1 පරිච්ඡේදය

14.4K 629 191
                                        

" යෙහ්
පෙරියමුල්ල නුවර මචං
හැම පාරක්ම එක වගේ

යෙහ්හ්......

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු.....
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ....."


අද සිකුරාදා මේ අන්තිම පිරීයඩ් වල හින්දා ආට් සෙක්ශන් එක පැත්තේ පොඩි බජව්වකට කොල්ලෝ සෙට් වෙලාද කොහෙද . අනික ඒ අස්සේ ටීචර්ස්ලගේ මීටින් එකකුත් දාගෙනනේ. සැපේ තමයි ඉතින්. උං දැන් පැයක විතර ඉදලා ඩෙස් කාගෙන සිංදු මරණවා... ඒ මැද්දෙන් තඩියගේ වොයිස් දෙදරන්න වගේ සද්දෙට ඇහෙනවා.

අසේක බිම වැටිලා තිබ්බ කහා පාට කැළණිතිස්ස මලක් අතට ඇහිද ගත්තා. තවම පෙති තැලිලා නෑ. ලස්සනයි. ලා හුළගකට බිමට වැටෙන්න ඇති. මේ කාලේ නුවරට වැස්ස. පට්ට සීතලකුත් එක්ක අමුතුම ලස්සනයි වටපිටාවම. මෙතන ඉදලා උඩ බැලුවම දෙපැත්තෙ තියන මැත්ස් සයන්ස් සෙක්ශන් දෙකම පේනවා. සමහර උන් පොත් වලට එබිලා මොණවද කුරුටු ගානවා. සමහරු බාගෙට නිදි. සමහරු ⁣පොඩි පොඩි සෙට් හැදිලා මොනවා කියවනවද කියලා උන්ම තමා දන්නේ.

තඩියගේ සතුටු සාජ්ජෙට ⁣කොමර්ස් සෙක්ශන් එකේ සෙට් එකත් බැහැලා හිටියේ. අසේක දැක්කා ශාලුකයත් ලැබ් එක පැත්තෙ ඉදලා ඇසුත් රතු කරගෙන ආට් එකට බඩ ගානවා. ශුවර් ඔය යකා අදත් බුල්ටෝ පාරක් හපන්න ඇති. ඕකා ගාව මොනවද නැත්තේ. ටොෆිද තූල් ද පිරිටන් සිරප් ඕඩික්ලොන් ඉදලා කුඩු ගංජත් ගහනවද මන්දා ඕකා. නියම බඩ්ඩ.

"........වැල්ලේ දැමිමෙ ඔට්ටු
ඔන්රු රෙන්ඩු මූන්රූ
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace....."

" ඔනෙලයා.... " තිහස්වර හිටියේ හෙනම අවුලෙන් කියලා උගෙ වචන වලින්ම අසේකට තේරුනා. ඌ අසේකගේ අත තදට අල්ලගෙන පිටට තට්ටුවක් දාන ගමන් ආයෙම පැත්තකට උනා.

" ඔයා යන්නම ඕනෙද ඔනෙල්.... තව පාරක් සීයාතාත්තාට කියලා මොනා හරි කරන්නකෝ" සහස් හිටියේ අසේකගේ අස්සටම එන ගමන්.

ගංඟාදර | GANGADARA ( Sinhala BL)Where stories live. Discover now