53 පරිච්ඡේදය

1K 146 171
                                    

හෙන ලස්සන හවසක් ඒක...

"ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔබේ රුවයි
නිදිදෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි
දෙසවන් තුල රැව් දුන්නෙත් ඔබේ මදුර හඩයි
මුළු ලොවතුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි.."

හෙනම බර හැබැයි රිලැක්ස් හිතෙන මහන්සිම මහන්සි දවස් ගානකට පස්සේ අසේක හිටියේ හතරවටින් ඇහෙන විවිධාකාරයේ ගීත රසව්න්දනයක් ඇති කොලු රංචුවක් හීනියට මුමුණන සිංදුවක පද අස්සේ ගිලීගෙන... එන අතකට කම්මුල් බර කරලා ඈතින් පේන ලස්සන පැතිකඩ ඡායාරූපයේ හැම ලස්සන හැඩයම එයාගේ හීන අස්ස⁣ට ඔබා ගන්න ගමන්.

එයා , ඔයා දන්නයා මම මේ කියවන්නේ කවුරු ගැනද කියලා . අන්න ඒ එයා හිටියේ සුදු පාට දිග කලිසමට ඔලිව් පාට අත්කොට ශර්ට් එක ඇදලා ගස් කදකට යන්තමට හේත්තුවක් දාගෙන ‍, හරිම කල්පනාවෙන් කිසරු දමාගෙන කියවන මොකක්දෝ කතාවක් තෝරලා බේරලා එකගනොවෙන තැන ඒ තාලෙට ඔලුව එහෙ මෙහෙ කරන ගමන් යමක් මුමුණන ‍,  අසේකගේ ඇස් හොරා ගත්ත ආත්මීය මිතුරු මන්දස්මිතය...

එයා අද හරි ලස්සනයි කියලා හිතුනම අසේකගේ පපුව මැද අමුතු කොළපාට එලියක් පත්තු වෙලා මල වැස්සක පත්තු කරපු ඩන්හිල් ස්විච් එකක අන්තිම ෆෆ් එකෙන් දැනෙනවා වගේ මින්ට් රස එක්ක එන හීතලට සමාන සැනසුම් ගින්දර දැල්ලක සනීපේට සමානක් අසේකව වහා ගන්නවා.

දෙනෝදහක් මැද හාත්පසම බොද වෙලා තමන් ආදරේ කරන රූපය විතරක් ඇස් වලට ක්ලියර් වෙන මායාවට කියන නම මම දන්නේ නෑ. අසේකටත් වෙලා තිබුනේ අන්න ඒ කියන සන්ගෙදියම තමයි.

එන ආත්මෙවත් යන ආත්මෙනටවත් ඔයා ඉන්නවද නැද්ද මම දන්නේ නෑ. ඒත් මේ ආත්මෙට ඔයාගේ හමුවීම අසේකගේ ඕව්රා එකට වැඩියෙනුත් දැනෙනවා දෙව්‍යාන්.

මනුස්සයා කැතම විදිහට තමුසෙගේ අස්සේ ගිලිලා නැති වෙලා ඉන්නේ.

සමහරවිට ඒක ඔය පිස්සුවෙන් ආදරෙයි කියනවට ටිකක් සමාන නමුත් ඊට මහා ගැඹුරක් එකතු කරන අමුතුම ඉමෝශනල් ගලවන්න බැරි ගැට ගැසීමක් වගේ දෙයක්. වචනෙකින් මචං මෙහෙමයි කියලා විස්තර කරගන්න කතා කරලා ඉවර කරගන්න බැරි දැනීමක්. හැගීමක්...

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now