10. පරිච්ඡේදය

1.3K 180 71
                                    

විසිපන්දාහට අරන් දාහට අක්මාව විකුණුවා වගේ මනෝ පාරක් ගහගත්ත අසේක , ළමයි එහෙ මෙහෙ දුවන පිට්ටනියේ පැත්තක් බලන් හෙන ඩිපකට සෙට් වෙලා ගල් පොත්තකට බර වෙලා හිටියේ .

මම මේ කියන්නේ ඔය ඉස්කෝලේ හෙන අමුතු ස්ට්‍රක්චර් එකක් තිබ්බේ . මම දවසකතු කිව්වා නේද හොග්වර්ඩ්ස් වගේ කියලා. ⁣

ඉස්කෝලේ තැන් තැන් වල ස්වාභාවිකව මතු වෙච්ච ගල්පොතු තියනවා. හරියට ගස් කොළන් එක්ක පලාතම එකම නීල වර්ණිතයි.

එක වසරේ ඉදන් පහ වසරට පේලීයට පන්ති පහක් තිබ්බා පිට්ටනිය ඉවර වෙන කෙලවරේ ඉදන් එක පේළියකට

ඊට පස්සේ මල් පාත්ති පේලිය එක්ක හය වසරේ පන්තිය. හය වසරේ පන්තිය එක්ක එකට යා කරේ ප්‍රාතාකු කාමරේ.

ඉස්කෝලේ පුංචි උනාට අලුතෙන්ම හදපු සයන්ස් ලැබ් එකක් තිබ්බා අතු පතර විහිදවපු නුග ගහට හරිම කිට්ටුවෙන්. ඕක ඔය කොට බිජු මොණරවිලගේ සමාජ සේවා තමයි. එහෙම කරන්න එපැයි ඉතින් . උං කාලා ඇදලා ඉන්නේ ජනතා මුදල් වලින්. ඕවා යුතුකම්...

ඊට පස්සේ ඉස්කෝලේ ගැන ආයෙම ගත්තොත්, එහෙ මෙහෙ විහිදුනු සරුසාර එළවළු පාත්ති එක්ක තියන කෙසෙල් වත්තෙන් එහා තමයි හත වසර අට වරස නමය වරස පන්ති තුන එක පේලීයට තියන බිල්ඩිම.

ඔතන ලග තමා පොඩි බට්ටෝ සෙල්ලම් කරන තැන හදලා තියෙන්නේ. උදේ දහය එකොලහ වෙද්දි කනක් ඇහිලා ඉන්න නෑ කච කචේ. හූ තියනවා. දුවනවා. වැටෙනවා. අඩනවා.

කොමර්ස් ⁣සෙක්ශන් එකටය කියලා ඉස්කෝලෙටම තිබුනේ එක පන්තියයි. ඒ එකම පන්තිය තිබුනේ ඔය සෙල්ලම් පිට්ටනියට එහායින් පේන මානයේ. අනික් ඒලෙවල්ස් සබ්ජෙක්ට් ඉස්කෝලේ තිබ්බේ නෑ. ආට් කොමස් විතරයි.

ඉස්කෝලේ වත්ත වනන්තරේ සීමාවෙන් ඉවර වෙන්න කලින් එලෙවල් ආට් පන්ති දෙකයි මියුසික් කාමරෙයි පටන් ගන්නවා. තට්ටු දෙකේ බිල්ඩින් එකම එකයි ඉස්කෝලෙට තිබුනේ. එතන තමයි දහය එකොලහ පන්ති දෙක එක්ක අලුතින් හදන කම්පියුටර් ලැබ් එක තියෙන්නේ. දැනට නම් ඉස්කෝලෙටම තියෙන්නේ එකම එක කම්පියුටර් එකක් විතරයි. මේ පාර මැතියරනෙට කලින් සජාන් මහත්තයා ඔය ලැබ් එක හදලා ඉවරයක් කරලා දායි.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now