38. පරිච්ඡේදය

1.3K 201 125
                                    


" විධායක කාරක සභා ක්‍රමය, එක්සත් රාජධානියට සමාන "වෙස්ට් මිනිස්ටර්" පාර්ලිමේන්තු ක්‍රමය ඊට පස්සෙ පාර්ලිමේන්තුව වගේ ඡන්දයෙන් පත් වෙච්ච ජාතික රාජ්‍ය සභා ක්‍රමය ඉස්ස ඉස්සල්ලම අත්විඳපු ශ්‍රී ලංකාව, බලතල මුලින් හිතාගෙන හිටපු ප්‍රමාණයෙන් එහාට වැඩි කරගෙන 19 වැනි සංශෝධනය යටතේ යටපත් කරලා තියන දැන් තියන ජනාධිපති ක්‍රමය දක්වා ඔය හැම පද්ධතියක්ම අත්හදා බලලා තියනවනේ පුතේ... "

" ඒක තමයි උත්පලා ටීටර් ප්‍රශ්නේ... මේක මේ පද්ධතියේ වැරැද්දක් නෙවෙයි. ඔය පද්දතිය කරවන මනුස්සයොන්ගේ වැරැද්දක්..." ශෙරෝන් කිව්වෙ එයා අලුතින් අඳුර ගත්ත උත්පලා ටීචර් එක්ක ගැඹුරු සාකච්ඡාවක එතිලා ඉන්න වෙලාවක. ශෙරෝන් හිටියේ හරිම උනන්දුවෙන් උත්පලා ටිචර්ට කන්දෙන ගමන් වගේම එයාලා දැනටමත් ⁣ගොඩාක් දේවල් කතා කරලා තිබුණා. ඉල්මි දෙපාරක් තුන්පාරක් හැරිලා⁣ ශෙරෝන් දිහා බලලා ඉක්මනට අහක බලා ගත්තත් එක්ක. එයාලා කතා කරන මාතෘකා ඉල්මිගේ කනට හොඳට ඇහෙනවා. ඉල්මිගේ අක්කා එක්ක ශෙරෝන් කතා කරේ වෙනම සබ්ජෙක්ට් එකක්. උත්පලා ටිචර් එක්ක වෙනම දෙයක්. ⁣තමන් එක්ක කතා බහට එනකොට මේ වගේ බරපතල මාතෘකා ඇදිලා ඇවිත් තිබුනේ නෑ. ඉස්කෝලේ ගැන ගමේ මිනිස්සු ගැන. ඇහැට ගැටෙන ගස්කොළන් ගැන. එලේවල් වලට එයා කරන විශයන් ගැන. ඉල්මි කන්න කැමතිම කෑම ජාති ගැන. සරලයි. උත්පලා ටිටර් කෙසේ වෙතත් අපේ සුදු ඉල්මි මලනම් ශෙරෝන් ගැන ඉම්ප්‍රේස් වෙලා හිටියේ.

" දැන් බලන්නකෝ ටීචර් ...අපි ගන්න ඕනෙම බඩුවකට ඒක සල්ලි දිලා ගන්න හැම වෙලාවකම වැට් ගෙවන්න ⁣ඕනෙනෙ..." සාකච්ඡාව වර්තමාන වැට් අර්බුදය දක්වාම ඇදිලා ඇවිත් තිබුණා.අරෙහෙ සල්පිලේ භාණ්ඩ එහෙ මෙහෙ දෝලනය වෙන අතරතු⁣රෙ මෙහෙ සිරිලංකාද්වීපයේ වර්තමාන දේශපාලන හා ආර්ථික අර්බුදය ගැන කෙටි සමාලෝචනයක් දක්වාම දියුණු වෙලා තිබුනේ.

" ඔව් පුතේ .... දැන් අපි මිලට ගන්න භාණ්ඩයේ අවසාන මිල ගනනය කරලා තියෙන්නේ ඔය වැට් එක ඒකට එකතු කරලානෙ. එතකොට අදාල භාන්ඩයෙේ සැපයුම් ජාලයේ අන්තිම පාරිභෝගිකයා ඔයා නම් බද්දෙ අගය ගෙවන කෙනා වෙන්නෙ ඔයා."

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now