31. පරිච්ඡේදය

1.3K 205 211
                                    

මුළු කුස්සියම පොකිරිස්සෝ සුවදයි...

අද සජාන්ගේ හිච්චි බංගලාවට රජ මගුලක්⁣ වගේ. බුබු උදේම නැගිටලා නාලා කරලා සුවද ඇදුමකුත් ඇදගෙන තඩි කිරි වීදුරුවකුත් බීලා තිහස්වරවයි, ඒකව බදාගෙන නිදන් ඉන්න අසේකවයි කන්න හැදුවා නැගිටින්න කියලා.

ඊයේ රෑ බුබුට කලින් නින්ද ගියාගේ තිහස්වරට හේත්තුවක් දාගෙන ඉද්දි සාලේ මැද්දේ කවිච්චියේ. හදිසියේ හීනෙන් බය වෙලා ඇහැරිලා තිහස්වරව බදාගෙන කොල්ලා ඇඩුවා හොදටම. ඊට පස්සේ හරි සිහියට ආවම අසේකව හෙව්වා.

අසේක ඒ තකහනියේ කොහෙ ගෙන්නගන්නද ඒ යකා ගියානේ අර අසරණ තනිකඩ ශාලුකයවත් කුදලගෙන මගුලේ.

ඉතින් අසේක බංගලාවට එනකම් බුබු ඇහැරිලා. ආ ගමන්ම එයා වචනයක්වත් ඇහුවේ නෑ අසේකව බදාගෙන හවස රක්ශිතේ ඇතුලේ වෙච්ච ඔක්කෝම කියවලා කියවලා ඉවරයක් කරලා දුල්ලෑව පුතයා ගැනත් ඔක්කෝම වැමැරුවා එක පොකුරට...

එයා පලි ගහලා පොරොන්දු උනා එයාලට මේ බවක් නොකියන්න හේතුව එයාගේ අර අමුතු තර්ජන වලට බුබුට ඇත්තටම බය හිතුනා කියලා.

තමන් නිසා ඉස්කෝලේන් පවා දොට්ට බැහැලා මේ රක්ශිතේ එන්න වෙච්ච අසේකට, තමන් නිසා අරකගේ ඔලුව පලන්න ඔන්න මෙන්න තියලා රණ්ඩුව⁣ට ගිය ඒ තුන් කට්ටුවට තව තවත් වදයක් වෙන්න බෑ වගේ පණ්ඩිත කමක් ඔලුවට ගහලනේ එයාට. වැරැද්දක් නෑ ඉතින්. ඔහොම තමයි. අපට උනත් හිතෙනවනේ අපි නිසා කෙනෙක් ඕනෙව⁣ට වඩා වද වෙද්දි .... පසුතැවීමක් වගේ දෙයක්. කිසි දෙයක් හරියට කරගන්න බෑ කියලා තමන් වෙනුවෙන්ම ඇතිවෙන කළකිරීමක්.

ඒත් දෙව්‍යාන් එක්ක කතා කරාම එයාට දැනුනු සැහැල්ලුවත් එක්ක තවදුරටත් එයා දේවල් අසේකලාගෙන් වහන් කරන් ඉන්න හිතුවේ නැතිව ඇති.

අපේ බුබුත් ආසයි ඉස්සර වගේ තුන්තිස් පැයේම දඟ මල්ලක් වෙලා උඩ පැන පැන බෝලයක් වගේ හුරතල් වෙලා සතුටින් ඉන්න.

කොතන ගියත් එයාට ඒ ලැබෙන ආකර්ෂණයට එයා කැමතියි. ඒ හැමදේකින්ම ඈත් වෙලා හැංගෙන්න හිතුනේ අර සිදුවීමෙන් පස්සෙනෙ. කාලයත් එක්ක ඒක හරියයි. අනික ආය මුරණ්ඩු වැඩ කරන්න කලින් වගේම කාව වත් විශ්වාස කරන්න කලින් බුබු සැහෙන්න හිතයි... හැමදේම ගැන... එයාට දැන් ආදරේ කරන්නත් තව ගොඩාක් අය හම්බවෙලාලුනේ ඉන්නේ. ඉල්මී.... මහේශ්.... බිඩීයාව තෙරෙන්නේ නෑ... ⁣ඒකා කොහොමත් ටිකක් අමුතු පොරනේ. ඒ උනාට එයාගෙ අකමැත්තක් නෑ බුබුට. එතකොට වැදගත්ම කෙනා. දෙව්‍යාන්.... එතකොට නුවන්ත ... සෙව්වන්දි අක්කා... සුදු මැණිකේ බුබුගේ අලුත් හොදම යාළුවලුනේ... ඇයි කොට බිජු මොණරවිලයා. ඔය නොපෙන්නුවට එයා ඇහැ ගහගෙන ඉන්නේ මේ ඇටයා ගැන. කියන්න බෑනේ. අහස කඩා වැටෙනවා වගේනේ මේකා හදිසියේ අමුතු වැඩනෙ කරන්නේ.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now