46. පරිච්ඡේදය

1.1K 164 145
                                    

අහලා තියනවද පෙම්වතෙකුගේ අතින් අතහැරුනු තනි වෙච්ච මල් පොකුරක් ඇහිදගත්ත ලස්සන මල් කෙල්ලෙක් ඉන්න කතාවක් ගැන. ලෝබ හිතෙන තරම් ලස්සන හදවතක් එක්ක ගිලිහුනු මල් පොකුරක් පපුවට තුරුළු කර ගත්ත ඇස් දෙකක් ගැන.

තිහස්වර එයා ඉස්සරහා හිටගෙන පුදුම වෙච්ච ඇස් වලින් එයාගේ එහාපැත්තෙන් හිටගත්ත පිරිමි රූපය දිහා බලාගෙන ඉන්න සහස්ව දැක්කේ කදුළු පටලයක් එයාගේ දර්ශණපතය වහගනිද්දි.

සහස්ගේ අතින් බිම වැටුණු කෑලෑ මල් කිනිත්තට අර ඉහත කතන්දරේ වගේ බිම වැටුණු මල් පොකුරට තරම්ම දුක හිතුනේ නැතුව ඇති නේ ද ....

කවුරුවත්ම එයාගේ ඒ ගැන ඇහුවේ නැති උනත් එයාට දුක හිතෙන්න ඇති. දවස පුරාවට ඇවිද්ද තැන් වලින් අහුලගත් ඇහින්දාස් මල්පෙති එකතු කරලා හදපු ඒ මල් කිනිත්ත සුවද නැති වෙන්න පුළුවන් අර ලොකු ගනන් ෆ්ලව් ශොප් වල තියන රෝස මල් පිරුණු බොකී එකක තියෙන තරම්... ඒත් ආදරේ එතන පිරිලා තියනවනේ....

ඒ මදි ද

" බුබු .... There's no rush. Let's just carry on as we are, and whenever you're ready to talk about it, if at all, I'm here..... " මානව් .... එයා කොහොම ද එහෙම.....

සහස් හිටියේ කම්මුල්වලට රතු වෙන්න ඉඩ තියලා ඔහේ... ඔහෙ පාවෙන ලෝකෙක මානව් දිහා බලාගෙන. සහස්ගේ ඇඟිලි තුඩු පවා සියුම්ව වෙව්ළුම් දෙනවා.

දවසම පිස්සු කෙළලා බුබුගේ හිත චුට්ටක් හැදුනා විතරයි කියලා තිහස්වර හිතන් හිටියේ .... අඩුම බුබු එයා ඉස්සරහා විවෘත වෙලා එයාගේ හිත කඩපු කාරණා එකින්නෙක එලීයට දාපු එකම මදිද අද දවස ගෙවිලා ඉවර වෙන්න ලං වෙද්දි....

බුබු ඉතින් පෙරාගෙනම උපන් සතානේ... මානව් ගැන නොකීව එකට වලි ඇදන් කොල්ලා දවස ආරම්භ කරේ.

" ඔයා මට කිව්වේ නෑ තිහස්වර .... බලන්නකෝ මම වොශ් දාලා හිටියෙත් නෑ. මගේ ඇදුමත් කැතයි...මම දත්-" තිහස්වර බුබුගේ තොල් උල් වෙන්න අල්ලලා ලිප් ටින්ට් එක එකේ ඉලුවා.

" ඉතින් මොකද... එයාට ඕවා ගානක් නෑ" තිහස්වර කිව්වේ ඕනෙවට එපාවට වගේ. බුබු ලස්සන කොල්ලෙක් දැක්කම දාන කැටයම් ගැන තිහස්වරට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඔය පුප්පගෙන මුණු මුණු ගාන්නේ පල්ලෙහා හිටපු ලස්සන කොල්ලට පේන්න මෙයාට ප්‍රින්සස් ඩෝටර් ව⁣ගේ බැහැගන්න බැරි වෙච්ච මේනීයාවට.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now