27. පරිච්ඡේදය

1.2K 194 127
                                    

රක්ශිතේට ඉර පායනවා. සජාන්ගේ පුංචි බංගලාවේ සිංහල උළු හෙවිලි කළ වහළ මැද්දෙන් පෙරීගෙන එන ඉර රැස් අපතයා පොලවේ ගහලා වගේ පස්ස උඩ දාගෙන කටත් ඇරන් නිදන් හිටපු අසේකගේ ඇද වියනට වැටුණා...

ඔන්න ඊයේ රක්ශිතේ ඉස්කෝලේ ⁣නිවාඩු හම්බුනානේ. ඔය සති දෙක තුන ඉවර උනාම ආයෙම විභාග බීශනේ. කොරොනා ආවත් හරි මේ අධ්‍යාපන ක්‍රමය තිබ්බ එකටත් වඩා අන්ජබජලක් වෙලා තියෙන්නේ. එක එක කාල වල එක එක විදිහට අවාරෙට පොල් වැටෙනවා වගේ සිලබස් කවර් වෙන විභාග පැවැත්වෙන වෙලාවල් කලාවල් ඉදලම වෙනස් වෙලා. ඔන්න ඔය මේකේ ඉන්න සමහර නාකි උදවිය ඉස්කෝලේ ගියා වගේ අර මාසේට ඒලෙවල් මේ මාසේට ඕලෙවල් අගොස්තු පහ ශිශ්‍යත්වේ කියලා එකක් නෑ දැන්.

විභාග බීසනය තියමුකෝ අපි පැත්තකට. එතකොට අසේකලගේ අවාරේ සිරිපා සංචාරෙ. දැන්ම ඇති අර දෙතුන්දෙනා කඳ මලු බැදන් රක්ශිතේ රිංගන්න ලෑස්තියේ.

ශෙරොන් වැඩේට කැමරාවේ ඉදන් අටවගෙන ලක ලෑස්තියි. තිහස්වරගේ ගෙදරින් තමා මුල්ම බර බරේ ක්ලාසස් කට් වෙන අරකට මේකට කියලා වැටෙන්න පටන් ගත්තේ... ඒත් එයා ඒ ඔක්කෝම අධ්‍යාපනික සීන් කෝන් ටික කවර් කරගන්නවා කියලා පොරොන්දු වෙච්ච එකත් , මේ ගමනට බුබු රක්ශිතේ ගිය එකත් හේතුවක් වන නිසා යන්තම් ශේප්මන්ට් එකක් දා ගත්තා ගේමක් ගහලා.

කොස්තා තඩියත් ලෝකේ තියන ඔක්කෝම මගුල් දෙසාබාලා ගෙදරින් කැමත්ත අරගත්තා නොවදිනා වැදුම් වැදලා, මල් තියලා, හදුන්කුරු ගහලා පහන් අටවලා තොවිල් නටලා එහෙම.

ශාලුක නම් ඔන් ද ස්පොට්. මනුස්සයා වාහනේකුත් ලෑස්ති කර ගත්තා පට ගාලා. එයාට ඔය පවුල් කතා නෑ. කෙලින්ම ෆ්‍රි මෑන්...

අසේක තවම සිරිපා ගමන ගැන සජාන්ගෙන් ඇහුවේ නෑ. ඒකට ඊයේ රෑ වෙලාවේ බුබු එක්ක එයා ගැහුවා සුපිරි ප්ලෑන් එකක් එයා, අයියගේ කැමත්ත ගන්න කියලා. සුපිරි ප්ලැනක් කියන්නේ ඉතින් මෙහෙමයි ඒක වෙන්නේ. එයාලා අහනවා , එපා කිව්වොත් අඩනවා. එච්චරයි ... සරලයි... සුගමයි...

අසේකගේ පස්ස පැත්ත මැද්දෙන් පෙරුනු අර කියපු ඉර රැස් ඔන්න නගිනවා එයාගේ පිට කොන්ද දිගේ උඩට. ඒ කියන්නේ දැන් වෙලාව ඇති උදේ නමයට නමයහමාරට අඩුම දහයට විතරවත්... පහුගිය කාලෙට අල්ලන්නත් කියලා මේ යකා මලා සේ නිදි. කන ළඟ හොරනෑවක් පිම්බත් ඇහැරෙන්නැතිවෙයි වගේ.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now