43. පරිච්ඡේදය

1.2K 184 89
                                    

රක්ශිතේ අස්සෙන් තවත් සීතල උදෑසනකට යන්තමින් හිරු එළිය වැටෙන වෙලාවක ඇස් අගිසි රිදුම් දෙනකොට ඔලුව පැලෙන්න වගේ අමාරු දැනුනත් වෙනදා පුරුද්දට දෙව්‍යාන්ට ඇහැරුනා.

තවමත් යන්තම් කළුවරක් අරගත්ත කාමරේ ඇතුලට එක ජනෙල් පලුවකින් යන්තමට අඩවන් කරපු තැනකින් පුංචියට එළියක් ගලාගෙන එන හැටි පේනවා.

තමන්ගේ බද වටා එතුනු අතත් උරහිසේ පැත්තකට බරට දැනුණු ඔලු ගෙඩියත් පැත්තකට තල්ලු කරපු දෙව්‍යාන් යන්තමට ඇදෙන් උඩට ඉස්සුනේ අර කී නිදිමතේන්මයි....

ඒත් එයාව ආයේම කාගේ හරි තුරුළකට ඇදිලා යනකම් විතරයි. පිටුපසින් එයාව ආයේම තදට බදාගෙන තවත් තමන්ගේ ඇගට ඇලෙන තරම් තෙරප ගත්ත ශක්තිමත් අත් දෙකක් දෙව්‍යාන්ගේ පපුව හරියේ නැවතිලා එතන යන්තමට ඇගිලි අතරින් මිරිකලා අතහරින ගමන් කන් පෙත්තකට සිතල දෙතොල් පහසක් තිබ්බයින් ඒ උණුහුම දැනුනේ හීනෙකින් වගේ....

එතනින් පස්සේ එයා ඉන්නේ ඇගේ එක ඇදුම් කෑල්ලක්වත් නැතුව කියලා එයාට තේරෙන්න ලොකු වේලාවක් ගත උනේ නෑ. දෙව්‍යාන්ගේ හදවතේ ගැස්ම හදිසියේ වේගවත් උනා. එයා හොද හුස්මක් අරගෙන දැන් ඉන හරියේ තියන බ්ලැන්කට් එ⁣කේ පැත්තක් එහෙම්ම උස්සගෙන පහළ බැලුවා....

දෙයියනේ කියලා රත්තරන් ටිකට වටින අහවල් ස්තානය තවමත් එඇඳුමක් දවටගෙන  හිටියේ... දෙව්‍යාන්ගේ තදින් යටිතොල හපාගෙන හුස්මක් ඇදලා අතහැරියා. මනුස්සයා ඇස් තදින් පියාගෙන කිටි කිටියේ තවමත් තදින් තමන්ට තෙරපෙන අසේක ගැන වෙන නරක දෙයක් නොහිතා ඊයේ වෙන්න ඇති හැකියාවක් පවතින දේවල් ගැන කල්පනා කරන්න පටන් ගත්තා.

නිකමට හිතමු මොනවද මතක කියලා . එයා ස්ප්‍රයිට් රස වැඩි ඩ්‍රයි ජින් වීදුරුවක අන්තිම හරිය බොස බාස ගාලා  ගහලා දැම්මට පස්සේ, බුබු රසයි සුවදයි කියලා දික් කරපු වයින් වීදුරුවත් පොර වගේ බීලා දැම්ම නිකන් වැදුණා වගේ එකක් උනා.

ඇඟ ගිනි ගන්නවා වගේ හදිසියේ දැනුනයින් එයා අසේකව හොයාගෙන මිදුල මැද්දට පල්ලම් බැස්සා... ඊට පස්සේ තරහා වෙලා හිටපු එක්කෙනෙක්ව යාළු කරගන්න කට කෑවා. තව ගොඩාක් දේවල් එතන සිද්ධ උනා... දෙව්‍යාන්ගේ කම්මුල් ලැජ්ජාවටම හැකිළුනා... ඒත් එයාගේ ඇස් ලස්සන පාටකට බැබළුනා.... එයාලා ගත කරපු හැම සතුටු මොහොතම අමතක නොවෙන්න මතකයේ ගැඹුරු තැනක තැම්පත් කර ගන්න වගේ දෙව්‍යාන් ගැඹුරු හුස්මක් ගත්තා...

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Kde žijí příběhy. Začni objevovat