40.පරිච්ඡේදය

1.2K 186 57
                                    

අසේක ඇස් අරිනකොට දැනුන සිංහල බෙහෙත් සුවදට එයාගෙ නාස් පුඩු හැකිලිලා ගිහින් සාමාන්‍ය අතට පත් උනාා

⁣තිත්ත සුවදයි... බෙහෙත් බඩු වලින් එන තිත්ත සුවඳ මතකද අන්න ඒක... ඊට පස්සේ පුංචි කටුක සුවදක් එක්ක බෙහෙත් වතුර තැම්බෙනකොට එන පුසුබ හැමුවා.

මහා දවාලේ උනත් රක්ෂිතේ ⁣පහළ ගම්මානේ වෙද නිවස තිබුනේ වට පිටාවේ ගහ කොලෙන් වැහිලා මලානික කළුවර පාට ගැහිලා... තෙත මැටි පොළවට උඩින් උණුසම් වටපිටාවක් ගොඩ නැගිලා. මෙතනට ලගම පෙන කන්දෙන් දිය ඇල්ලක් කඩා වැටෙන සමීප ඡායාරුපයක් දැක ගන්න පුළුවන් . ඕක තියෙන්නේ වහින කාලෙට විතරයි.

ඉර එළිය පෙරීගෙන වැටුණු ගෙමිදුලේ තැන් තැන් වල කපපු බෙහෙත් මුල්, ගෙඩි, කොළ ,අතු පොතු හැමදේම වේලෙන්න එලලා. වෙද ගෙදර පූස් තඩියා තැඹිලි පාට ලොකු කන් තිබුනු තරබාරු එකෙක්. අසේකව දැකලා මිනිහා බොරුවට කෙදිරි ගාලා ඇද උඩින් පැනලා බෙහෙත් ඔළුව පැත්තට කකුල් තිබ්බේ හරි උජාරුවට ලෙඩා නැගිට්ට ඔත්තුව දෙන්න වගේ...

" ආහ්" අසේකට කෙඳිරි ගෑවුනා.

ගින්දර වලට පිලිස්සෙන අල සුවදකුත් කොහෙන්දෝ ගලනකොට එයා හෙව්වේ පුරුදු රූපයක්. එයා ඔළුව යන්තමට ඉස්සුවා.

" බබා ..... හිමීට...හිමීට...." නුවන්ත කොහේ ඉඳන් ආවද මන්දා , අසේකව වත්තම් කරලා අරගෙන කෙලින් කරා.

අසේකගේ කොදුඇට පේලීයේ ඉඳන් තලලා දාලා වගේ ඒ වේදනාව ගලන්නේ.

" ව...තු....ර....." උගුර කට වේලවලා දාලා වගේ...

" සුකීරියෝ...." ඒ අස්සේ නුවන්ත කැගහනකොට තමයි අසේකට හුස්මක් ගන්නවා කියලා දැනෙන්න පටන් ගත්තේ...

දඩි බිඩියේ මතු වෙච්ච අවුල් වෙච්ච හිසක් සහිත කඩවසම් කොල්ලෙක් අතේ තිබුනු බෙහෙත් මුල පැත්තකට දාලා ඇස් ඇරලා ඉන්න අසේක ලගට ඉගිලුනා.

" බුරුලේත්තු⁣ව..." නුවන්ත පෙන්නුවේ ඇහෙන්. කොල්ලා අවශ්‍යතාවය ඉක්මනින් අදුරගෙන පොල්කට්ටකට වතුර පුරවගෙන නුවන්තගේ අතින් තිබ්බා.

අසේක ඇස් වලින් අමාරුවෙන් දෙව්‍යාන් එක්ක හිනා උනාම දෙව්‍යාන් අත් බැඳගෙන එයා දිහා බලලා දුක පාට පිළිතුරු හිනාවක් දුන්නා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now