...💕IS IT LOVE 💕...( Yizhan...

By Axianrhu123

20.2K 4.5K 1.5K

කියුට් කොල්ලො දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද..... More

💕..01..💕
💕...02...💕
💕...03...💕
💕...04...💕
💕...05...💕
💕...06...💕
💕...07...💕
💕...08...💕
💕...09...💕
💕...10...💕
💕...11...💕
💕...12...💕
💕...13...💕
💕...14...💕
💕...15...💕
💕...16...💕
💕...17...💕
💕...18...💕
💕...19...💕
💕...20...💕
💕...21...💕( BONUS )
💕...22...💕
💕..23...💕
💕...24...💕
💕...25...💕
💕...26...💕
💕...27...💕
💕...28...💕
💕...29...💕
💕...30...💕
💕...31...💕
💕...32...💕
💕...33...💕
💕...34...💕
💕...35...💕
💕...36...💕
💕...37...💕
💕...38...💕
💕...40...💕
💕...41...💕
💕...42...💕
💕...43...💕
💕...44...💕
💕...45...💕
💕...46...💕( LAST )
💕...SPECIAL ...💕

💕...39...💕

322 84 61
By Axianrhu123

..

..

..



  ..ම්ම්...

..ම්හ්ක්..

..ආ..හ්...

..අයියෝ මට බෑ...





    මං පිස්සෙක් වගේ...ඇදේ එහෙටත් පෙරලෙනවා මෙහෙටත් පෙරලෙනවා..ශීට් එකත් රෝල් වෙලා ඇද පල්ලේ..කොට්ට ටික බිත්තියේ වැදිලා බිම පත බෑවිලා..එතකොට මගෙ ටී එකයි කොට කලිසමයි සේරම උඩට රොල් වෙලා ඇගෙන් බාගයක් එළියේ...කොන්ඩෙත් කරන්ට් එක වැදිලා වගේ...දැන් නම් මං තනිකරම පිස්සෙක් වගේ...ඔව් ඉතින් මං පිස්සෙක් නොවි තියෙයිද මගෙ කොල්ලා වෙන කාමරේකට දාලා මාව මගෙ කාමරේ ඇතුලේ හිර කරල තියෙද්දි...අපේ මේ ගේගේත් වෙලාවකට කරන්නෙ මහ ඕන්නැති දේවල්....ඉස්සර නම් මෙහෙම නෑ..අනේ මන්දා එකපාරටම එයා වෙනස් උනානේ..ටෙඩී ආවා එක්කම තමා එහෙම උනේ...ඒත් ඇයි එහෙම...එයා ඉස්සර වගේ අපි දෙන්නව එක ලග තියාගන්නෙ නෑනේ ...ඒ අපි දෙන්නම වැඩිහිටියො නිසාවත්ද...ඒත් ඉතින් එයා  gay ලවුවලට කැමති නැත්නම් ඒවා පිලිගන්නෙ නැත්තම් අපිව වෙන් කරන්න ඕන නෑනේ....ගේගේ හිතන් ඉන්නේ අපි දෙන්නා සහෝදරයා විතරයි කියලා...දැනටම මෙහෙම නම් එයා ඇත්ත දැන ගත්තු දාට...ටෙඩීව මෙහෙන් එලවයිද...නෑ නෑ එහෙම කරන එකක් නෑ..ඒත් අපි දෙන්නට හම්බවෙන්න එපා කියයි...ම්හුක්...අනේ............ව්.....ඇයි අප්පා මේ ගේගේ මෙහෙම....හරි යන්නෙ නෑ..මොනා හරි කරලා ඩොක්ටර් යැන්ග්ව එයාට සෙට් කරන්න ඕන...පෙනුමේ හැටියට නම් රිලේශන් ශිප් එකක් තියෙනවා කියන්නත් බෑ...ඒත් තිබ්බත් මොනා වෙනවද මං ඒක කඩලා හරි දෙන්නව එකතු කරන්නම්කෝ...එහෙම නැතිව අපි දෙන්නට එකට ඉන්න ගේගේගෙ හිත වෙනස් කරන්න වෙන විදිහක් නෑ.....


...ඒ ..ත්....

  මං තවත් වටයක් පෙරලිලා ගිහින් ඇදෙන් වාඩි උනා..එතකොට ඔලී....එයා පවුනේ....නොකිව්වට ඔලී කැමති වගේ ගේගේට...ඒකනේ අර දෙන්නා තුරුලු වෙලා ඉන්නවා දැකලා ගස්සගෙන ගියේ....ඊට පස්සෙ අපි ගෙදර එනකම්ම ගේගේ ගෙ මූනවත් බැලුවෙ නෑ....ඔලීට දුක හිතිලා වගේ...ඒත් අනේ එහෙමයි කියල බෑනේ..මං අපි දෙන්නා ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනනේ....ගේගේ නම් කැමති කාටද කියලා මට තාම හිතාගන්න බෑ...එයා මූනෙන්වට් එහෙම දෙයක් පෙන්නන්නෙ නෑනේ ..හහ්..කාට කැමති උනත් කමක් නෑ අපිට කැමැත්ත දෙනකම් ගේගේ ඩොක්ටර් යැන්ග් එක්ක යාලු වෙන්න ඕන...ඔලී ජියේ පවු නම් තමා..එහෙනම් ඒ දෙන්නට මාසයක් විතර එකට ඉන්න ඇරලා මන් ඒක කඩලා දානවා....ඔව් ඔව්..එහෙම තමා කරන්න ඕන....ඩොක්ටර් යැන්ග්ටයි ඔලීටයි දෙන්නටම බාගේ බාගේ ගානේ ගේගේව බෙදාගන්න දෙනවා....හැබැයි බාගයයි...ඉතුරු බාගෙම මගෙ තමා.....ඕන්නම් ටෙඩීටත් ඒ බාගෙන් හතරෙන් එකක් දෙනවා...කවුරු කවුරු ආවත් මට බෑනේ එහම සම්පූර්ණයෙන්ම ගේගේව දෙන්න...හුම්...




  තවත් ඉවසන්න බැරිම තැන මං සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැහැලා දොර ගාවට ගියා...දොර උස්සලා වගේ සද්දෙ නෑහෙන්න ඇරිය මං මුලින්ම බෙල්ල දැම්ම..අ. හ්..කලුවරයිනේ...හ්..ආපෝ...මට බෑ...ඒ..ත් ඉතින් නොගිහිනුත් බෑනේ...මට නින්ද යන්නෙ නෑනේ....මං හොද හුස්මක් අරන් ෆෝන් එකේ එළියෙන් කාමරෙන් එළියට ආවා..ඇවිත් සාලේ පැත්තෙන් ටෙඩීගේ කාමරේ හොයන්න ගත්තා....ගේගේගෙ කාමරේ තිබ්බෙ අපි දෙන්නගේ කාමරේ මැද...ඉතින් මං මුලින්ම කලේ ඇගිලිතුඩුවලින් ඉස්සිලා ගිහින් කාමරේ එළියෙන් අගුලු දාපු එක..හිහි..දැන් හරි..නැත්නම් ගේගේ වතුර බොන්න කියලා එළියට එනවා...මං හිනාවකුත් දාන් ටෙඩී බලන්න ගියත් මං දැක්කෙ එයත් කාමරේ දොර ඇරන් හොරෙක් වගෙ එනව...අනෙව්..එයාටත් මං නැතුව දැන් නිදාගන්න බෑ වගේ....ඒක හොඳයි..නින්ද යන්නෙ නෑ කියලා වෙන උන් හොයාගෙන ගියොත්නේ මං බලාගන්නේ...කොහොමහරි එයත් මාව දැක්කා....දැක්ක ගමන් ටෙඩී හාවෙක් වගේ ඇගිලිතුඩුවලින් පැන පැන ඇවිත් මගෙ බෙල්ලෙ එල්ලුනා....හිතේ බයක් තිබ්බත් ඒක නැති වෙලා ගියත් එක්ක මං ෆෝන් ටෝච් එක නිවලා සාක්කුවට දාගත්තා....පැය ගානකින් තමා එයා මට තුරුලු උනේ....ඒ හින්දම මන් ටෙඩීව උස්සලා වඩා ගත්තා.....එයා කිසිම බරක් නෑ...මහන්සි වෙලා වැඩ කරන නිසාද මන්දා කන කිසි දෙයක් ඇගට අල්ලන්නෙ නෑ වගේ...වෙන කාගෙවත් වැරදි නිසා අපි දෙන්නටම දුක් විදින්න උනු එක ගැන මට තියෙන්නෙ කලකිරීමක්...ඒත් ඒ ගැන දුක් වෙලා අපිට ගෙවන්න තියෙන මේ මොහොත නැති කරගන්න ඕනේ නැති නිසාම මං එයාගේ කම්මුලකට හාද්දක් තිබ්බා...ලැජ්ජාවෙන් වගේ එයා මූන මගෙ බෙල්ලෙ හංගගද්දි මං හිනාවෙලාම සෝෆා එකට බර උනා....ඒත් එයා බෙල්ල අතාරින්නෙ නැතුව මගෙ කකුල් දෙක උඩ දනිස් තියන් ඉන්නකොට මං ඇඳුමට යටින් අත දාලා මං කොනිත්තපු තැන අත ගෑවා....

  ..රිදෙ..නවද..

..ම්හ්ක්...නෑ...

..ඒ උනාට ඒ වෙලාවෙ රිදුනනේ...

..ටික..යිනේ...

..එහෙම බෑනේ ඉතින් ...මට තරහා ගිය නිසානේ එහෙම..මං හිතලා කලේ නෑ ඒක...මට දුකත් හිතුනනේ ටෙඩී වෙබ කෙනෙක් ගැන හොද කියද්දි....

..ඒකට කමක් නෑ..මං දන්නවනේ යියි ගැන....

..ම්ම්..කෝ මං දිහා බලන්නකෝ අනේ...

..බෑ..හ්හ්...

..ඇයි ඒ අයියෝ...

..මට ලැජ්ජයිනේ...

..ඒ මොකටද...ආ..

..ඉතින් අපි මේ හොර වැඩක්නේ කරන්නේ....ශිශි දැක්කොත්...

..නෑ එයා දකින්නෙ නෑ...මං කාමරේ ලොක් කලා...

..ආහ්...



  ඒ පාර නම් ටෙඩී මූන උස්සලා මං දිහ බැලුවා...වීදුරු ජනේලෙන් පෙරිලා ආව ලයිට් එළියෙන් එයාගේ මූන දිලිසෙන්න ගන්නකොට මං ඉස්සිලා ඒ මූනට හාද්දක් තිබ්බා...ඒ පාර ආයේ ලැජ්ජ වෙනවා...මූනත් පාත් කරන් කම්මුල් දෙකත් පුම්බන් හිනාවෙනවා....අනේ ඉතින් මගේනේ.....හිතාගන්න බෑ මේ ආදරේ සැනසීම  හිනාව නැතුව මං අවුරුදු තුනක් කොහොම ගෙව්වද කියලා...මටම අදහාගන්න බෑ....එයාට ඕන තරම් ලැජ්ජ වෙන්න දීලා මං මගෙ පැත්තට ඇදගෙන හිස්තැනක් නැති වෙන්න මූන පුරා හාදු තිබ්බා... මන්ම හපපු පැල්ලම් උඩින් පවා....කිසිම කලබලයක් නැතුව.  හදිස්සියක් නැතුව...එයාට වගේම මටත් දැනෙන්න දෙන්න......මගෙ හුස්ම එයාගේ මූනේ වැදිලා මටම දැනෙනකොට ඒ එක්කම එයාගේ හුස්මත් මගෙ හුස්ම එක්ක එකතු උනා...දරන්න බැරි ලෝබකමට , මට දැනුණු ඉරිසියාවට මං ඒ කම්මුල් පවා හැපුවා...එකම තැන දත්වලින් අල්ලන් හිටියා....මගෙ කෙලවලින්ම නෑවුනු ඒ මූන පිහ පිහ මං ආයේම හාදු තිබ්බා.....මට මේ මූන අතාරින්න ලෝබයි...ගේගේ හැර වෙන කෙනෙක් අල්ලනවටත් ඉරිසියයි....එයා කිව්වා නම් මගෙ විතරයි කියලා..එයාගේ අයිතිය තියෙන්නෙත් මට විතරයි නම් මං ටෙඩීව දෙන්නෑ කාටවත්....දවසක හැමදාටම  යන්න යනකම්ම එයා මගෙ විතරයි...මගෙම විතරයි..


  එකපාරටම මට දෙයක් මතක් වෙනවත් එක්ක මං එයාගෙන් ඈත් උනා....ඇස් පියගෙන මාව විදින ගමන් හිටිය ඒ මූන වෙනස් වෙලා ගියත් මං ඉක්මනට පිජාමා ශර්ට් එකේ බටන්ස් ටික ගැලෙව්වා....මං කලින් එහෙම නොකරපු නිසා කලබල උනත් එයා එපා කිව්වෙ නෑ....අසිහියෙන් වගේ ආදරේ කිව්ව වෙලාවේ එයාගේ.බෙල්ල පුරා හාදු තියන් ගියත් ඒ වෙලාවෙ අමතක උනු දේ දැන් මතක් උනා.....හිතේ ලොකු නොඉවසිල්ලක් කලබලයක් තිබ්බත් ඒ හැම දේම එයා මගෙ කියලා කියන්න තිබ්බ සලකුණ දැක්ක ගමන් නැත්තටම නැති වෙලා ගියා....

..ඒක තාම තියෙනවා....


  මටවත් නෑහෙන ගානට ඒ වචන පිට වෙනකොට එයා අත් දෙකෙන්ම මගෙ මූන අල්ලගත්තා.....

...නැතිවෙන්න මං ඒක අයින් කලේ නෑනේ යියි ..ඔයා ඒක මට දුන්නෙ මං නිදාගෙන ඉන්න වෙලාවක උනත් ඇස් ඇරිය මොහොතෙ ඉඳන් මං ඒක පරිස්සම් කලා...එදාත් පරිස්සම් කලා අදත් පරිස්සම් කරනවා.......


   දැනුණු සතුට මට වචනවලට පෙරලන්න බැරි උනා....අවුරුදු තුනකට කලින් ගෙගෙ එක්ක රන්ඩු වෙලා ටෙඩී මගෙ කියලා කියන්න ඕනකමට මං එයාගෙ බෙල්ලට දාපු  YIYI කියලා ගහපු මාලේ තාමත් ඒ බෙල්ලෙ තිබුනා....එයා ගැන තිබ්බ තරහත් ආදරේ වැඩිකමත් නිසා නොපෙනුනා උනත් ඒක මේ වෙනකම්ම එයාගේ ළඟ තිබිලා....මං එයාගේ දේවල්  හැමඑකක්ම අයින් කරලා දැම්මා උනත් එයා මගෙ කියන්න තිබ්බ එකම දේ තියාගෙන..හරි පරිස්සමට.....එයා ගැන දැනුණු ආදරේටත් මන් ගැන දැනුණු තරහටත් මං එයාව සෝෆා එකට පෙරළා ගත්තා....ආදරේ කරන කෙනා ළඟ ඉවසීම කියන දේ කාටවත්ම නැති වෙනකොට මාත් එයාගේ රතු පාට තොල්වලට බර උනා...එයාට බර නොදී දනිස්වලින් මං සෝෆා එකේ ඉන්නකොට ටෙඩී කර වටේ අත් දාලා මාව එයාගේ ඇගටම ඇද්ලා ගත්තා....අතාරින්න හිතක් නැතුව මං එයාව පිස්සුවෙන් වගේ තුරුලු කරන් සිප ගත්තා.....කොච්චර කොහොම ලගට කරගත්තත් මට මේ මදි...ගෙවුණු අවුරුදු තුනට නැති උනු කාලේ වෙනුවෙන් මට මේ හොඳටම මදි....වෙන් වීමකට පස්සෙ එකතු වෙන ආදරේ ඇත්තටම ගොඩක් ලස්සනයි කියන්න වගේ ආයෙමත් වචනෙකින්වත් හිත රිද්දන්නේ නැතුව අපි අපෙන්ම සැනසුනා.....හිතාගන්න අමාරුයි මං කොහොමද ටෙඩීට මේ තරම් බැදුනේ කියලා...ඒ තරම් දෙයක් වෙලත් මං එයාව විස්වාස කරන්න හිත හදාගත්තේ කොහොමද කියල..ඒත්මට දැන් උනු දේවල්වලින් වැඩක් නෑ...මේ වෙලාවේ මේ මොහොතේ එයාට මාව මට එයා ඉන්නවා නම් ඒ හොඳටම ඇති....වෙන මොනවත් ඕන නෑ.....


..ම්ම්ම්...

   හුස්ම ගන්න බෑ කියලා එයා මාව තල්ලු කරද්දි මං ඉක්මනට එයාගෙන් ඈත් උනා.....ලැජ්ජාවට වගේම හාදුවටත් රතු උනු ඒ මූන මගෙ අත් දෙකෙන්ම පිහලා මං ඒ නලලට හාද්දක් තිබ්බා...එයා හුස්ම ගන්න අමාරුවෙන් හති අරිනකොට මං සෝෆ එකට පෙරලිලා එයාව මගෙ පපුව උඩට ගත්තා...ලෝකෙම හම්බුනා වගේ ටෙඩී මගෙ පපුව බදාගෙන ඉද්දි මං ඇදුම යටින් අත දාලා ඒ පිට අත ගෑවා...තාමත් මට එයාගේ පිටේ තියෙන කැලැල්වල හීරුම් ලකුනු දැනෙනවා...ඒ වගේම මං ඇගිලි අරන් යද්දි එයාට කෙඳිරි ගෑවෙනවා...දැන ගන්න ඕන උනත්...ඒ හිත රිද්දන්න බැරිකමට මන් නිහඬව හිටියා....එයට කියන්න ඕන උනාම එයා අනිවාර්යයෙන්ම කියයි......

..පැටියෝ...

..ආ..හ්හ්..

  මං ටෙඩී නොකියා එහෙම කියද්දි එයා පුදුම උනා...හිතලා කිව්වෙ නෑ..ගෙගෙට වෙනවා වගේ ආදරේ දරාගන්න බැරි තැන මට නිකන්ම කියවුනා...

..අහන්නකො ඉතින් ..

..කියන්නකෝ ඉතින් ..

   එයා මූන උස්සලා මගෙ මූනට බර උනා....පිටින් එන ලයිට් එළියෙන් දිලිසෙන ඒ මූන දකිද්දි මට ආයෙම ඉබගෙන යන්නමයි හිතෙන්නෙ...

..ගේගේ කැමති නෑනේ මෙහෙම සම්බන්දකම්වලට..

..ඇ..යිඒ...

..දන්නෑ..දවසක් මං ඇහුවාම එයා කිව්වා කැමති නෑ කියලා..

..ඉතින් ..

..ඉතින් කියන්නෙ එයා අපි දෙන්නට කොච්චර ආදරේ උනත් අපි දෙන්නා එකතු වෙනවට කැමති නැත්නම් ...

..අනේ..හ්හ්..එහෙම බෑනේ..

..බෑ කිව්වට බෑනේ...ගේගේ දවසක් මට කිව්වා මට බැදලා ගෑනු ළමයෙක් ගේන්න කියලා...

..ආ...හ්හ්...ගෑනු ළමයෙක්...අනේ....හ්.. යියි..අනේ..හ්හ්..එපා එපා මට ඔයාව හම්බුනා විතරනේ...වෙන කාටවත් දෙන්න බෑ....මට ඔයාව ඕනනේ..දෙන්න නෑ අනේ..ශිශි කියන්නෙ යෙන්..මි ගැනද..නෑ නෑ..යෙන්මිට නම් දෙන්නෑ..කාටවත් දෙන්නෙ නෑ....එහෙම උනොත් එහෙම උනොත්...මං..මං....ශිශි..

..අනෙ අනේ කලබල වෙන්න එපා ටෙඩියෝ..මං ඉන්නකම් එහෙම වෙන්න දෙන්නෑ..මං මොනාහරි කරනවා...

..මොනාද..

..අපි දෙන්නා පැනලා යමුද.....

..ආ..හ්...පැනලා යන්න...

..ඕ..ඊට පස්සෙ කදු මුදුනකට වෙලා ලුනුයි බතුයි කමු..

..ආපො..ඒවා කන්න බෑනේ...මෙලෝ රහක් නෑනේ...

..එහෙනම් පොලුයි බතුයි...

..උගුරෙන් පහලට යන්නෑ හිර වෙනවනේ...

..ඒකටනේ වතුර තියෙන්නේ..

..කදු මුදුන්වල වතුර තියෙනවද..

..නැත්නම් ..බැරි වෙලා හරි වතුර නැති උනොත් අපි දෙන්නා වැස්සෙන් හරි වතුර ටිකක් ගමු...

..ම්හුක්...ඇයි අප්පා කදු මුදුනක්ම...

..ඉතින් එහෙම උනාම අපි ඉන්නවා කියලා කේලම් කියන්න කවුරුත් නෑනේ..

..ඔව් නේද...ඒ උනාට මං ගෙවල් හදන්න දන්නෙ නෑ...

..කූඩාරමක් අරන් යමු..

..එතකොට කන්නේ...හ්....මං අහන්නෙ අපි රස්සාවක් එහෙම...

..ම්ම්..අනේ මන්දා...කොහේ හරි පොඩි ගමක් හොයන් අපි දෙන්නා බබලට උගන්නමු...එතකොට හරි...

..ඒකත් හොඳයි වගේ...එතකොට අපි යන්නේ...

..මං කියන දවසට යං...හැබැයි පුරහදක...

  මං කියද්දි ටෙඩී ජනේලෙ දිහා බැලුවා...නෑ නෑ..අද පුරහද නෙවේ...


..ඇයි ඒ පුර හද..

..එතකොට පාර පේනවනේඑ...

..අපි කාර් එකේ නෙවේද යන්නේ..

..කවුද මෝඩයෝ කා එකේ පැනලා යන්නේ..අහුවෙනවනේ...

..පයින්ද..

..ඕ..මගෙ ස්කේට් බෝර්ඩ් එක විතරයි අරන් යන්න පුලුවන් ...

..ඉතින් මට ගොඩක් දුර පයින් බෑනේ..කකුල් සිදෙනානේ...

..ඉතින් මං වඩාගෙන යන්නම්කෝ....

..එතකොට යියිගේ කකුල් සිදෙද්දි මං වඩා ගන්න ඕනද...

..නෑ අනේ...එහෙම ඕන නෑ....

..අපි දෙන්නා කදු මුදුනකට නැතුව දූපතකට යන්කෝ...මට හුලන්වලට හෙම්බිරිස්සාව හැදෙනවනේ...

..ඉතින් දූපතෙත් හුලන්නේ...

..අපි ඇතුලය යමු...

..හා එහෙනම්..මිනිස්සු ඉන්න ජපන් දූපතක් හොයන් යමු..

..මට ජපන් බෑනේ...

..ඉතින් මටත් බෑනේ....අපි ක්ලාස් යමු..

..ඉතින් සල්ලි...මගෙ පඩිය නම් මදි වෙයි...

..ගේගේගෙන් ඉල්ලමු..

  ..ඒ කියන්නෙ අපි ශිශිගෙන් පැනලා යන්නම ශිශිගෙන්ම සල්ලි ඉල්ලනවා කියන එකද...

..ආ..හ්..ඒකත් ඇත්ත නේද....


  උස්සන් ඉඳලා බෙල්ල රිදෙන නිසාද කොහෙදෝ ජාන් මගෙ බඩ උඩ වාඩි උනා...ඒ කරලත් මොනා හරි කියන්න වගේ මගෙ ටි එකේ බොත්තම් කරකනවා....

..ශිශි පවු නැද්ද ..අපි ගියාම එයාට පාලුයිනේ...

..එයා බල්බ් මාරු කර කර ඉදී ඉතින් ..

..විහිලු නෙවේ අනේ...ශිශි අපිට ආදරෙයිනේ...

..ආදරේ උනාට කමක් නැ...මට ඔයාව දෙන්නෙ නැත්තං මං ඔයාව අරන් යනවා...ගිහින් අපි දවස් දෙකකින් එමු ගේගෙව බලන්න...

..දවස් දෙකකින් ...

..ඔව්..ගියාට වැඩක් නෑ ..මට ගේගේ ළඟ පාතක නැතුව නිදාගන්න බෑනේ ..

..ඉතින් මං ඉන්නේ..

..ඒත් එයාවත් ඕනනෙ..

..එහෙනම් අපි ශිශිවත් අරන් යමු..

..පැනලා යන්න...

..ඕ...අපි එක්කන් යමු...

..ඉතින් කොහෙද යන්නෙ කියලා ඇහුවොත්...

..අපි කියමු ට්‍රිප් එකක් යනවා කියලා...

..ආ..හ්....

  ටෙඩී ඔළුව උඩට පහලට කලා...එයා කියනවා අපි ට්‍රිප් එකක් යනවා කියමුලු...

..අහන්නකෝ යියි....අපි එහෙම කියමු හාද....ශිශිට අපි ඕන්නම් ආවම කියමු අපි ට්‍රිප් එකක් නෙවේ ඒ පැනලා ගියා කිය්ලා....

..එයා බනීද...

..ඇයි ඉතින් බනින්නේ...අපි.එයාට කිව්වනේ...කියලා යන නිසා මොනා වෙනවද...

..ඒත් පැනලා යද්දි කට්ටිය ලියුමක් ලියලා තියනවා නේද...

..අපිත් කොට්ටෙ යටින් තියමු..

..ඒත් එයා එතකොට අපිත් එක්ක යනවනේ..

..ඉතින් ගිහින් ආවම දකි...

  ඒකත් ඇත්ත තමා...ගේගේ අපි ගිහින් ආවම ලියිම දකීනේ....

..යියි මේ..හ්...

..ඕ..ටෙඩියෝ..

..දැන් අපි යන්නෙ පුරහදේනේ..

.ඕ..ඉතින් ..

..රෑ යන්න නැගිටින්න එලාම් තියන්න වෙයි...

..අපි ගෙගෙට කියමු..අපිව පැනලා යන්න නැගිට්ටවන්න කියලා....

..එහෙම හොදද..

..ඒකේ වැරැද්ද මොකකද..එයත් යනවනේ...

.අනේ ඉතින් ...


  ඔන්න එ පාර ටෙඩී මගෙ බඩ උඩ ඉඳන් ලී අස්වයෝ පදිනවා වගේ ඉස්සරහට පස්සට පැද්දෙනවා...මේ කොල්ලා කරන්නෙ මට ඉන්න බැරි කරන එක...ඒ හින්දා මං ඉක්මනට නැගිටලා එයාව සෝෆා එකේ ඉන්දලා දෙපැත්තෙන් කකුල් දාන් මන් පිටිපස්සෙන් තුරුලු කරගත්ට්ගා...එයා ඉන්නෙ සෝෆා එකේ ඉඉදගෙ මගෙ පපුවට ඔළුව තියන්...මං ඒ උරහිස උඩින් මූන තියලා ඉන වටේ අත් දා ගත්තා...ටෙඩීට මොනා හරි කියන්නත් ඕං වගේ කකුල් දෙක පද්දනවා....ඇගිලිවලින් මගෙ අතට අනිනවා....ඇගිලි පිටිපස්සට ඇදලා හයියෙන් අතාරිනවා....ඒක වැදෙන්නෙත් එයාටම වෙනකොට මෝඩ කොල්ලා රිදෙනවා කියලා මූන ඇඹුල් කරගන්නවා....


..කියන්නකෝ ඉතින් මොනාද කියන්නෙ යන්නෙ කියලා....

..පැනලා ගිහින් අපි මොනාද කරන්නේ..

..මොනාද අහන්නේ මේ කරන දේවල්ම තමා ..

..වෙන නැද්ද...

..ඇයි ඉතින් ඔය තියෙන්නේ...

..අර අරවද...

..කොයිවද..

..අර අරවා අනේ...හ්...අර අර ඉතින් අර ...

...ආ .ආ..මං දන්නවා..ඉතින් මොකක්ද කියන්න යන්නේ...

..නෑ ඉතින් ..මං මේ කියන්නේ..එවා පැනලා ගිහින් කරනවා නම් හනිමූන් එකට....

..ඉතින් දෙපාරක් කරමු...

..කමක් නැද්ද..

..කමක් නෑ අනේ..ගේගේත් බදින්න කලින් ශියෝ ජියේ එක්ක ඔය ගියේ බීච් යනවයි අරහේ යනවයි මෙහෙ යනවයි කියලා..එයාලත් ඒක කරන්න ඇති.....කරලා හනිමූන් එකටත් කරන්න ඇති.....





   ටෙඩී ලැජ්ජාවෙන් වගේ බිම බලන් ඉද්දි මං කියල දැම්මා...එයත් ඉතින් මේවා දැනගන්න ඕනනේ...ඒ උනත් මං හිතන්නෙ මම කට වරද්ද ගත්තා....






..පු...හ්හ්හ්හ්.......


..සලා.........න්න්න්න්න්.......






..දෙයියනේ මං..මං දොර ලොක් කරලා තියෙන්නෙ ගේගේ එලියේ ඉද්දිද....




Listen to the heart💖

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

..එන්න මන් එක්ක පැනලා යන්න...

..ශියන්ගේ ප්‍රතිචාරය ගෙස් කර බෝනස් දිනා ගන්න...🤣

මන්
A.xian
ශිරූ බබා❤️💚💛

Continue Reading

You'll Also Like

43K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
108K 18.5K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
96.3K 15.1K 52
ඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔
56.7K 10K 48
එකම මගක ගිය ඒ කාලේ..... පැතුම් අහුරලා...... සදට කී කතා තනි වේවී.... හැගුම් ගොළු වෙලා....... නුඹගේ මුදු ගී රාවෙ..... නොව ඒ හද වීණාවේ..... රුව නෑ නෙතු...