Dirty Mix Royal Blood 🐺🌙

410 85 25
                                    

ම්ම්ම්ම්ම් "

මෙච්චර වෙලා නින්දත් නොනින්දත් අතර හිටපු ශාන් ගැස්සිලා ඇහැරුනේ කෙහිරිගෑම් සද්දයක් ඇහුන නිසා

"කවුද ඔතන ?! "

.............

"කතාකරපන් කවුද ඉන්නේ මේක ඇතුලේ තවත් "

කෑලි කපන්න පුලුවන් ඝන අන්ධකාරේ ගිලිලා තිබ්බ කාමරේ තමන් තනියම හිර වෙලා ඉන්නේ කියලා මෙච්චර වෙලා හිතන් හිටිය ශාන් දෙවනි පාරටත් ඇහුවේ හිතේ චකිතයෙන්

"ශා..න් මම "

"ශුවාන් ගා මේ ඔයාද ?! "

පුදුමයක් නෑ ශුවාන් ඉන්නවා කියලා ශාන්ට නොදැනුන එක මොකද අඩ ලේ ඇති වැම්පයර්වරයෙකු වූ ශුවාන්ට සාමාන්‍ය මනුශ්‍යයෙක් ගේ සුවඳ විතරක් උරුම වෙලා තියෙනකොට ඒකත් ජියැන්ග්ට පමණක් උරුම වෙලා තියෙනකොට කලබලේ නිසා ශාන්ට තමන් සමගමෙච්චර වෙලා ශුවාන් කාමරේ හිටපු බව මගෑරුනා

"ම්ම් මම තමා "

"ශුවාන් ගා ඔයාට ප්‍රශ්නයක් නැද්ද ?! "

"ම්ම් නෑ ?! "

.
.
.
.
.
.
.
ටොක් ටොක් ටොක්

බැරැති සපත්තු අඩි සද්දයක් එකපාරම ඇහෙන්න ගන්නකොට ශුවාන් විතරක් නෙමේ ශාන් පවා බය උනේ එන්නේ කවුද කියලා නොදන්න නිසා

ක්‍රාස්ස්ස්ස්

මූසල කීරි ගැහිලා යන සද්දයක් එක්ක ඇරුන දොරෙන් ඇතුලට ආවේ අඩි හයයි අඟල් පහක් විතර උසැති අසාමාන්‍ය ලෙස සමේ වර්ණය සුදු පැහැයට හැරුණු සිහින් පුද්ගලයෙක් ඇස් දෙක ලේ රතු පාට වෙලා තිබ්බ ඔහුගේ රදනක දත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා දික් වූවා පමනක් නොව ඉන තෙක් දිගු කොණ්ඩය උඩට කර බැද වම් උරහිසින් පල්ලෙහාට වැටෙන විදිහට පොඩි කොන්ඩ කොටසක් ගොතා තිබුනා

ඔහු රූපයෙන් බොහෝ කඩවසම් ඌවද සිතින් ..........

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now