45. පරිච්ඡේදය

1K 160 101
                                    

තිහස්වර ඇහැරුනේ කන අස්සේ කීං නාද දෙන කැත එලාම් සද්දේ තුන්වෙනි වතාවටත් මුල ඉදලා පටන් ගන්නකොට, ඒ මුණත් ඇඹුල් වෙලා ගියාම  ⁣සියඹලා ගිල්ලා වගේ.... ඊයේ රෑ එයා නිදාගනිද්දි පාන්දර දෙක තුනට කිට්ටුයි.

මානව් කියවන්න ගත්තම කටර් එක වගේ. වයසට හරියන්න නෙවේ ⁣එයාගේ වැඩත්. ඒකට හරියන්න අම්මත් සෙට් උනාම... පේෂල මනෝජ් කැලේ.

අප්පච්චි ගෙදර නොහිටි එකෙන් තමයි ඔය ඔක්කොම සද්ද හැබැයි . මානව් උනත් රැයක් මේ වහල යට ගතකරන්න කැමති උනේ අප්පච්චි ගෙදර එන්නේ නෑ කියලා දන්න හින්දා. අප්පච්චි හිටියනම් මොන සතුටු සාමිචිද හලෝ. මේක නිකන් මළගේ වගේ තියෙයි.

ඔය කොච්චර උනත් බුබු ආව දාට අප්පච්චි මීක් කියන්නේ නෑනේ එයාලට. මට තෙරෙන්නෑ මොකක්ද කියලා බුබුට අන්න ඒ හැකියාව හොදට තියනවා. වයස නොබලා ඕනේ පොරක් අල්ලේ නටවන මන්තරයක් එයා... ක්වීන්ස් පවර්... ශෙරෝන් විතරයි චුට්ටක් ඕකට දපනේ වැටෙන්නැති මනුස්ස පරාණයකට ඉන්නේ. ඒකත් ෆිෆ්ටි ෆිෆ්ටි...

තිසරි නම් ඕවා නෑ නිදිමතද ඉක්මනට නිදා ගත්තා. ඒත් තිබ්බ කුතුහලේට තිහස්වරටනම් නින්ද අහලකටවත් ආවේ නෑ. අර දෙන්නට එපා වෙනකම් කතා කරපු ඔක්කෝටම එයා කන දාගෙන අහගෙන උන්නේ. ඒත් මැද්දේ කෑලී නැතුව ඒවා අපභ්‍රංශ වගේ.

ඒකෙන් මේකෙන් එයාටත් නිදා ගන්න වෙලාවක් ඉතුරු වෙලා තිබ්බෙම නැති තරම්... හැබැයි ඒ මහන්සියටද මන්දා පහුගිය ටිකේ කරදර වෙච්ච හිත ඇස් පියා ගත්ත ගමන් හිතන එක නවත්තලා හීන වගට එන්නම් කියලා තිහස්වරව නින්දක් දාන්න අවස්ථාව දීලා තිබුනේ.

මානව් ගැන තිහස්වරට අමතක අතීතේ ගොඩාක් ⁣කතන්දර වල කෑලී බෑලී එකතු කරගත්තම තව ප්‍රශ්ණාර්ත බොහොමයක් ඉතුරු වෙලා තිබුනේ.

මානව් කියන්නේ සිංහල අම්මෙකුයි ද්‍රවිඩ තාත්තෙකුටයි දාව ඒ දෙන්නට ලැබුණු එකම පිරිමි ළමයා...

මානව්ගේ අම්මා , තිහස්වරගේ අම්මගේ හොඳම යාළුවා, තිහස්වරගේ අප්පච්චිගේ එක කුස උපන්න සහෝදරිය... මානව් , තිහස්වරගේ අම්මට  මම්මා- මම්මා කිව්වට හරිනම් ඒ එයාගේ නැන්දා. වෑගොඩපොළ මහත්තයා එයාගේ මාමා.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now