8 පරිච්ඡේදය

1.3K 183 45
                                    

".....අඩෙයි මලයි වරුම්
අදිල් නනයි වෝමේ
කුලිල් කාචලෝගු ස්නෙහම්
ඔරු පෝර්වයික්කුම්
ඉරු තූක්කම්..."

( ....මේ වහින වැස්සේ අපි තෙමෙමු
තෙමිලා උණ හදාගෙන එකම පොරවනයේ තුරුළු වෙලා නිදාගමු... )

"කුලු කුලු පොයිගම් සොල්ලි
යෙන්නයි වෙල්වායි
අදු තෙරින්දු කෝඩ අන්බේ
මනම් අදියේතාන්
එදර්පාක්කුම්..."

(.....පොඩි පොඩි බොරු ගොඩාක් කියලා
මගේ හිත දිනා ගන්නවා
ඒ බව දැන දැනත් මගෙ රත්තරනේ
මගේ මේ හිත එයම තමයි බලාපොරොත්තු වෙන්නේ...)

කොහෙන් කඩා පාත් වෙච්ච වැස්සක්ද මන්දන්නැහැ... හැබැයි රක්ශිතෙට වැස්ස වැටෙනවා. වැහි එනවා කියන්නේ අතු ගංගා පිටාරෙ ගිහින් කුරුවිට ගග පිරිලා ඉතිරෙනවා කියන එක. දිගටම වැස්සොත් එතකොට රක්ශිතේ පැත්තක් යට වෙනවා. පාරවල් ඇහිරෙනවා. ජර මර ගොඩායි.

දෙව්‍යාන් එක්ක රණ්ඩුවක පැටලිච්ච අසේක ආච්චි වැහිලා වගේ වැස්ස මැද්දෙන්ම ගෙදරින් එලියට බැස්සනේ. මහේශ් තමයි දුවගෙන ගිහින් ඇදගෙන ආවේ දහසකුත් දේවල් කියලා.

මහා වැස්සෙම පාරට බැස්සට මොකද මිනිහා යන්න ඕනේ තැනක්වත් දන්නේ නෑ. ඒක ඒ වෙලාවේ මතක් උනෙ නැති උනාට මල පැන්නා කියලා, ආයෙම දෙව්‍යාන් එක්ක ගහ මරා ගන්න ඕනේ නැති හින්දමයි කෙන්තියටත් එක්ක අසේක එහෙම්ම ගෙදරින් එලියට පැන්නේ. එතකොටත් හෝ ගාලා වහින්න පටන් අරන්.

දෙව්‍යාන් සුදු මැණිකක් ගැන කිව්වා විතරයි අසේක මුඩ් ගැහුවා...

වෙන දේකට නෙවේ දෙව්‍යාන්ට එහෙම කෙල්ලො පාවිච්චි කරලා අතාරින්න දෙන්න බෑනේ. කෙල්ලෝ කියනනේ ඉල්මී තමයි ඉතින්. මෙතිදුවරායියේ මෙතිදුවරායියේ ගාගෙන ගිරිය කඩන් කෑ ගහන්න එතකොට එයාට දෙව්‍යාන් කෙනෙක් නැති වෙනවනේ .

එහෙම බෑනේ නේද . ඉල්මිට ඇත්තටම මොකද වෙන්නේ  දරුවෙක් එක්ක තනි උනාම. අසේකට තමා කර ගහන්න වෙන්නේ ඒකටත්... සීයා ගහයි කිව්වලු....

කොච්චර උනත් වෙන කා එක්ක නැතත් ඉල්මී දෙව්‍යාන් එක්ක යාළු ඇති කියලා හිතන එක ආතල් කියලා අසේක හිතුවා. ඒක එහෙම උනොත් එයාට පුළුවන් දෙව්‍යාන්ව චුට්ටක් අවුස්සලා ආතල් එකක් ගන්න. නෑ නෑ පළිගන්න. අසේකට පුළුවන් ඉල්මි එක්ක යාළු වෙලා දෙව්‍යාන් එයාට කරපු දේට පලිගන්න.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now