22. පරිච්ඡේදය

1.2K 197 49
                                    

පර්ස් එකෙන් ඇදලා ගත්ත අන්තිම රුපියල් එක්දාස් පන්සිය ගානෙක් දාහක් අරන්, එයා ආපු ත්‍රිවිලර් එකේ මනුස්සයගේ අත උඩින් තියපු අසේක එහෙම්ම පාර පැනලා ⁣වැව රවුමේන් මාළිගාවට පැත්තට වෙන්න ඇවිදගෙන ආවේ මෙලෝ සිහියකින් නෙවෙයි.

දැන් හවස පහ හයට කිට්ටුවට ඇති....

බටහිර අහසින් ඉර බැහැගෙන යනවා. රාත්‍රිය උදාවෙන බවට වගේ වගක් නැති ආදරවන්තයින් අත් අල්ලගෙන ඒ ඒ ලෝක වල තනිවෙලා තවම වැව රවුම වටේ හෙමි හෙමින් ඇවිදිනවා. ආදරේ කරනවා....

කාටහරි විහිළුවක් කරලා හයියෙන් හිනාවෙන කොල්ලෝ රංචුවක් පහු කරගෙන අසේක ගිහින් නැවතුනේ වැඩිය කවුරුත් රැදුනේ නැති වලාකුළු බැම්මක් ළඟ මුල්ලක ....

එරමුදුලියද්දේ වළව්වේ මීට ටික වෙලාවකට කලින් සිද්ධ වෙච්ච සිදුවීම් හැම එකක්ම අමතක කරලා දාන්න වගේ කොල්ලා තද හුස්මක් පපුවේ හිර කරගෙන ඉදලා අතහැරලා දැම්මා.... මහා බරක් ඔලුව උඩ එල්ලලා දාලා වගේ. ජීවිතේ ටික ටික සංකිර්ණ වේගන එනවා වගේ. අර පුංචි පුංචි පහසු දේවල් ටික ටික අතුරුදහන් ලැයිස්තුවට යනවා වගේ...

රක්ශිතේ ඉදන් නුවර ඇවිත් දැන් දවස් තුන හතරක් ගෙවිලා ගිහින්. සහස් හොස්පිටලයිස් වෙලා උන්නු දවස් ඔක්කෝම ඉවර වෙනකම්ම, අසේක එරමුදුලියද්දේ වළව්ව පැත්තේ පස් පාගන්න ගියේ නෑ. ලොකුම හේතුව එහෙම ගියානම් අද වගේ මේ ඔලුව යකාගේ කම්මල වෙන්න පටන් ගන්න පලවෙනි දවස උදා වෙන්නේ එදායින් නිසා.

අසේක හිටියේ ශෙරෝන් එක්ක නැත්නම් හොස්පිටල් එකේ සහස්ගේ ඇද ළග.... අද උදේ සහස්ව ගෙදර එක්කගෙන යන්න පුළුවන් කියලා ඩොක්ටර් කන්ෆර්ම් කරපු නිසා තමයි කොල්ලෝ තුන් හතර දෙනාම ශේප් එකේ එහෙන් මෙහෙන් තම තමන්ගේ වැඩක් බලා ගන්න කියලා හිතාගෙන දැනට ගිනි නිවිලා හැබැයි තවම ඔරවගෙන කරගෙන ඉන්න හිතාදර මව්පියන්ගේ මුණු බලන්න තම තමන්ගේ ගෙවල් වලට හිමීට රිංග ගත්තේ.

සජාන් උනත් මෙච්චර දවස් බල නොකර ඉදලා ඉදලා, වළව්වට වරෙන් කියල කිව්වම තමයි අසේක ඔන්න ඔහෙ ඕනේ හුත්තකට මුණ දෙනවා කියලා හිත හදාගෙන කරගෙන ශෙරොන්ගේ ගෙදරින් වොශ් එකක් කාරිය දාලා පිළිවෙලකට මනුස්සයෙක් වගේ ඒ පැත්තට ඔලුව දැම්මේ.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Où les histoires vivent. Découvrez maintenant