30. පරිච්ඡේදය

1.5K 224 156
                                    

"........උන්නකු නානෙයි
උරුගුම් ඉරවිල්
උල්ලතයි නාන් සොල්ලවා...."

........මම ඔයාට කියන්නද
ඊයේ රෑ ඔයා ගැන කල්පනා කර කර ඉද්දි
මගේ හදවතට දැනුන දේ....

මරුවුම් මවතින් රගසිය අරයිල්
ඔතිගයි පාර්තිඩ වා...

.......මගේ හදවත දිගින් දිගට පුරුදු උනා, මම ඔයාට කියන්න හදන දේ කියන්න....


දෙව්‍යාන් යන්තමට හිනා වෙනකොට දෙපාරක් ඩිම් වෙච්ච කාමරේ පුංචි විදුලි බල්බය දිහා බලපු අසේක උරහිසෙන් ඉන ලගට පල්ලම් බැස්ස අතැගිලි වලින් දෙව්‍යාන්ගෙ ඉඟ හරිය කිති කැව්වා.

දෙව්‍යාන්ගෙ ඇහිබැමි එකට යා වෙලා දිගැරුනේ එයාගේ ඇගිලිතුඩු අසේකගේ ටීශර්ට් අතක් පොඩි කරලා අල්ල ගනිද්දි...

දොර පියන අස්සේ බිත්තියට කොටු වෙච්ච නව⁣ යොවුන් හදවත් යුගලක් හිනී වැහි පොද වැස්ස යට වේගයෙන් තාලයකට ගැහුනා.

" මම හොදට නෝට් කරා.... " අසේකගේ ගැබුරු කටහඩ දෙව්‍යාන්ගෙ කන අස්සෙන් ඇහෙනවා. " ඔයාට ටැමිල් පුළුවන් ... ඔයාට ලැන්ග්වේජ් එක තෙරෙනවා... මම හරි නේද " දෙව්‍යාන්ගෙ පපුව උඩ තියන අසේකගෙ අතැගිලි ඒ මත රටා මවමින් තිබුනේ දෙව්‍යාන් යන්තමට ඒ ස්පර්ශයෙන් හැකිලෙනකොට.

දෙව්‍යාන් හුස්මක් ගන්න ඉඩ ඇරලා යන්තමට ඔලුව හෙල්ලුවා...

" වාව්.... කැන්ඩි වල ටැමිල් යාළුවෝ ඉදලත් මට මෙලෝ දෙයක් තෙරෙන්නෑ..." අසේක තව අඟලක් දෙව්‍යාන්ට කිට්ටු උනා. දැන් එයාලා අතර පුංචි හිදසක්වත් නැති තරම් එයාලා එකිනෙකාට ළඟ වැඩියි...

" මෙ...හේ... දෙමළ අයහ්..ත්... ඉන්..නවා..." දෙව්‍යාන් කිව්වේ කඩින් කඩට වගේ.

එළියේ තද වැස්ස. හුලන් සද්දේ සංගීතයක් වගේ... කාමරේ ඇතුලේ සිමෙන්ති පොළව හරහා එන හීතල යටිපතුල් වලින් ඔලුවටම වදිනවා...

"....සිරුග සිරුගවුන්නිල් යෙන්නෙයි
තොලයිතු මෝඩි සොල්ලවා.."

.......මං ඔයාට කියන්නද හිමින් හිමින් මම ඔයාට වශි උන විදිය........

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now