44. පරිච්ඡේදය

1.1K 171 64
                                    

" බොසා "

පැතුම්, මහා බර හිතලු පිරුණු ඔලුවක් උස්සගෙන වගේ නලල රැළි කරගෙන සිගරෙට්ටුවක් උරන සජාන්ගේ පැත්තකින් ඇවිත් හිට ගත්තා.

සජාන් ඇස් කොනෙන් පැතුම් දිහා බලලා ආයේම වෙනතක් බලා ගත්තා. එයා හිටියේ යම් කල්පනාවක හිර වෙලා.

කැබ් රතය නවත්තලා තිබුනේ රක්ෂිතේ පැත්තකින් වැටෙන පාරේ රුක්මල් ගහ යට. සජාන් උන්නේ කැබ් රතයේ බදට හේත්තුවක් දාගෙන.

අද ටිකක් රස්නේ දැනෙන දවසක්. දින කිහිපයකින් රක්ෂිතේට වැස්සක් වැටිලා නෑ. සිරිපා වාරේ පටන් ගන්න ඔන්න මෙන්න තියලා තව වැස්සක් අල්ලලා හිමිට නරතවෙවී...

රුක්මල් ගහේ අත්තක වහපු කැලෑ කුරුල්ලෙක් දෙන්නෙක් අමුතු දෙබසෙන් හඩ තියන්න ගත්තා. එක්කෝ ඒ හරියේ කුරුළු කුඩුවකට ගැරඩියෙක්වත් රිංගන්න ඇති කියලා සජාන්ට නිකමට හිතුනා. එච්චර කලබලයි ඒ කුරුලු ජෝඩුව...

කොහොමත් සජාන්ට දැන් කාලේක ඉදලා  සිද්ධ වෙන හැමදේම මහා අමුත්තකට පේන සීන් එක පුරුදු දෙයක් වෙලා තිබුනේ. ඒක නිකන් හුනෙක් චුක් චුක් ගෑවත් මරණ බය ඇති වෙනවා වගේ දෙයක්.

හරි ඉක්මනට මහා නරක දේවල් හිතෙනවා. ළඟදි සිද්ධ වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔය ගතිය තව වැඩියි...

" බොසා අපේ බබා මහත්තයා එක්ක වෙද ගෙදර ගිහින් ආ දවසේ ඉදන් නිකන් ඇන්ටනාවක් නැති පෙට්ටි ටිවී එක වගේ කිසිම පැහැදිලි දසුනක් දෙන්නැනේ අප්පා..." පැතුම් කියවනවා. " මාවත් නිකන් වයර්ශෝට් වෙනවා "

වෙද ගෙදර මතක් කරත් හරි අර හිතුවක්කාර අසේකගේ කන පලන්න හිතෙනවා එයාට...

එදා දෙව්‍යාන්ගේන් පාඩමක් අහගන්න තියනවා කියලා බලෙන්ම සදවතී ඉස්කෝලේ හාමිනෙගේ ගෙට රිංගලා ඕකා බේරුනේ. 

උනෙ මෙකනේ...

සජාන්ලා වෙද ගෙදර ඉන්න වෙලේ හදිසියේ දෙව්‍යාන් දාඩිය නාගෙන වෙද ගෙදරට කඩා පැන්නනේ හති හලාගෙන හරියට ඉස්කෝලේ වත්තේ ඉදන් වෙද ගෙදරට මැරතන් එකක් දිව්වා වගේ.... එච්චරක් වෙලා මූණ හට්ටියක් වෙලා කන්දේ වෙදාට රවාගෙන කතා වහලා  හිටිය අසේකගේ මුණ නා මලක් වගේ පිපිලා ආවේ ඉන් පස්සේ....

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now