13 පරිච්ඡේදය

1.2K 197 99
                                    

" ඇප් එක අරන් බලපන් සහස් බබාගේ වැඩ.... ආං ගෑනීයෙක් එක්ක නටන විඩියෝ එකක් දාලා.... " ශෙරොන් කිව්වේ සුවද ගාගෙන.... ශෝටක් දාගෙන සාලේ මැද්දෙන් ඇවිදගෙන එන අසේකට.

කෝල් එක හින්දම කොල්ලා පියානෝ එක ලගින් නතර වුනේ සම්පුර්ණයෙන්ම තමන්ගේ අවධානය ශෙරෝනයට දෙන්න වගේ.

පියානෝව පැත්තකට වෙන්න ලස්සනට තියලා තිබුනු පුංචි වීදුරු මංජුසාව දම් පැහැයකට හුරු ඇස් වශි කරවන පාටකට අසේක එක්ක හිනා උනා. ඉර එලිය වැටුනම ඕක හරියට ප්‍රිස්මයක් වගේ වෙනයා. එතකොට දිලිසෙන්නේ දේදුන්නේ පාට එක්ක.

" ඔනෙලයා....."

" බෙරිහන්දෙන්නෙපා ප*යෝ... කනත් හිල් උනා...." අසේක හිමිට මිමිණු⁣වේ මංජුසාවෙන් ඇස් අහකට ගන්න ගමන්.

" හනේ හනේ... ශබ්ද නගා කුණුහර්ප කියන අපුරුව. ඇයි කොට බිජ්ජා නැද්ද ගෙදර " ශෙරොන් හරි අහිංසක පාටයි සජාන් ගැන අහනකොට. ගරු නම්බු දීලා අමතන්න එපැයි ඉතින්... හරිනෑනේ නැත්නම්. අපේ අනාගත හිච්චි මහා ඇමති... ජනපති වෙන්නත් පුළුවන් දවසක... ජනපති සජාන්...

" ඌ නෑ... ඊයේ ඉදන් අතුරුදහන් .... ඒකත් මගෙ වෙලාව..... නැත්නම් මට මුරුක්කු..... ආ.... යූස්ලස්.... මොකක්ද උබ දැන් බුබු ගැන කියවන්නේ " අසේක හිමීට කතාව මාරු කරා....

" ටික්ටොක් මචං ටික්ටොක්....."

අසේකගේ ඇස් ඉස්සරහා ආයෙම අර මංජුසාව දිලිසුනා. ඔය මංජුසාව ඔතෙන්ට ඇවිත් දැන් ටික දවසක් කියලා අසේක⁣ට හොදට මතකයි. කලින් ඔතන ඇටයක්වත් තිබුනේ නෑ. හැබැයි ඒකෙන් අමුතුම ලස්සනක් ඔය ප්ලෙස් එකට ඇවිත් තිබුනේ.

ඒක පුංචි වෙහෙරක් වගේ බුබ්බුලාකාරව හැඩ උනු ලස්සන නිර්මාණයක්. ය⁣ටින් වටේ යනවා තබ පාට අකුරු කොටපු අමුතු මෙව්වා එකක්...

හවසට හවසට නුවන්න ඕක වටේ දුං අල්ල අල්ල කැරකෙන හැටිත් අසේක දැන් දවස් දෙක තුනක ඉදන් නෝට් කරලා තිබ්බේ. අඩ්ඩේ කාගේ හරි දතක්වත්ද දන්නෑ.

මේ ගෙදර කොහොමත් ඔය වගේ අමුතු ඇන්ටික් බඩු සෑහෙන්න ගොඩ ගහලා තියනවා. පෙනුමෙනුයි ගති පැවතුමෙනුයි විතරක් නෙවේ බඩුමුට්ටු වලින් පවා කොටබිජු මොණරවිල සජාන් ඇන්ටික් පොරක් කියලා අසේක⁣ට කල්පනා උනාම ඇන්ට්ක් නිසාම මලකඩ කාපු එයාගේ අයියගේ අහවල් අවයවය ගැන දුකත් හිතන ගමන් අසේක කට කොනකින් හිනා උනා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Kde žijí příběhy. Začni objevovat