4 පරිච්ඡේදය

1.4K 202 82
                                    

සෙනසුරාදා දවසයි ඉරිදා උදේ වෙනකනුත් අසේක කරේ හොදට නිදාගන්න එක. ආය කුඩු ගහලා වගේ. ඒක හාත්පසම වසාගෙන තිබුනු කදුකරය එක්ක හිත හිරිවැටෙන ජාතියෙ අමුතු සුවපහසු හැගීම, එයා හිටපු කලබල නුවර නගරයෙන් එයාව ගම්මානයක ජීවිතෙට පිලිගන්න හැටි ටික ටික කියලා දුන්නා වගේ.

කාමරේට ආවමනම් ඩේටා ප්‍රශ්න තිබ්බේ නැති නිසා අසේක හිතෙ හැටියට සමාජ මාධ්‍ය ජාලා වල සැරිසැරුවේ අඩුම මේ බංගලාවේ කතා කරන්න කියලා යක්ශ පැටියෙක්වත් නැති එක ගැන විස්සෝපයෙන්. කොරි.... යක්ෂයෙක් ඉන්නවා පැටියා තමා තාම නැත්තේ...

සෙනසුරාදා රෑ සහස් , එරමුදුලියද්දේ ඇමතිතුමා හම්බවෙන්න ගිහින් හොද නාඩගමක් නටලා කියලා අසේකට ආරංචි වෙනකොට එයා වචනයක්වත් කිව්වේ නෑ. සීයාතාත්තා උනත් සහස් අසේකගේ යාළුවෙක් විදිහට අදුරනවා සහා සහස් කාගේද කින්ද මන්ද , එතකොට දුල්ලැවගෙ ප්‍රශ්නෙට එයාගෙ සම්බන්ධකම මොකක්ද කියලා ඔක්කෝම දන්නවා කියන දේ අසේක දැනගෙන හිටියේ.

ඒත් වෙච්ච දේවල් එක් ඇමතිතුමා සහස්ටත් පුරුදු අවවාද ටික දීලා මේක අසේකගෙ දඩුවම් කාලයක් කියලා හිතන් කියන ගමන්, අසේකට උදව්වක් වෙන විදිහට වැඩ කටයුතු කරන්නත් එයාලව පොරොන්දු කරගෙන තිබුණා. සහස් ඒකටත් එක්ක අවුලෙන් ඉන්නේ කියලා තිහස්වරගෙ කටින් යන්තමට අල්ල ගන්න අසේකට පුළුවන් උනා. දුක හිතුනු සහස්වනම් අසේක⁣ට ආම්බාම් කරගන්න පුළුවන්. හැබැයි දුක හිතිලා තරහින් ඉන්න සහස්ව නම් .... නෝවේ.... ලගකින්වත් යන්න හොදනෑ. ඒ හින්දා අසේක සහස්ට කතා කරන්න ට්‍රයි කරේ නෑ.

" උබට කියන්න මගෙත් පුපේ අමාරුවට මාත් ගියානේ දෝණි පස්සෙන්. හැබැයි සහස් උබලගෙ ඇමති සීයාතාත්තව ඉමෝෂනලි බ්ලැක් මේල් කරලා තිබ්බේ ගානට හරේ. වැඩේ හරියන්නත් තිබ්බා සගොර්. උබේ එවිල් අප්පොච්චි හිටියනෙ ගම කන්න. නැත්නම් මන්ඩේ වෙනකොට උබ ආයෙම මන්දාරම් නුවරට ශු........ කියලා එනවා මගේ ඇම්ට දෙක පල්ලා" ශෙරොන් පට්ට රෑ මැද උට නින්ද යන්නැ කියලා අසේකට කතා කරපු ඇමතුමෙනුත් තිහස්වර නොකියපුවත් එක්ක අනික් කේළම් ඔක්කෝම දිගැර ගන්න අසේකට පුළුවන් උනා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now