එය එසේ වීමට නොහැකී ! 🐺🌙 (Bonus)

Bắt đầu từ đầu
                                    

එක් පාසෙකින් දරුවගේ මව විලි රුදාවෙන් වේදනා විදිනවා

අනෙක් පසින් දරුවගේ පියා දරුවා සහ තම බිරිඳ වෙනුවෙන් වේදනාවෙන් සිටිනවා

තව දුරටත් හිටන් ඉන්න බැරි දුන වෙයි සියාඕ බිත්තිය දිගේ රූටලා බිමින් ඉදගන්නකොට රොන් කවදත් වගේ තමාගේ අතීතෙටම හිනා වුනා

රොන්ටත් තිබ්බා බලාපොරොත්තූ හීන හැබැයි ඒ හීන හැමදාටම හීන උනා මිසක සැබෑ නම් උන්නෑ !!

"අහ්හ්හ්හ්හ් "

යටිකය ඉරන් එන්න හදන තම දරු පැටියට කොච්චරවත් යැන්ග්සී ආදරේ කළත් අද මේ දැනෙන වේදනාව ඇයට කොහෙත්ම දරාගන්න බැරි වුනා ඒකත් ඇය වගේ සියුමැලි තරුනියකට !!

ඇය මහ හයියෙන් හඬ වැටුණා ඇයට පුලුවන් තරන් හයියෙන් තම මව් උත්තමාවියගේ අත අල්ල ගත්ත ඇය පුලුවන් තරන් වේගෙන් තම දරුවව පිටතට තෙරපුවා

ඇය පුලුවන් තරන් උත්සහ කලා තම දරුවගේ මූන ඩිංගක් බලාගන්න

" යළිත් උත්සහ කරන්න කුමරිය ඔබට හැකී "

"යැන්ග්සී ඇස් වහගන්න එපා මගේ දරුවෝ "

" මට ත..වත් නම්........... අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ"

"ඔවෑ....ඔවෑ....ඔවෑඈ.......හෑ......."

(VillainAdih මෙහෙම නෙමේ නම් අඩන්නේ මං ටෝවයි බාවන්නේ දැනගනිම් 🤣)

පොඩි දරුවෙක් මහා හඬින් හඩා වැටෙනවා ඇහෙද්දී පිටත රැදී සිටි වෙයි සියාගේ ඇහෙන් පුංචි කඳුළක් කඩා වැටුනා

කඩාගෙන බිදගෙන කාමරයට දුවපු වෙයිට නම් දකින්න ලැබුනේ එච්චර හොද දසුනක් නෙමමෙයි නොනවත්වාම කඳුළු කඩන් හැලෙන ඒ ඇස් බාගෙට පියවිලා බොහොම අමාරුවෙන් ආදරණීය සිනාවක් සමග තම දරු පැටියව පපුවේ හොවන් ඉන්නවා ඒත් කොතනක හරි වැරදීමක් වෙලා තිබ්බා....... ඔව් ඇය යන්න ගිහින් තිබ්බා !!

හිටපු සඳ දෙව්දුවගේ පලමු නිර්මාණය , blood moon බලවතා වෙයි සියාඕගේ ආත්ම සහකාරිය , දෙව්දුවගේ තෙවන නිර්මාණය වන ලයිකන්වරයාගේ සහකරුගේ මව තම පුතුව බිහිකරන අවස්තාවේම මෙලොව හැරදා යන්න ගිහින් තිබ්බා

🄼🄾🄾🄽 🄶🄾🄳  🐺🌙ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ