21. පරිච්ඡේදය

1.1K 185 56
                                    

අසේක කියන්නේ සාමාන්‍යයෙන් එයාගේ හැගීම් කාටවත් පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒක ආදරෙදී වෙනස් වෙන්න පුළුවන් . ඒත් වේදනාව කියන හැගීමෙදි ඒක එයාගෙන් එලියට යන්නේ කේන්තියක් විදිහට. ඒකමයි මේ වෙලාවෙත් එයාව මෙච්චර වෙව්ලන්නේ.

එයාගේ වේදනාව ටික ටික නොනැවැත්විය හැකි කේන්තියකට පරිවර්තනය වෙන ගමන් තිබුනේ.

බුබුට සිහිය ඇවිත් කියන ආරංචිය එනකොට කොල්ලෝ හතර පස්දෙනාම හිටියේ හොස්පිටල් එකේ. එලියට ගියප ශාලුකයි ශෙරෝනුයිත් සුදියා දුන්න කැබ් එකකින්ම ආයේම හොස්පිටල් එකට ලැන්ඩ් කරලා වැඩි වෙලාවක් නෑ.

සජාන් එහෙම්ම මොණරවිල වලව්වට ගියේ හදිසියේ නුවර එන්න වෙච්ච එක ගැන ⁣අදාළ පාර්ශවයන් දැනුවත් කරන්න.

දැනටමත් ලැව් ගින්නක් වගේ නුවර ප්‍රසිද්ධ පෞද්ගලික පිරිමි විද්‍යාලයක දහතුන වසරේ පිරිමි ළමයෙක්ගේ නිරුවත් සහා අඩනිරුවත් කියන්න පුළුවන් විදිහේ ඡායාරූප කිහිපයක් ඇටෙන් පොත්තෙන් එන ගැටව් තමන්ගේ කුතුහලෙට එක්ක හදා ගත්ත පොඩි පොඩි වට්සැප් වැල ගෘප් අ⁣ස්සෙන් ගිහින් මැසෙන්ජර් ගෘප් වපට ලින්ක් වෙලා සමාජ මාධ්‍යජාලා කියලා හඳුන්වන බොහෝ තැන් වල ඒවා ප්‍රචාරය වෙලාත් ඉවරයි.

පුදුම වෙන්න දෙයක් නෑ. ගෑනු පිරිමි කියලා නෑ. නියුඩ්ස් කියන්නේ නියුඩ්ස්... තමන්ගේ ශරිරය ගැන තමන්ටවත් අයිතියක් නැති රටක් මේක. ලීක් කරනවා කිව්වම බය වෙන්නේ කෙල්ලෝ විතරක් නෙවෙයි. ඒකට කොල්ලොත් බයයි. ඒක නිග්‍රහයක් විදිහටයි දකින්නේ. තවම ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්ට , ඒකත් සහස් වගේ කට තිබ්බට හරිම සියුමැලිව හිතන පතන එකෙක්ට දරා ගන්න පුළුවන් සීමාවක් නෙවෙයි.

ඒකත් මෙව්වා කාගෙද කින්ද මන්ද කියලා කියන්න පුළුවන් ශාක්සි සාම්පල එක්කම සමහර චැට් වල ස්ක්‍රින්ශොට් නුවරින් පැනලා දන්න කියන තව තව ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න, ලංකාවෙ වටේම එවුන්ගේ සැරම මාතෘකාව බවට පත් වෙලා. විහිළුවට ශෙයා කරන එෆ් බී පෝස්ට් අස්සේ ලින්ක් නැද්ද කියලා අහන කමෙන්ට් ගැන තවම නිසොල්මනේ ඇස් පියාගෙන හුස්ම ගත්තත් නෑ වගේ ඉන්න සහස් දන්නවනම මම දන්නවා ඕකා ආයෙම තව ⁣නිදි බෙහෙත් අහුරක ගිලීවී....

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now