14 පරිච්ඡේදය

1.2K 202 55
                                    

වහිනවා⁣ දෙයියනේ.....හෝ ගාලා වහිනවා...... පන්තියේ ළමයිනුත් හිටියේ අතේ ඇගිලි ගානකට වෙච්චි... මුන් පොදක් වැටුනහමවත් ඉස්කෝලේ එන්නේ නෑ. දෙව්‍යාන් නම් හෙන අවුලෙන් හිටියේ. මැච් එකට මාසයක්වත් නෑ. ප්‍රැක්ටිස් කරනන්න ඕනේ. ෆුට්බෝල් කෝට් එක තියෙන්නේ පිට්ටනිය මැද. මහා වැස්සේ එයාලා කොහෙනම් පුහුණුවීම් කරන්නද...

කොච්චර උනත් හැමදාම ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන් කවුරුවත් දෙව්‍යාන් දැනගෙන හිටියේ නෑ. හිස් පන්තිකාමරයක්වත් සෙට් කරගෙන දැලක් බැන්දා කියමු. එකෙන් ප්‍රයෝජනයක් නෑ.

කලින් වතාවේ නම් මේ කාලෙ වෙද්දි තරග ඉවරත් එක්ක.ඒ අවුරුද්දේ මේ වෙද්දි සමස්ථ ලංකා යන්න බැරි එකට එයාලා වැහි කාලේ ගුලි වෙලා දුක බෙදාගත්ත එක තමා කරේ.

වැස්ස වහිනවා ගං වතුර ගලන්න වගේ... හිටපු ගමන් අඩු වෙනවා ආය ගලනවා....

දෙව්‍යාන් හිටියේ තාමත් හොදටම අඩු නොවුනු ඔලුවේ රදේ දරාගෙන. වෙනදා දවසක් වගේ නම් එයා නෑවිදින් ඉන්නවා ඉස්කෝලේට ඔය කැක්කුම ආවම. වෙද අත්තා දෙන බේතක් ගිලලා කොල්ලා කරන්නේ දවසෙම නිදා ගන්න එක. අත්තම්මත් ඒ දවසට එයා ලගින් හෙලවෙන්නේ නෑ. ඕක අද ඊයේ ආපු ඔලුවේ වේදනාවක් නෙවෙයි... ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සමහර කාල වල මහා දරුණුවට මැරෙන්න තරම් වේදනාවක් දෙව්‍යාන්ගෙ ඔලුව ඇතුලෙන් ඇදුම් දෙන්නේ.

ඒත් අද කොච්චර අමාරුවේ උනත් දෙව්‍යාන් උදේම ඉස්කෝලේ ආවා...

වැස්ස වහින්නෙම මහා හුලගකුත් එක්ක. පුංචි පන්තිවල ලමයි නම් කලින්ම ඉස්කෝලේ ඇරිලා ගෙදර යවලත් ඇති මෙලහකට. වෙනදට වඩා අද වැස්ස කඩන් හැලෙන්නෙත් හරි අමුතු ගොශාවක් එක්ක කියලා ඔය අස්සේ දෙව්‍යාන්ගෙ හිතෙනවා. එහෙම මගුලක් නෑ. උට වෙන මොකක් හරි එකක් වෙලා.

අනික ඒ වැහි අස්සේ මේ පට්ට හීතලේ මක්කක්වත් කරන්න හිතෙන්නෑ.

උත්පලා ටීචරුත් මොකක්ද මන්දා එකක් බෝඩ් එකේ ඇදලා ගුරු මේසේට වෙලා පන්ති නායක තෙමේ සමඟ ඕපයක් හලනවා. අසේකයි දෙව්‍යානුයිත් එක්කම පන්තියේ හිටියෙත් ළමයි දුසිමක් වගේ. ඒකෙනුත් හතර පස් දෙනෙක් කලින් තිබ්බ පුස්තකාල පිරියඩ් එකේ ඇත්තටම පුස්තකාලෙට ගිහින් එන්න බැරිව එතනම හිර වෙලා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ