18. පරිච්ඡේදය

1.1K 197 43
                                    

යටිගිරියෙන් අඩලා දඟලන සුදු මැණිකේ කෙනෙක් අසේකගේ බෙල්ල බදාගෙන හූ තියනකොට නුවන්ත හිටියේ අසරණ වෙලා . ඇස්වලින් මේ මොහොතේ පිටවෙන්නේ මොණවද කියලා තේරුම් ගන්න බැරි සජාන් දිහා බලාගෙන මනුස්සයා දෙතුන් වතාවක් හීල්ලුවත් එක්ක. සෙව්වන්දිත් අඩන්න ඔන්න මෙන්න වගේ.

සෙනසුරාදාව හින්දා දවල්ට සෙව්වන්දි උයලා තිබුනේ දේශිය හාලකට, නුවර ඉදන් එද්දි සජාන් ගෙනාපු දැල්ලෝ වගයක් යහමින් තෙල් දාලා , නුවන්ත උදේ ගලවපු හිඟුරල අල කරියකට මුකුණුවැන්න කොළ මැල්ලුමක් එක්ක පපඩම් බැදලා. දකිද්දිත් කටට කෙළ උණනවා. පැත්තකින් ලුණු දෙහි බෝතලේ උජාරුවට මේසේ උඩ තියනවා දකින කොට නම් අසේකට එයාගේ ඇබුල් පෙරේතයව මතක් උනා. දෙව්‍යාන්ව....

මඤ්ඤං මඤ්ඤොක්කා ගලවලා මඩ නාන් ඒ මහන්සියට අසේක කන්න කලින් හොදට නා ගත්තා. සෙව්වන්දි සුදු මැණි⁣කෙගෙ අත පය හේදුවම කෙල්ල ආයේම අසේකව හොයාගෙන දිව්වේ එයාටත් දවල් බත කලින් වගේ මේසේ ඉදගෙනම කන්න ඕනේ කියලා මුරණ්ඩු වෙන ගමන්. ඉස්සර කෙල්ල ඔහොම නෑ. ආවම පාඩුවේ ඉන්නවා . ඒත් අද ඉදලා නම් මේකිව ⁣බංගලාවට වද්ද නොගන්න එක තමයි හොදම දේ කියලා නුවන්ත දෙතුන් වතාවක්ම හිතුවා. හය හතරක් නොතෙරෙන දරුවෙක් තමයි. ඒත් මෙව්වා වෙන විදිහක් ක්‍රමයක් තියනවා.

ඉතින් සෙව්වන්දි කියන මෙලෝ දෙයක් කෙල්ල කනකට ගත්තේ නෑ. නුවන්ත චුට්ටක් සැර කරාම අසේකමයි කිව්වේ ඉතින් ඒකේ ඇති වැරැද්ද මොකක්ද කියලා. එයාටනම් ඔය කෑම මෙසෙ මොකා ඉදගත්තත් ගානකට ගන්න එකක් නෑ. ඉතින් අසේකගෙ වචනෙන් පිටට නුවන්ත මොනවා කියන්න ද

අසේක අනලා නුහුරුවට කවපු කටවල් ⁣පහ හයකින් බඩ පුරවගත්ත සුදු මැණිකේ ඊළගට ඇබුල් කෙහෙල් ගෙඩියකට වග කියනකොට අසේක තව බත් පිඟානක්ම ඉවර කරලා දැම්මා.

" රෑට බත් වැඩියෙන් තිබ්බා මහත්තයා ... සෙව්වන්දි තව මස් කරියකුත් හදලා දැම්මා. මං ඇවිදින් රත් කරලා ගන්නම්... " නුවන්ත එහෙම්ම බංගලාවෙන් එලියට බහිනකොටත් සුදු මැණිකේ යන්න බැහැයි කියලා නාහෙන් අඩන්න පටන් අරගෙන තිබනේ.

සෙව්වන්දි කෙල්ලව අසේකගෙන් අදිනකොටත් කෙල්ල බෑම කිව්වා. කෑගැහුවා. පුංචි යක්ශ පැටියෙක් වගේ. කන කීං ගාන සද්දයක් ඒක.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now