01 වන කොටස

995 57 37
                                    

" පැත්තකට වෙයං රෙහාන්.......... මෙතන උඹට කරන්න පුලුවන් දෙයක් ඇත්තේ නෑ....."

"කියන දේ අහලා ඕක නවත්තපං නවෝද් ......ඇයි කොහෙවත් ඉන්න කාලකන්නියෙක් හින්දා උඹ උඹටම රිද්ද ගන්න හදන්නේ......අහ්.........යකෝ එතකොට මං කවුද.....මං කවුද නවෝද්.....මං උඹේ කවුරුත්ම නෙවෙයි ද කියපං..... උත්තර දීපං යකෝ....."

"රෙහාන්.......මං මේ අන්තිම ඉවසීමෙන් කියන්නේ..... මගේ ෂර්ට් එකෙන් ඔය අත අහකට ගනිං........."

"නෑ ගන්නෙ නෑ... ඇයි උඹ මට මොනවා කරන්නද....අහ්........ මාව මරන්නද...........හරි කමක් නෑ මරපං....... ඒකෙන් හරි උඹේ කේන්තිය නිවෙනවනම් මාව මරලා හරි මේක මෙතනින් ඉවරයක් කරපං..............."

මට කතා කරගන්න පුලුවන් වුනේ එච්චරයි....... වටපිටාවම අඳුරු වෙලා යද්දී ඔලුවෙන් දැනුනු වේදනාවත් එක්කම මාව විසික් වෙලා ගිහින් ලඟ තිබුණු පුටුවට වැටෙන්න ඇති......ඔව් ඌ මට ගැහුවා..... අන්තිමට උගෙ මුලු වේදනාවම ඌ මේ විදියට හරි මගෙන් පිට කරලා දැම්මා.........

"රෙහාන්....අනේ........අනේ මට සමාවෙයං රෙහාන්.... මං.... මං මේ මොනවද දෙයියනේ කරේ.....ඇයි යකෝ... එපා කියන්න කියන්න උඹ මේ ප්‍රශ්න මැද්දට ආවේ ඇයි රෙහාන්......"

ඌ අඬනවා... පුංචි කාලේ ඉදලම එක කුසේ නොහිටියත්..... එක අම්මගෙ කිරි නොබිව්වත් අදටත් මාව තනි නොකරපු ලේ නෑකමක් ගෑවිලාවත් නැති මගේම නොවුනු මගේම සහෝදරයා වෙච්ච නවෝද් මගේ උරහිස් වලින් තද කරගෙනම ඇයි එපා කියන්න කියන්න උගෙ ප්‍රශ්න මැද්දට ආවේ කියලා මගෙන් අහනවා...........

"රෙහාන් අනේ මට සමාවෙයන්.......රිදෙනවද.............. කතා කරපංකෝ....ඇයි..... ඇයි...........දෙයියනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ... රෙහාන් අනේ කතා කරපංකෝ බං.....මට ඉන්නෙ උඹ විතරනේ..."

"ආ......ආව්...... ඔහොම හොලවන්න එපා යකෝ.... උඹ ගහපු පාරට මගේ මොලෙත් එක්ක හෙල්ලුනාද කොහෙද....."

"අනේ රිදෙනවද බං.... මට සමාවෙයන් රෙහාන්.....අනේ බං ලේ එනවනේ...."

"ලේ විතරක් ආවා මදැයි......ඈ හුත්තො......තොට ඕනේ මාව මරාගන්නද අහ්....."

"අනේ එහෙම කියන්න එපා බං..... වරෙං...අපි හොස්පිට්ල් එකට යමු......... ලේ එනවා බං.....අනේ මොන කරුමයක්ද බං මේ..... උඹට නැගිටගන්න පුළුවන් නේද.......මං...මං..... උදව් කරන්නද......."

~හීන~[ONGOING]حيث تعيش القصص. اكتشف الآن