අවසන් සටන 🐺🌙

432 85 16
                                    

උතුමානනී ශ්‍රේෂ්ඨ මකර කුමරා අපිට පහර දෙනවා "

"මොකක් මකරෙක් පහර ?! "

ශාන්ගේ කොන්ඩෙන් අල්ලගෙන බෙල්ලට උල් දත් පසාරු කරන්නට මග බලමින් සිටි ඩ්‍රැකියුලට ශාන්ව ඉබේම අතෑරුනා

මකරෙක් ඩ්‍රැකියුලට විරුද්ධව ?

වෙන්න බෑ කොහෙත්ම වෙන්න බෑ

මකර ලෝකේ සම අයිතිකාරයෙක් වෙලා ඉන්න ඩ්‍රැකියුලට මකරු සැලකුවේ දෙවියෙක්ට වගේ

එහෙව් දේවත්වයෙන් සැලකන දෙවියන්ට විරුද්ධව මකරෙක් නැගිටින්න

ඒකත් මකර කුමරා

මකර කුමරා ............මකර කුමරා ඩේව් ඔව් ඩේව් ස්ටීව්සන් තමා මේ වෙලේ පහර දෙන්නේ

හිතාගන්න වත් බෑ නේ

"උතුමා.....නනි අර පිස්සු මකරා අපේ....... සබලුන්ව අලු කරනවා !! "

"ශැන්ජින් අරූට පිස්සු හැදිලද යකෝ "

වෙන දේ නිසා ගොඩක්ම කලබල වෙලා හිටියේ ශැන්ජීන් හැමදේම හොද අතට සිද්ද වෙනකොට ඩේව් නටන්න යන නාඩගම මොකක්ද ?

"අරූට මොකක් හරි කරන්න ඌ මගේ සේනාව විනාශ කරනවා ඌට කොහෙන්ද එච්චර හයියක් මගේ සේනාව නැත්තට නැති කරන්න !! "

කෑ ගහගෙන ඩේව්ව නවත්තන්න එළියට ගිය ශැන්ජින්ට වගේම ඩ්‍රැකියුලාට කෑගහන ගමන් අඩන දරුවා තුරුල් කරන් ඉන්න ශුවාන්ව ගැටගහලා ඉන්න ශාන්ව විතරක් නෙමේ බිම වැටිලා බලාගත්තු අත බලන් ඉන්න චෙංව දාලා තිබ්බ කාමරේ දොර වහන්න අමතක වුනා

විශ්වාස කරන්න උන් එකෙක්ට වත් මෙතන ඉන්න එවුන්ව අමතක වෙලාම ගියා

"චෙංගගා ඔයාට මාව ඇහෙනවද ?"

"ප්ලීස් නැගිටින්න අපි මෙතනින් යන්න ඕන "

"චෙං ගගා ප්ලීස් ඔයා මේ වෙලාවේ ඇස් අරින්නම ඕන "

_____________________________

#බිහිසුණු නිම්නය (ඩ්‍රැකියුලගේ යුධ අංගනය)

"උබ මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ ස්ටීව්සන් "

"මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ තමා මං කරන්නේ ඩ්‍රැකියුලා උතුමානනි "

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now