36. පරිච්ඡේදය

1.2K 194 118
                                    

"...මිනිස්සු අපිව මතක තියාගන්නේ එක එක විදිහටනේ අසේක... " දෙව්‍යාන් අසේක ලගින් ඉදගෙන එයාගේ උරහිසකට තමන්ගේ අතක් තියාගෙන ඒ උඩන් නිකට හේත්තු කර ගත්තා.

එයාලා හිටියේ රාත්‍රි ආහාරය විදිහට කෙටි කෑම වේලක් සකසන ශෙරෝන් සහා තිහස්වර පේන මානයේ තිබුණු ගස් කොටයක් උඩ ඉදගෙන. කුඩෑල්ලෝ හිටියේ නෑ ශොට් ශුවර්... මතක් කරන්නවත් එපා.

ලිප කිට්ටුවේ උණුහුමට වෙන ගමන් බුබුගේ කළු බව්වත් එතන කැරකුනා. පස්සේ තැනක් හදාගෙන එයා එතන පස්ස තියාගත්තා. මිනිහටත් සැප ඇති. රස්නෙ වදිනවනෙ ඇගට.

බුබු සීතල වැඩි කමට අම්බලම විදිහට පාව්ච්චියට ගන්න ගොඩනැගිල්ල ඇතුලෙම සකසලා දුන්නු ටෙන්ට් එක අස්සට ගුලිවෙලා බාගෙට දොයි. මහන්සි ඇති සෑහෙන්න.

එයා ඇඩුවේ දෙඩුවේ නැතුවට කකුල් එක්ක තැම්බිලා රෝස ගැහිලා තිබුනු හැටි දැක්කම තිහස්වරගේ පපුවේ පැත්තක් හරියට රිදෙන්න ගත්තා. චුට්ටක් පහසු මේස් දෙකක් දාලා එයාව හොදට ඔතලා පැත්තකට කරන්න එයා මහන්සි උනෙත් ඒකයි. හෙටත් හිමේ වන්දනාවේ යන්න එපැයි. ආපහු පහල බහින්නත් තියනවා. එවුනට බුබු තාම තිහස්වරට ටිකක් පිම්බුවා.

තිහස්වර එයාව බලෙන්ම පිහදවලා අලුත් ඇදුමක් ඇදගන්න බල කරා. සුව පහසුව අමතක කරලා දැම්මට චුට්ටන් කොට්ටෙකුත් හම්බුනා එයාට ඔලුව තියා ගන්න. එතකොට සීතල අඩු කරන්න පුළුවන් විදිහේ බ්ලැන්කට් එකකුත්.

සුදු ඉල්මි මලත් වෙන ඇදුමක මාරු වෙලා ස්විටරයක් උඩින් දාගෙන තඩියට කෝපී හදන්න උදව් කරනවා. බුබු එක්ක එතන වැටුණු මහේශ්ටත් එහෙම්ම නින්ද ගිහින් තිබුනේ. මිනිහනම් නිදාගන්න කලින් තඩි අග්ගලා මුලකට වග කිව්වා. ශාලුක නම් සීතල කැපෙන්න කියලා බිඩීයා එක්ක දුමක් අදිනවා පැත්තකට වෙලා පාඩුවේ. එයාගේ දැල්වුන සිගරෙට්ටුවේ සිහින් එළිය කළුවර අස්සෙන් ඈතටත් පේනවා ඇති.

අසේක දෙව්‍යාන් එක්ක වටපිටාව සුද්ධ කරලා අරගෙන අම්බලමේ ලිප හදාගන්න තිබ්බ හරියට වෙන්න දර එකතු කරලා පුංචි ගිනි මැලයක් ගහ ගත්තා. එයාලා ගෙනාපු භාජන කාරිය එච්චර ලොකු එව්වා නොවුන නිසා රෑට කන්න ක්ශණික නූල්ඩ්ස් පැකට් කිහිපයක් කිහිප වතාවකට හදාගන්න සිද්ධ වෙලා තිබ්බේ. ඒකටම කපාගත්ත එළවළු දාගෙන පොඩියට හදාගත්ත සුප් එකක් වගේ මෙව්වා එකක් හදාගන්න තමයි ශෙරෝන්ට ඕනේ උනේ කොහොමත් . සැන්විච් පාන් පෙති කිහිපයකට කල් තබා ගන්න පුළුවන් විදිහට හදාගත්තු පොළොස් ඇබුලකුත් ගෙනල්ලා තිබුනේ එයාලා. තව අරන් ආපු ඔය වගේ එක එක ජාතියේ කෙටි කෑම බීම කිහිපයක්ම තිබුණා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now