9. පරිච්ඡේදය

1.3K 181 49
                                    

හකුරු කෑල්ලක් එක්ක උණු තේ එකක් කියන්නේ මෙහෙම වැහි දවසකට ඖෂධයක් වගේ. පෙද පාසි හෝදගෙන චුරු චුරු සද්දෙයි හමන හුලන් වලින් විසිරිලා වැටෙන වැහි බිංදු මෙච්චර ලස්සන ඇති කියලා අසේක කවමදාවත් හිතලා තිබ්බේ නෑ.

පොද වැස්සේ හීතලත් එක්ක හොදටම තෙමිලා වෙව්ළුම් දෙන අසේකට දෙව්‍යාන් හදලා ගෙනත් අත උඩින් තිබ්බ ඉගුරු දාපු තේ කෝප්පේ පුදුම පහසු හැගීමක් එකතු කරේ. ⁣ඒකටම මුරුක්කු රසත් එකතු උනාම.... දිව්‍යලෝකේ ගියා වගේ.

මහේශ්, බිඩීයා එක්ක කුස්සියාලත්තේ ගජරාමෙට මුරුක්කු බදිනවා සුදු මැණිකට පොලට අරන් යන්න... ඒ අස්සේ ගේ මැද්දේ කුරු කුරු ගාන රේඩියෝ සද්දේ. කෙල්ලෙක් හයියෙන් හිනා වෙලා එයාව අහන් ඉන්න කොල්ලෙක්ව ඊලග සින්දුවට එකතු කරන ගන්නවා... මේ හැම දේම තමන් වටේ ගොඩනැගුනු වටපිටාවට නිකම්ම ගැලපිලා ගියාම...

දෙව්‍යාන් හිටියේ ඉස්තෝප්පුවේ අසේක හේත්තු වෙච්ච කණුවටම එහායින් බිත්තියට බර වෙලා ...

කතා කරමු මම අහන් ඉන්නම් කිව්වට අසේක ලොකු දෙයක් කතා කරේ නැති තරම්... ලොකු දෙයක් නෙවෙ මිනිහා වචනයක් කිව්වේ නෑ. අහන් ඉන්නම්ය කියපු දෙව්‍යාන් නම් එතකොට කතාව පටන් අරගෙනත් ටිකක් වෙලා...

" අම්මා නැති උනාම තාත්තාට ගෙදර ඉන්න බැරි උනා. එයා ගියෙ කොහෙද ඉන්නේ කොහෙද අපි දන්නේ නෑ. අත්තම්මා මාවත් ඇදගෙන ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා කෝකටත් කියලා තාත්තා ගැන ආරංචියක් නැහැ කියලා... අදටත් එයා මටවත් අත්තම්මටවත් වැරදිලාවත් කතා කරන් නෑ... " දෙව්‍යාන් දන්නේ තාත්තා ජීවතුන් අතර ඉන්න බවක් විතරයි... සමහරවිට..

තාත්තා ගැන කතාවෙන් දෙව්‍යාන්ට හොදක් දැනුනේ නෑ. මොකක්දෝ හේතුවකට දෙව්‍යාන්ට කවමදාවත් තාත්තා එක්ක කිසිම සමීප හැගීමක් දැනිලා තිබිලා නැ. මතකයක් ඇති කාලෙක ඉදන් තාත්තා කියන්නේ හැමදාම දෙව්‍යාන්ට පිටස්තරයෙක් විතරයි.

" ඔයා මාව විශ්වාස කරන්නැතිවෙයි අසේක.... ඒත්.... මට මතක නෑ ඔය බටනළාව මගේ අතට ආපු විදිහක්වත්..."

දෙව්‍යාන් කිව්වා. එයාගෙ පෙනුමෙම තිබුනේ අවිනිශ්චිතභාවයක්.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now