Introduction of Your favorite characters 👉👈 Part 1

2.8K 220 34
                                    

ඕනෙල් අසේක මොණරවිල එරමුදුලියද්දේ

1. **Physical Appearance:**
- Age 18යි
- Gender කොල්ලෙක්
- Height 181CM
- Hair color and style කළු ලස්සන කඩන් හැලෙන යටින් කර්ලි වගේ කොණ්ඩයක් තියෙන්නේ
- Eye color කළුයි
- Distinguishing features රගර් සෙල්ලම් කරද්දි තැලිලා හීරිලා හැදුනු පැල්ලම් තියනවා ඉතින් ඊට අමතරව ගුටි ඇනගන්න ඇනගන්න පාරට තුවාල වෙච්ච කැළැල් තියනවා
දකුණු ඇහැ ඇතුලේ උපන් ලපයක් තියනවා
නහය දිග තියුණු මොඩ්ලස්ලට තියනවා වගේ ලස්සන එකක්
හමේ පාට මාරම ලස්සනයි අව්වේ හිටියත් මි පැණි වගේ දිලිසෙන එකක්
එයාගෙ වයසත් එක්ක බැලුවම ඊට වඩා වැඩුනු පාට හැබැයි පොඩියට කියුට් වැඩත් තියන කඩවසම් කොල්ලෙක්.

2. **Personality Traits:**

- extroverted කැරැක්ටර් එකක් . ඒ උනාට සමහර වෙලාවට මාර introverted විශේෂයෙන්ම යාළුවෝ හදාගන්න ඒවගේ එහෙම. හැබැයි මිනිහා එක්ක කතා කරලා ෆිට් උනොත් ෆිට් උනා තමයි. බොක්ක උනත් දෙයි.

- Confident නම් ඕනෙවටත් වඩා වැඩියෙන් තියනවා. ඔක්කෝම දන්නවා කියලනේ හිතන් ඉන්නේ. ලැජ්ජා හිතුනත් ඒක පෙන්නන්නෑනේ. පිළිගන්නෙත් නෑ. එච්චර ඔලුව උදුම්මගෙන ඉන්නේ.

- මොණ මගුලකට හරි අසේක මාර පොසිටිව් මනුස්සයෙක් . ඒකනේ කටපු* වහගෙන ඕනේ මගුලක් කියලා ඔය රක්ශිතේටත් ආවේ. හිතලා නොකරට අශුභවාදි වෙන පැත්තට වඩා ශුබවාදී සීන් එකෙන් හිතන හින්දද මන්දා වැඩ අනා ගන්න වෙලාවලුත් වැඩියි හැබැයි.

- රග්බි ප්ලේයර් කෙනෙක් හින්දද මන්දා දෙයක් හිතුනොත් කරලා තමයි ආය පස්ස බලන්නේ.

- කොල්ලා ටිකක් සෙල්ෆිශ් සීන් එකෙත් ඉන්නවා හැබැයි . ඒත් එහෙම්මම නෑ. ඒ වගේ කියලා පෙන්නන්න හැදුවට ආදරේ කරන අය ගැන හරියට වද වෙනවා... පෙන්නන්න කැමති නෑ උනාට අසේක හෙන කෙයාරින් චරිතයක්. හැබැයි හොම්බෙන් ගියත් ලොකු කම නම් නැතිවෙන්නේ නෑ.

- එහෙමටම සන්වේදී බුවෙක් නම් නෙවෙයි. හැබැයි ඇරපු පොතක් වගේ. ජීවිතේ ඇතුලේ ඉන්න කෙනෙක්ට එයාව කියවන්න අමාරු නෑ. ආතල් එකෙ ඉන්න නෝමල් මනුස්සයෙක්.

3. **Background:**

- Family background
වළව්කාර ඇමති පුත්‍රයෙක්.
මෙයා ඇවිල්ලා සුරම්‍ය මොණරවිල කැබිනට් ඇමතිගේ මුණුබුරා.
අප්පච්චි රාජ්‍ය ඇමති මහේශ් මොණරවිල එරමුදුලියද්දේ
අම්මා නර්මදා. දැන් ඉන්නේ එංගලන්තයේ.
අසේක ඉපදුනේ එංගලන්තේ.
ඒ වගේම අම්මයි අප්පච්චි අසේක ලැබෙන්න ඉද්දි දික්කසාද වෙනවා. නර්මදා දැන් එංගලන්තයේ ඉංග්‍රීසි ජාතිකයෙක් වෙච්ච බෙන්ජමින්ව විවාහ කරගෙන ඕටම් කියලා දුවෙක් ඉන්නවා. අසේකගේ අර්ධ සහෝදරිය...
අසේකට ලංකාවේ ඉන්නවා අයියා කෙනෙක්. මනුස්සයාත් පොලිටික්ස් කරන්නේ. සජාන් මොණරවිල එරමුදුලියද්දේ
අක්කෙක් ඉන්නවා... කවිතාංජලී මොණරවිල එරමුදුලියද්දේ.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now