51. පරිච්ඡේදය

1K 162 168
                                    

අසේක හිටියේ සෑහෙන කාලෙකට පස්සේ, ඉස්සර හරිම පුරුදුවට දැනුන දැන් එහෙම නොදැනෙන අවුරුදු ගානක් තිස්සේ එයා ජීවත් උනු බිත්ති හතර ඇතුලේ ඔහේ පැත්ත ගහලා වැටිලා...

".......ඔයා හින්දා මම ආවේ චුටික්කි.... ඔයා කතා කරපු හින්දා.... මට ඔයාලා මෙහෙම කරන එක වැරදියි...."

අසේක කිව්වේ එයාගේ එකම අක්කා දිහා බලන ගමන් අර හට්ටියක් වගේ ඉදිමිච්ච කම්මුල් එක්ක. ඔය කොරගෙන තියෙන්නේ යසට.... කටහඩත් යන්තමින් වෙව්ළනවා ...

කවිතාංජලී මොණරවිල එරමුදුලියද්දේ... ලස්සන කඩාහැලෙන දිග කොණ්ඩයක් එයාට තිබුනේ... බෝල ඇස්... තනිකරම නර්මදා: අසේකගේ අම්මා වගේමයි එයාගේ අක්කා.

මෙතන කුකුස කාරණා බොහොමැයි...

කවිතාංජලී වැදගත් දේකට ඇරෙන්න මළාටවත් මේ නුවර පස් පාගන්නේ නැති මනුස්සයෙක් වෙච්චි. ඒකනේ , මැරෙනවා කියන්නේ එච්චර වැදගත් දෙයක් නෙවෙයි හරි ද ... කොහොම උනත් එහෙව් දෝණියැන්දානේ මේ ඒ පැත්තට ගොඩ බැහැලා උන්නේ.

ඇමති මොණරවිල වයසක උන්දෑ ⁣වල පයයි ගොඩ පයයි තියන් , හැබැයි එහෙම කියන්නත් බෑ මනුස්සයා ෆිට් පොරක් හිටපු ගමන් පිස්සු නටන්නැත්නම්. අන්න ඒ උන්දෑ කවිතාංජලීට කලින් දාපු ඇම කෙල්ල ගිල්ලේ නෑ... ඔන්න ඒ හන්දා එන විදිහක් බලලා මේ අල්ල පනල්ලේ කෙල්ලටත් එන්න උනේ එයාගේ සියා තාත්තා එයාව ගෙන්න ගන්න පුළුවන් හොදම තුරුම්පුවත් ගහපු හන්දා...

වෙන කවුද ඉතින් , අසේක....

අසේක කොල්ලෙක්ට ගහලා ඒ කොල්ලා මැරෙන්න වැටිලා කියලා ආරංචිය එනකොට කවිතාංජලී ඕක ගනන් ගත්තේ නෑ මුලින්. අසේක කියන්නේ කොහොමත් එයාගේ මැර මල්ලිනේ...

අසේක ඒ ගහලා තියෙන්නේ දුල්ලෑව වලව්වේ එකෙක්ට කියන ආරංචිය ආවමත් කවිතාංජලී නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්... අවුරුද්දක් වතාවක් එන ගුඩ් නිවුස් එකක් ඕක. කොහොමත් ඔය දුල්ලෑව පවුලත් එක්ක සීයා තාත්තගේ ඇයිහොදැයිය ඇරුනම මම හිතන්නේ ඒ සම්බන්දෙට ඔය ගෙදර බල්ලවත් එච්චර මනාපයක් නෑ.

හැබැයි කවිතාංජලීට මිස්ටර් මන්තිල දුල්ලෑව , දුල්ලෑව ලොකු පුතණ්ඩියාගෙන් , දවසේ අවේලාවක, ඒකත් මැසෙන්ජර් හරහා පර්සනලි කෝල් එකක් ආවම කෙල්ල කවදාවත් නැතුව රත් වෙලා ගියා....

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now