගෙදර යන්න..."
මෝඩයෙක් වගෙ හැගීමක්. එහෙ කවුරුත් දැන ගන්න විදියක් නෑ පූස් හිටියෙ හොරෙන් එයා සෝශල් මිනිහෙක් වුනේ නෑ වැඩිය. එයා නම් මේවා කරේ මම ඒත් මම සමාව දෙනවද? මට කරන මේ අපහාස, නින්දා මට නම් මම ඉවසනවා ලොකු මගෙ කෝල්ස් අන්සර් කරන්න... ඔයා කිව්වා මාව අත්තරින්නෙ නෑ, මගෙන් හැංගෙන්නෙ නෑ කියලා ඔයා ප්‍රොමිස් වුනා... ලොකු.....
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️
හැපි බර්ත්ඩේ එකක් නිසා පරක්කු වෙලා හෝ අප්ඩේට් එක දෙන්න වුනා... එනිවේ... මම හිතනවා මේ චැප්ටර් එක සතුටු ජනක ඔයාලා හෙව්ව රෝමැන්ටික් එක ආවා කියලා... සෝ... හෙට එකත් දෙනවා... බට් හෙටත් හවස් වෙයි.
ආ තව දෙයක් මට කෙනෙක් මැසෙජ් දාලාත් ඇහුවා කතාව නැද්ද කියලා... එහෙම වෙද්දි හෙන ආසයි අප්පා හිර වුනත් කතාව ඩේලි දෙන්න. මාව අත්තරින්නෙ නැති ඔයාලට මම ආදරේයි දගයා පූස්ට ආදරේ කරන තරමට පොඩ්ඩක් අඩුවෙන්... එහෙනම් හැපි රීඩින් ළමයි...