ත්‍රිත්ව දොරටු උමගේ ත්‍රිත්ව මිනීමැරුම 🌙🐺

564 106 66
                                    

~මේ දැන්ම Arisen sun වල ත්‍රිත්ව දොරටු උමග ඉස්සරහට~

යීබෝගේ මයින්ඩ් ලින්ක් එක ලැබුන හැමෝම වගේ මූනට මූන බලාගත්තා

වන්ග් යොන් ,ජියැන්ග් ෆෙන්මියන් ,වගේම වන්ග් චිරෙන් ට මෙම පනිවිඩය හමුවුනා වගේම

Amethyst cluster වල සටන් පුහුනුවේ හිටපු චෙන්ටත්
Afire welkin වල නැනෝ ටිප්ස් වගයක් එක්ක බිසී වෙලා හිටිය කුවාන්ටත්
Anemic Dires වල හොස්පිට්ල් එකේ හිටිය යූචෙන්ටත්
Ashed haze වල පුහුනු අංගනයේ හිටිය ජියැන්ග්ටත් මේ පනිවිඩේ එකටම හම්බුනා

හැමෝම යීබෝගේ පනිවිඩේ ලැබුන ගමන්ම Arisen sun වලට පිටත් වුනා

"යොන් මොකක් හරි ලොකු දෙයක් සිද්ද වෙලා "

"මටත් හිතෙන්නේ එහෙම ජියැන්ග් නැත්තන් කීයටවත් අපිට එන්න කියන්නෑ යීබෝ "

"ඒක ඇත්ත චිරෙන් .......ගිහින්ම බලමු මට විශ්වාසයි බලාරක්ශකයින්ටත් පනිවිඩේ යන්න ඇති "

"ඔව් අනිවාරෙන්ම "

වේගයෙන් කැලය දිගේ Arisen sun දෙසට දුවගෙන යන වැඩිහිටියන් තිදෙනාට අතර මගදි කුවාන්ව හම්බුනා

හතර දෙනාම ත්‍රිත්ව දොරටු උමග ඉස්සරහා හිටගන්නකොට බීටා සේදිකයෙක් ඔවුන්ට ඇදුම් අදින්න දුන්නා

ඉක්මනනි ඇදුන් මාරු කරගත්ත හතර දෙනා වේගයෙන් යීබෝ චෙන් සහ ජියැන්ග් හිටිය තැනට දුවන් ගියා

"මොකක්ද වෙලා තියෙන්නේ "

"අර බලන්න "

චෙන් අත දික් කරලා පෙන්නපු පැත්ත බලපු හැමෝම ගැස්සිලා ගියා එතන තිබ්බේ

මල සිරුරු ත්‍රිත්වයක් .............. ත්‍රිත්ව මිනීමැරුමක්  !!

"මේ මොකක්ද ? "

"එන්න ......."

යීබෝගේ සීතල කටහඬ ඇහුනු වැඩිහිටියෝ වගේම බලාරක්ශකයින් පවා සීතල වෙලා ගියා එන්න එන්නම හැසිරීම අතින් ගුප්ත වගේම නිහඩ වෙන ලයිකන් රජුගේ හිත ඇතුළෙ වැඩකරන සැලසුම මොකක් වෙන්න පුලුවන්ද කියලා කාටවත්ම හිතාගන්න බැරි වුනා

සුදු පාට රෙද්දකින් වහලා තිබ්බ මලසිරුරු ලගට ගියපු යීබෝ හැමෝම බාන් ඉද්දිම රෙදි කඩ මලසිරුරු තුනෙන් අයින් කරා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now