41 වන කොටස

Start from the beginning
                                    

" අහ් හා... බලපංකො මුං දෙන්නට තියෙන ආතල් එක....."

"ඒ ඇත්තටම අපි  ට්‍රිප් එකක් යනවද ඒයි......"

මං එහෙම ඇහුවෙ සද්ද නැතුව මගේ පෙප්සි වීදුරුවටත් වැඩේ දෙන අපේ සහස් අයියා දිහා බලාගෙන.....

" එක්සැම් එක ඉවර වෙලා යමු හොඳද......"

යෝජනාව වැඩි ඡන්ද ගානකින් සම්මත වෙනකොට මං පැනපු ගමන්ම කරේ මගේ නවෝදයව බදා ගත්ත එක... මොකද ඉතිං මේ හිටපු පැය ගාන මෙච්චරටම ආතල් වුණා නම් ට්‍රිප් එකක් ගියාම ඒක කොහොමට තියෙයිද කියන එක ගැන මට හිතෙනකොටත් නිකං කිචි වගේ.........

" එහෙනම් යමු හොඳද...."

" හරි බං යමු...."

" ආදරෙයි ඕයී....."

නවෝද් කැත නැතුවම උගෙ මිනිහා ඉස්සරහපිට ලක්ෂාන් අයියට ආදරෙයි කියනකොට මං බලාගෙන මහිම ඌ බිබී හිටපු පෙප්සි වීදුරුව දඩාං ගාලා මේසෙ උඩට අතැරපු විදිය...

" ම්ම්...... Looks like someone got jelous......."

මටත් ඉතිං නිකං ඉන්න බැරි කමටම කේන්ති ගිහින් හිටපු මහිම අයියව තව පොඩ්ඩක් අවුස්සනවා කියලා හිතා ගත්තා ... එව්... මේකා රවනකොට අර ශිවන්ගි අක්කා පරාදයිනේ සාන්ත....

" ඒ බං මේ කොහේහරි BBQ දානවද අයියේ....."

" නෑ.... මං දැනුවත්ව නම් ඒ වගේ දෙයක් අද මේ වැයික්කිය ඇතුලේ සිද්ද වෙන්නේ නෑ මල්ලේ....."

" එහෙනම් මේ මස් පුච්චන සුවදක් එන්නේ...."

" කෝ... නෑනේ බං...."

"ඒ... මූ වගේ රට හරකෙක්......"

විහිලු තේරෙන්නැති උන් එක්ක විහිලු කරන්න ගියාම අන්තිමට නවතින්න වෙන්නේ ඉහටත් උඩින් මල පන්නගෙන තමයි...කොහෙද ඉතිං මුන්ගේ ඇගවල් නං නිකං දස මහ යෝධයොන්ගෙ වගේ තිබ්බට මොකද තක්කාලි ඇටයක් තරම්වත් මොළයක් පිහිටලා නෑනේ......

" හරි හරි.... මේ අක්කගෙ නාගසලං ටික බලලා අපි කලපුව පැත්තට ගිහින් එමුද අහ්......"

"අඩේ මරු අයිඩියා එක අයියේ....."

" හරි එහෙනම් පහ හය වගේ වෙනකොට යං හොදේ...."

" යං......."







ලුනාව කලපුව කියලා කියන්නේ ඇත්තටම හුගක් සැනසීමේ ඉන්න පුලුවන් වෙච්ච තැනක්...පහ හය වගේ වෙනකොට ඉර බැහැලා යනවත් එක්කම කලපුව අයිනේ වාඩි වෙලා ඒ විව් එක දිහා බලාගෙන ඉන්න එකම හිතට අරගෙන ආවේ ලොකු සැනසීමක්....

~හීන~[ONGOING]Where stories live. Discover now