26. පරිච්ඡේදය

1.2K 201 66
                                    

හවස් වෙලා ගෙදර එනකොට බුුබු හිටියේ සතුටින් පිරිලා.

බුබුනම් කිව්වේ නෑ එයාට ෆිලීන් ගුඩ් කියලා .... නමුත් අසේක දන්නවනේ බුබු සතුටින් පිරුණම කොහොමද හැසිරෙන්නේ කියලා. ඒකට ක්‍රෙඩිට් එක අපිට කිහිප දෙනෙක් අතරේ බෙදලා දෙන්න සිද්ධ වෙනවා ඉතින් . දෙව්‍යාන්ගෙ අත්තම්මත් ඉතින් ඉන් එක්කෙනෙක්.

සහස්ව දැක්කම මුලින්ම ඕනේ කෙනෙක්ට එයාට ආදරේ හිතෙනවා. චුට්ටක් ආශ්‍රය කරන්න ගියාම තමයි ඕකට හෙන ගැහිලා යන්නේ ඉතින්. සහස්ගේ වරදක් නෑ ඒකට. එයා ඉන්නේ එයාගේ විදිහටනේ. ඒක.දිරවන්නැති කෙනෙක්ට ඉතින් එයා එක්ක ඉන්න බෑ.

අනික බුබු කියන්නේ තේරුම් ගන්න අපහසු චරිතයකුත් නෙවේ. එයා හරිම නිදහස් හුරතල් කොලු පැටියෙක්. දඟම දඟ. චුට්ටක් නපුරු වැඩ කරන, ළගම අයට පණ දෙන්න ආදරේ කරන්න පුළුවන් හැබැයි ඕක පෙන්නන්න චුට්ටක්වත් කැමති නැති අහංකාර බඩ්ඩක්. 

ඒ උනාට අසේක බුබුව දන්නවා. මේ පාර මින්සර දුල්ලෑව නිසා සිද්ධ වෙච්ච හරුපෙ නිසා ඇරෙන්න බුබු කවමදාවත් ඔහොම අමුතු නිහඩ හැසිරීමක් පෙන්නපු දරුවෙක් නෙවෙනේ... හැමවෙලේම කෑගහගෙන උඩ පැනගෙන හිටපු කොට බෙල්ලෙපර් තක්කාලි ගෙඩියක්නේ එයා .... 

දෙව්‍යාන්ගෙ අත්තම්මා, සහස්ව දැක්ක ගමන් හැමෝම කරනවා වගේ එයාගේ කම්මුල ඇත්ත එකක්ද කියලා බලන්න අල්ලලා ඒක මිරිකුවා...

බුබුත් අසේකලගෙම වයසේ කීවම පුදුමත් උනා. ඊට පස්සේ  එයාට පයින් ඇවිත් මහන්සි ද කියලා ඇහුවම බුබු ගත් කටටම ඔව් කියලා දෙව්‍යාන්ටයි අසේකටයි රැව්වා... ආත්තම්මා ඒකෙන් එයාට තවත් ආදරේ වෙන්න ඇති.

සදවති ඉස්කෝලේ හාමිනේ විස්සෝප වෙන හින්දා මගදි මහසෙන් හම්බවෙච්ච අරවා මේවා දැන්ම නොකියා ඉන්න හතර පස් දෙනාම එකිනෙකාට පොරොන්දු උනා නම් තමයි, හැබැයි ඕකට සහස් එකතු උනේ නැති හන්දා අසේක හිටියේ බුබුව චුට්ටක්වත් අත්තම්මා එක්ක තනි නොකරන්න දැඩි අදිශ්ටානයෙන්.

සහස් කියන්නෙත් ඇත්ත ඉතින්.සුදුමැණිකට වෙන කවුද ඉන්නේ. අම්මයි එයයි ඇරුනම... ඒ ගැනම එයාලා අමුතුවෙන් බය වෙන්න ඕනේ තමයි ...

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now