2 පරිච්ඡේදය

2.7K 242 49
                                    

" චුටී නවත්තපන් "

සජාන් මොණරවිල එරමුදුලියද්දේ, නමේ හැටියටම හෙන හීන්දෑරි එයාගෙ ප්‍රාණ සම අපාය සහයකය මිතුරා, පැතුම්ගේ උරහිසට තට්ටුවක් දාන ගමන් කිව්වා. ශ්‍රි පාද රක්ශිතේ පැත්තකට වෙන්න තිබ්බ අඩි පාර ඉස්සරහා නවත්තලා තිබූණු හුරු පුරුදු ට්‍රෙල් බයික් එක දැක්කම නිකන් කහනවා කහනවා වගේ එයාට. දැක්කේ නෑ වගේ යන්න පුළුවන්කම තියෙනකොටත් එයාට ඇගිලි නොගහා ඉන්න තරම් හිත හදාගන්න බැරි තරමට ඔය ට්‍රෙල් බයික් එක එයාව අවුල් කරවනවා.

පැතුම් එතනම තිබ්බ මල් පිරුණු රුක් මල් ගහ මුලට තියලා කැබ් එක නැවැත්තුවා. පලාතෙම රුක් මල් පිපිලා හැලිලා සුවදට ඇත්තටම නගිනවා. ඒ තරම් අමාරු නහය කඩන් යන පුදුම සුවදක් ඒක. 

රුක් මල් සුවද බලන්න නෙවෙනේ පැතුම් ගානට පැත්තකට කරලා වාහනේ මෙහෙම නැවැත්තුවේ සජාන්. ඉතින් පැසෙන්ජර් ශීට් එකට වෙලා ටික වෙලාවක් හිටපු සජාන් ඒ පැත්තෙන් දොර ඇරගෙන එලියට පැනලා පපුව පුරවලා හුස්මක් අර ගෙන වටපිටාවට ඇහැ දැම්මේ එයා හොයන දේ තියන හරියක් හරියටම හොයා ගන්න උවමනාවෙන්.

සජාන් මොණරවිල එරමුදුලියද්දේ අඩි හයක් කිට්ටුවට උස මනුස්සයෙක්. කඩවසම් කියන්න පුළුවන් රූප කායක් එක්ක, එයාගෙ මුණේ තිබුනෙ අර නාහෙට අහන් නැති මරුමුස් හැබැයි හෙනම හිත ඇදිලා යන ආකාරයේ පිරිමි පෞරුෂයක්. පිට මැද්දට දිගට තිබුණු ⁣රැලිම රැලි කොණ්ඩේ මුදුනට වෙන්න බැදලා මුහුදු නිල් පාට ශර්ට් එකෙ අත උඩටම නවලා කළු ඩෙනිමකට ශුශ් දාලා හිටපු එයා අතපය පුරාවට හක්ගෙඩියේ ඉදන් එක එක ජාතියේ ඇට මාල එල්ලගෙන හිටියේ. එහෙන් මෙහෙන් තඩි පිරිත් නූලක් දෙකකුත් තිබුණා.

මිනිහා පපුව ඉස්සරහට දාලා හොදට වවලා ශේප් එකට කපලා තිබුණු එයාගේ රැවුල මෙහෙම කරලා අතගාගෙන දකුණු අතේ බැදලා තිබුණු රොලැක්ස් වොච් එක කරකවලා වෙලාව බැලුවා.

රක්ශිතේ බටහිර අහසින් ලාවට ඉර බැහැගෙන යනවා. හාත්පස කළුවරයි රෑ වෙන්න වෙන්න ඇහෙන රැහැයි සද්ද එක්ක පලාතම හෙනම හොල්මන් පාට වෙන්න පටන් අරන් තිබුණේ. සජාන්ගෙ නොඉවසිලිමත් දුබුරු ඇස් අදුර මැද්දෙන් උනත් සෑහෙන්න විමසිලිමත් පාටට ආයෙම වටපිටාවේ සැරිසැරුවා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Kde žijí příběhy. Začni objevovat