20. පරිච්ඡේදය

1.3K 193 80
                                    


නහයෙන් අඩන ඉල්මි හිටියේ දහවෙනි වතාවටත් සමාගම් ගානේ එකම තැන පැන්සලක් සූප්පු කරන බිඩීයට කියලා දෙන්න ෆුල් ට්‍රයි එකක් දෙන ගමන්...

" බැලන්ස් වෙන්නෑනේ....." බැරිම තැන බීඩීයා මේ කනට නෑහෙන්න මුමුණනකොට ඉල්මිගේ කම්මුල් කේන්තියටම රතු වෙලා ගිහින්...

" මේ කැල් එක අරගෙන ආයෙම ට්‍රයි කරන්න සුපුල්.... මුල ඉදලා... මුල ඉදලා......"

බිඩීයා ඒ පාර ඇස් අස්සේ පැන්සල ගහගෙන දැක්කම බයෙත් බෑ ඉන්න විදිහට කූර ගිහින් ඇහේ ඇනෙයි කියලා....

" මේ ගානම අපි උත්පලා ටීචර් එක්ක දෙ පාරක්ම හැදුවා..... මතක නෑ" ඉල්මී ආයෙම කනු කුණු ගෑවා.

දෙව්‍යාන් ඉල්මි දිහා බලලා ආයෙම එයා ඉස්සරහා බබා වගේ ඉදන් ඉන්න අසේක දිහා බලා ගත්තා.

සුදු මැණිකේ නම් අත්තම්මාගේ ඔඩොක්කුවෙම හොදටම දොයි...

අසේකත් මේ කල්පනා කර කර ඉන්නෙ ඔක්කෝම දමලා ගහලා දෙව්‍යාන්ගෙ ඔඩොක්කුවේ ඔහොම ගුලි වෙලා නින්දක් දාන්න තිබ්බනම් කියලා වෙන්න ඇති. සමහරවිට මේ සමාගම් ගානය කියන එක එච්චර වැදගත් නැතුවත් ඇති දෙව්‍යාන්ගෙ ඔඩොක්කුව තරම්.... අසේක අතේ තිබ්බ ප්ලාස්ටික් කෑල්ල හපාගෙන එයාට හිතෙන සමහර සමහර දේවල් නිසා කට කොනකින් පටන් ගත්ත හිනාව නවත්තන්න වගේ අමුතු තාලෙට ඇඹරුනා....
මොකෝ සමාගම් ගානට නගිනවා කියලයැ... මං  කියන්නේ මේ දෙව්‍යාන්ගෙ ඔඩොක්කුවේ හිටියම අසේකට....ආව්....ආ.... ඒකනම් රිදුනා....

" ⁣ගාන හදපන් " දෙව්‍යාන් අසේකගේ කන හීනීයට කරකවලා අරන් සද්දෙකුත් දැම්මා... " බලපන් කැල් එකෙත් එක්ක කෙල" දෙව්‍යාන්ගේ අලුත්ම කැල්කියුලේටරේ අසේකගේ දත් පාරක් හිටිලා ගිහින් ගැබුරටම. ලේනා කෑවා වගේ. ඔව් ඉතින් ඒ පොල් දත් වලට අහුවුනාම ආයේ මක්කැයි... ලේනා කෑවා වගේ තමයි. නිකන් ලේනා නෙවෙ දඩු ලේනා.....

".....කැල් එකෙන් විතරක් ගනන් හදන්න බෑ හුත්තො..... ඒකට සිංහලත් පුළුවන් වෙන්න ඕන ප්‍රශ්න තේරුම් ගන්න....." අසේක කටත් උල් කරගෙන අතේ තිබ්බ ප්ලාස්ටික් කැල් කෑල්ල කරකලා මේසේ උඩට අතැරියා.

" කට නම් තියනවා...." දෙව්‍යාන් හුස්මක් අරගෙන කිව්වා...

අසේක බෙල්ල දෙපැත්තට ගස්සලා දෙව්‍යාන්ට ඇද කරන ගමන් ආයෙම ඔරව ගත්තා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Onde as histórias ganham vida. Descobre agora