...💕IS IT LOVE 💕...( Yizhan...

By Axianrhu123

20K 4.5K 1.5K

කියුට් කොල්ලො දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද..... More

💕..01..💕
💕...02...💕
💕...03...💕
💕...04...💕
💕...05...💕
💕...06...💕
💕...07...💕
💕...08...💕
💕...10...💕
💕...11...💕
💕...12...💕
💕...13...💕
💕...14...💕
💕...15...💕
💕...16...💕
💕...17...💕
💕...18...💕
💕...19...💕
💕...20...💕
💕...21...💕( BONUS )
💕...22...💕
💕..23...💕
💕...24...💕
💕...25...💕
💕...26...💕
💕...27...💕
💕...28...💕
💕...29...💕
💕...30...💕
💕...31...💕
💕...32...💕
💕...33...💕
💕...34...💕
💕...35...💕
💕...36...💕
💕...37...💕
💕...38...💕
💕...39...💕
💕...40...💕
💕...41...💕
💕...42...💕
💕...43...💕
💕...44...💕
💕...45...💕
💕...46...💕( LAST )
💕...SPECIAL ...💕

💕...09...💕

423 104 42
By Axianrhu123


..


..




..











..යී...යී...

  මට නිකන්ම කෑ ගැහුනා...හරියට ම දොරකඩ ගාව එයා ආසාවෙන් අරන් ආව හාවො දෙන්නා බිදිලා ගිහින් තිබුනා..අඩුම තරමේ මටවත් අල්ලන්න නොදී පපුවටම තුරුලු කරන් ආව ඒක අරගෙන පැයක් යන්නත් කලින් මගෙ ඇස් ඉස්සරහම බිදිලා ගිහින්..දන්නෑ එයගේ අතින් ඒක වැටුනද නැත්නම් හිතා මතාම පොලොවෙ ගැහුවද කියලා..මොකක්ද ඒ වෙලාවේ එයාගෙ මූන කියවගන්න බැරි හැගීම් ගොඩකින් පිරිලා තිබ්බා..මං කවදාවත් එයා එහෙම තෝරගන්න බැරි හැගීම් ගොඩකින් මුන පුරවන් ඉන්නවා දැකලා නෑ..ඒ බැල්ම හුගක් අමුතුයි...කකුල් දෙක ළඟ වීදුරු කෑලි ගොඩ ගැහිලා තිබුනත් කිසිම ගානක් නැතුව යීයී එක එල්ලේම ජාන් දිහා බලන් හිටියා..එකාපරක් ඒ ඇස් ඔලී දිහාටත් ගිහින් ආයෙම ජාන් ළඟ නතර වෙද්දි දෙයක් මතක් වෙලා මට නැගිට්ටුනා....යීයී ඒක කිව්වා..මුලින්ම කියන්න ඕන එයාගේ නම කියලා..ඒත් දැන්..ආ..ශ්...මේ කොල්ලා මොන පිස්සුවක් නටයිද...

..යීයී එන්න එපා ලමයෝ කකුල කැපෙයි...

  මං මොනා කිව්වත් එයාගේ ඇස් තිබ්බේ ජාන් ළඟ...එයා නම් හිනා විගෙනම චිත්‍ර පොත පපුවට තියන් ඒක යීයීට උස්සල පෙන්නුවා..හරියට මේක ලස්සනයි ද කියලා අහන්න වගේ...මෝඩ කොල්ලට වෙලා තියෙන දේ තේරුම් ගන්න බැරිව ආයෙම වතාවක් ඔලී කියලා එයාගේ රූපෙට ඇඟිල්ල දික් කලා..ඇත්තටම දැක්කද බොරුවට දැක්කද කියලා විස්වාස නෑ ..ඒත් එයාගේ ඇස් කොනක් රතු වෙලා තීබුනා...කලින් හාවො දෙන්නා අල්ලන් හිටිය අත් දෙක මේ වෙද්දි මිටි මෙලවිලා තියෙද්දි වෙන්න යන්නේ හොද දෙයක් නෙවේ කියලා තේරිලා මන් ඉක්මනටම ජාන්ව පිටිපස්සට කරගත්තා...ඔය චූටි ඇගිලි තියෙන අත් දෙක මිටි මෙලවුනා කියන්නේ ගේගේ උනත් මටදත් එයාව නවත්තන්න බෑ කියන එක..ඒ හින්දා මං මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ විදිහට ජාන්ව පිටිපස්සට කරගත්තා...ඒ..ත්....




..ඔලීවියා...හ්හ්හ්හ්...

  ඉවරයි..කෙල්ලගේ සම්පූර්ණ නම කිව්වා කියන්නේ කෙල්ලත් ඉවරයි කොල්ලත් ඉවරයි...

..ඇයි මොකද වන්ග් යීබෝ ආහ්හ්...

..ඇයි අහන්නේ ...අද මං තමුසෙගෙ කොන්ඩේ බූ ගාලා දානවා..

..ආ ඇත්තද මහත්තයෝ..අත තියනවා බලන්න පුළුවන් නම්...

  ඒ එක්කම කියව කියව හිටිය පොත පැත්තකට ගහලා ඔලීත් නැගිට්ටා...සපත්තු දෙකෙන් වීදුරු කටුවලට පයින් ගහගෙනම යීයී කෙල්ල ලගට ආවා..ආව ගමන්ම එයා ඔලීගේ දිග කොන්ඩෙන් අල්ලගෙන ඒක ඉස්සරහට ඇද්දා කෙල්ලගෙ කොන්දත් එක්කම නැවිලා යන්න ..ඒ පාර කොයිතරම් නම් සැරද කියනවා නම් කෙල්ල කෑ ගහගෙනම යීයීගේ ටී එකෙන් අල්ලගත්තා...නැවිලා හිටිය උනත් ඔලී ටී එකෙන් ඇදන්ම කොල්ලගෙ ඉන ගාව අර පාට උලපු දිග උල් නියපොතුවලින් කෙනිත්තුවා....හිතුවා වගේම ඒ පාරට කෑ ගහගෙනම යීයී කොන්ඩේ අතාරිද්දි ඔලී කොන්දත් අල්ලගෙන අඩියක් පිටිපස්සට උනා..කෙල්ලගෙ කොන්ඩේ කාක් කූඩුව වගේ..ඔලුවේ හතර පැත්තට ම කොන්ඩේ විසිරිලා ..කටෙත් එක්ක කොන්ඩ කෑලි...ඒ කෙල්ලත් සේරටම වඩා හපන් නිසා අර කටේ තිබ්බ කොන්ඩ කෑල්ල උඩට යන්න පුහ් ගාලා හුලන් පාරක් පිබගෙනම අත් දිග කමිසෙ වැලමිට ලගට එනකම් රෝල් කරගත්තා ...

..තමුසෙ අත තිබ්බෙ වැරදි කෙනාට කොල්ලෝ..බලාගමු ආ..

..මොනා බලන්නද කියනවා...හ්...අද තමුසෙට තමා දෙවියෝ බලාගන්න වෙන්නේ...


    මං නවත්තන්න හැදුවත් ඊට කලින් එයාලා ඉක්මන් උනා..ජානුයි මායි පැත්තකට වෙලා බලන් ඉද්දිම ඒ දෙන්නා ආයෙම කෙස්වලු පටලවගත්තා..මේ පාර නම් ඔලී පැනපු ගමන් යියීගේ බෙල්ල ගාවට දිග කොන්ඩෙන් ඇදගෙන බෙල්ලේ එල්ලුනා..පිටිපස්සට ඔලුව නවාගෙනම යීයී  අත් උඩට නවලා කෙල්ලගේ කොන්ඩෙන් ඇදලා ගත්තා....දෙන්න දෙපැත්තක ඉදන් දෙපැත්තකට කොන්ඩේ අදිනවා..මෙතන වැඩීමලා වෙලා වගකීමක් නැතුව හැසිරෙන්නෙත් ඔලීමයි..ඒ උනාට වැඩියෙන්ම කෑ ගහන්නෙත් අර පොඩි එකාට රිද්දන්නෙත් ඒ කෙල්ලමයි....ඔලී පොඩි එකෙක් වගේ යීයීගේ බෙල්ල එල්ලිලා කොන්ඩෙනුත් අදින ගමන් රිදෙනවා කියලා අඩ අඩ කෑ ගැහුවා...මෙතන අර උල් නියපොතුවලට සීරිලා තුවාල වෙලා තියෙන්නෙත් මගෙ කොල්ලට ..ඒ උනාට හැමදේම උනේ එයාට වගේ කෙල්ල ඕවර් ඇක්ටින් දාලා අඩනවා...ඒ අස්සෙන් ජානුත් කලබල වෙලා මගෙන් අයින් වෙන්න දගලනවා..මෙයාට ඕන අයින් වෙන්න නෙවේ ගිහින් ඔය රන්ඩුව මැද්දට පනින්න....වෙන්නේ මොකක් උනත් ඒක නොදැන ජානුත් මේ බලන් ඉන්නෙ කොහෙ හරි මැද්දකින් පැනල දෙන්නගෙන් කෙනෙක්ගේ කොන්ඩෙකින් අල්ලගන්න..වෙඩිල්ල වගේ දුවන් යන්නත් හදනවා..මං අදිද්දි කටත් ඇද කරන් ආයෙන ඇදිලා  එනවා...මං අහක බලන් ඉද්දි ආයෙම යන්න දගලනවා..මේ සේරම නතර කරලා මෙන්න මේකටයි පස්සට පාරක් දෙන්න ඕන පුපුරන්නම....

..යක්ස පැටියා..හ් අතා..රිනවා මා..ව..

..නෑ මං අතාරින්නෙ නෑ..මේ බලු නකුට ගැලවිලා ගියත් මං අතාරින්නෙ නෑ...

..ඒ...ත් බලු නකුට..මගෙ දිග කොන්ඩෙට නේද මේ එක එක කතා කියන්නේ...ව..න්ග් යී..බෝ...අද මම උබව මරනවා...

..ඊට කලින් මං උබව මරනවා...මැරෙන්න ලෑස්ති වෙලා ඉන්නවා..අද මං තමුසෙගේ කැල්ලක්වත් තියන්නෙ නෑ...

..කෑල්ලක් නෙවේ මන් ඔහේගේ  ෆුල්  ඇගම තියන්නෙ නෑ..ආ..හ්හ්..ආ..හ්හ්..අතාරිනවා යක්ස පැටියා ..නැත්නම් මේ කොන්ඩේ එකින් එක මගෙ අල්ල උඩ තියෙයි ආ....

...ආ..වුහ්හ්...මං අද...

..ඇයි මොනා කරන්නද ආ..හ්..

..තමුසෙ කුනු ලෝබි..මගෙ ගේගේව දැලේ දාන් එනවද දැන් මගෙ ටෙඩීවත් අල්ලගන්න ආ...

..මං නොකරපු දේ..වල් ආ..හ් ආ..හ්...කියවන්නෙ නැතුව හිටපන් කො..ල්ලෝ ආ....

     වෝ..හ් රන්ඩුව නම් නියමෙට යනාවා..කවුරු කාගේ කොන්ඩේ ගලවයිද දන්නෙ නෑ...හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නවා.....දෙයියනේ...ඒකි නෙවේ මං නේද මෙතන වැඩිමලා..මං එපැයි මැද්දට පැනලා මේ රන්ඩුව බේරන්න..ආ...හ්හ්...මේ පොඩි උන් එක්ක ඉදලා මටත් මගෙ වයස අමතක වෙනවා...තව ටිකක් වෙලා ගියා නම් මන් හැදුවේ චියර් කරන්න කියලා ජාන්ට  මොනා හරි ගෙනත් දෙන්න...ඒ..ත් ඊට කලින් අල්ලන් ඉන්න හැටියට දෙන්නගෙන් එක්කෙනෙක් ඉක්මනටම බෙල්ල ගලවා ගන්නවා කියන එක තේරෙද්දි මං රන්ඩුව මැද්දට පැන්නා...

..නවත්තනවලා ඕක දෙගොල්ලොම..හිතුවද මේක පිස්සන් කොටුවක් කියලා ආ..

  මං අහද්දි දෙන්නම මීක් නැතුව අත් දෙකක් එකට බැදන් බිම බලාගත්තා..තියෙන හොර පාට..ඕකත් ඔය බොරුවටනේ..

..මොකද ඔය ආ..ඔලුව උස්සනවා දෙන්නම...

  ඒ සද්දෙටත් බය වෙලා දෙන්නම ඔලුව ඉස්සුවා ගැස්සිලා වගේ...ම්ම්.අන්නඒ බය තියාගන්න ඕන..

..ඔලී ...වැඩ ටික ඉවරද..

..ඕ..ගේගේ..

..එහෙනම් ඔයා යන්න..රෑ වෙනකම් ඉන්නෙ නැතූව ගෙදර දුවන්..කෝ ඉක්මනට ...

..ආ හාහා..

   යන්න කියද්දි යන්නෙ නැතුව යීයීට රැව්ව කෙල්ල මගෙ කෑ ගැහිල්ලට බය වෙලා තැන් තැන්වල තිබ්බ පොත් ටික එක පිම්මෙන්ම බෑග් එකට ඔබා ගත්තා..ඒ එක්කම කෙල්ල ආයෙම යීයීට රවලා එකපාරටම පැනලා ජාන්ගේ කම්මුලකට තඩි හාද්දක් තිබ්බා..හිතුවා වගේම එකෙන් ආවේශ වෙලා යියී ගහන්න පන්නද්දිම ඔලී දොරත් බාගෙට වහගෙනම ගෙයින් එලියට පැන්නා..

..යීයී..දැන්ම එනවා මෙහාට..

නෑ..ඇහුනේ නෑ වගේ ඉන්නවා අත් දෙකත් බැදන්..තාමත් අර විදුරු කටු ගොඩේ ඉදන් බුම්මන් ඉන්නවා මං බැනපු එකේ තරහටම..සපත්තු දෙක නැත්නම් මට මෙතන තවත් නාඩගමක් බලාගන්න තිබුනා...

..මං කිව්වේ එන්න කියලා යියි..

...බෑ මං එන්නෙ නෑ...මාව ඕනේ නෑනේ කාටවත් ...මාව ඕනෙ නැති මට ආදරේ නැති කිසිම කෙනෙක් මට ඕනෙත් නෑ..

..මොනාද ඔය කියවන්නේ ලමයෝ ආ...කවුද දැන් ඔයාට ආදරේ නෑ කියන්නේ..

  මං තරහෙන් නැතුව ටිකක් හොදින් ඒක අහද්දි යීයී හොරෙක් වගේ කටත් තද කරන් ඔලුව උස්සලා මගෙ දිහාත් බලලා ජාන් දිහාත් බලලා ආයෙම බිම බලාගත්තා...එයා බලන් ඉන්නෙ බිඳුණු වීදුරු දිහා...හාවෝ දෙන්නගෙ ඔලු දෙක වෙන් වෙලා ගිහින් දෙපැත්තකට වෙලා...එයාලගේ ඇගවල් චූටි චූටි කෑලිවලට විසි වෙලා ගේ හැමතැනම ...යීයීට දුක ඇති..මං දැක්කනේ එයා ඒක අරන් ආවේ මොන තරන් ආසාවෙන්ද කියලා...අන්තිමට කාගේ වැරැද්ද උනත් මගෙ අසරනයගෙයි හිත රිදුනේ...එයා මං ගාවට උනත් එන්නෙ නැත්තේ ඇඩෙයි කියලා..මං දන්නවා කොල්ලා මං ලගට ගියොත් අනිවාර්යයෙන් ම අඩනවා...ඔය විදිහට කේන්ති අරන් හරි මූල එල්ලන් හරි ඉන්නෙ ඇඩෙයි කියලා බයට...පවු මගෙ පොඩි එකා..අඩවන්නත් බෑ...එහෙම කියලා පැත්තකට කරන්නත් බෑ..තාමත් අත් දෙක පිටිපස්සට බැදන්  කුඩු උනු වීදුරු දිහා බලන් ඉන්නවා..එයා ඒක ගත්තේ කෙනෙක්ට දෙන්න නම් , ඒ වෙලාවේ ඒක ගත්තම ඒ කෙනාගේ මූන හිනාවකින් පිරෙන හැටි යියී මවා ගන්න ඇති..ඒත් එහෙම කරන්න බැරි වෙනකොට , බිදිලා ගිය බලාපොරොත්තු එක්ක එයා ඕනාවට වඩා දුක් වෙනවා....මං දැන් මොනාද කරන්න ඕන....


..පැටියෝ...ගේගේ ඔතනට එන්නද..

  එපාලු..බිම බලාගෙනම ඔලුව දෙපැත්තට වනනවා..එහෙනම් මොකද කරන්නේ...එයාගේ උරහිස් දෙකත් ලාවට ගැස්සෙනවා..මං එහෙම්මම මගෙ එහා පැත්තෙ හිටිය ජාන් දිහාට හැරුනා...වෙන දේ හිතාගන්න බැරිව එයා ඇස් ලොකු කරන් යීයී දිහාම බලන් ඉන්නවා..මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැතිකමටම මං හොද හුස්මක් අරන් ජාන්ට තට්ටු කලා...එයා ඇස් ලොකු කරන් මගෙ දිහා බලද්දි මං ඇස්වලින් යියිව පෙන්නුවා..පෙන්නලා යන්න කියලා තොල්වලින් විතරක් කිව්වා..පුදුමෙකට වගේ එයාට විස්තර නොකරම කෙටියෙන් කිව්ව දේ ඉක්මනටම තේරුම් ගත්තා...හිනාවෙලා ජාන් ඔලුව උඩට පහලට කරද්දි මේ කරන දේ හරිද කියලා හිතාගන්න බැරිව මං තොල් තද කරගත්තා...ජාන් එකපාරක් මගෙ දිහාත් බලලා හිනා වෙලා ඇගිලි කකුලට දාන් හිටිය ස්ලිපර්ස්වල සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න හිමීට කකුල් තියලා ගියා...ටී එකත් ඇගිලිවලින් පොඩි කරන ගමන් හොරෙක් වගේ ඇවිදන් ගිය කොල්ලා යීයීට ලන් වෙලා දනිස් දෙකට අත් තියලා පාත් උනා...ඒ පාත් වෙලා ජාන් බෙල්ල කරකවකා යීයීගේ බිමට හැරවුනු මූන හොයන්න හැදුවා...ඒත් එක කරන්න බැරි වෙද්දි ජාන් ඉස්සිලා කටත් උල් කරන් යීයීට තට්ටු කලා...ඒකෙන් වැඩක් වෙන්නෙනෑ කියලා හිතුවා උනත් ඇත්තටම සිද්ද උනේ මං වෙයි කියලා හිතන් හිටිය දේමයි....

...ය..නවා යන්න අහකට ..!!!..අල්ලන්නෙපා මාව...


  ඒ එක්කම සද්දෙට කෑ ගහන ගමන් ඔලුව උස්සපු යීයී ජාන්ව තල්ලු කරලා දැම්මා...ඒ තල්ලු කරපු පාරට ජාන්ව බිම ඉන්දවුනත් ගානක් නැතුව යීයී තවත් හයියෙන් කෑ ගැහුවා...

..තමුසෙ බොරුකාරයෙක් ජාන්....මට බොරු කිව්වා..මාව රැවැට්ටුවා ...අල්ලන්න එපා මාව...බොරු කරලා තවත් එනවද මාව රවට්ටන්න..ආ..හ්හ්..

..මේ...හ්..මේ..හ්..

..මොනාද මේ මේ ගාන්නේ..ගිහින් ඔලී කි..යලම කියවනවා.ආයේ එන්නෙ නෑ මං ඉස්සරහට ..අපු දිහාවටම යනවා යන්න..මගෙ ලගකටවත් ඇවිත් අහුවෙන්න එපා...මට තමුසෙව පේන්න බෑ...

...ම්..මේ. හ්  ..

..කට වහනවා..එක වචනයක්වත් කියන්නෙ නෑ..කොහොමත් කතා කරන්න බැනේ..දවසම ඔලී ඔලී කිය කිය නැහෙනවා...මගෙ ඉස්සරහට එන්න හිතන්නවත් එපා..පවු කියලා එක්කන් ආවට මේ ගෙදර තමුසෙගෙ නෙවේනේ ජාන්..මට වද දෙන්නෙ නැතුව ගෙදර මිනිස්සුන්ව හොයාගෙන ඉන්න තැනකට යනවා..

..යීයී!!..මොනාද කියන්නේ...

..ඔයත් ගන්නෙ ජාන්ගේ පැත්ත නම් මං ගාවට එන්න එපා..මේ කොල්ලත් එක්කම යන එකයි ඇත්තේ...

  මටත් වඩා සද්දෙන් ගේ දෙවනත් වෙන්න කෑ ගහපු යීයී ආයෙම වතාවක් වීදුරු කටුවලට පයින් ගහන ගමන් අඩි පොළොවේ හැප්පුවා...තරහට වගේම දුකට පෝලිමට එයාගේ ඇස්වලින් කදුලු කැට කඩන් වැටෙද්දි ඒ රතු උනු මූන දිහා ජාන් ඇස් ලොකු කරන් බලන් හිටියා..ටිකකට කලින් එයාගේ මූනේ තිබ්බ හිනාව නැත්තටම නැති වෙලා ගිහින්..ඒ වෙනුවට ඒ මූනේ බයක් එක්ක දුකක් ඉතුරු වෙලා..මං කලේ වැරැද්දක් ද ...සමහර විට නැතුව ඇති...යීයී හිතේ ඔය කේන්තිය තරහව පිට නොකර ඉවසන් හිටියා නම් ඔයිට වඩා නරක දෙයක් පස්සෙ වෙන්න තිබුනා...ඒ..ත් මේක නෙවෙයිද වෙන්න පුළුවන් නරකම දේ..නෑ..මං හිතන්නේ ඒ වචන එයා කිවේ කේන්තිය දරාගන්න බැරි තැන..එහෙම නැතුව ඕනකමෙන් නෙවේ..ඒ උනත් ජාන්ගේ මූනේ තියෙන හැගීම්වලින් නම් පේන්නෙ නෑ ඒක කේන්තිය නිසා කියවුනු දෙයක් කියලා එයාට තේරුනා කියලා..බිම වැටිලා හිටිය ජාන්ව ආයෙම තල්ලු කරගෙන යීයී දුවලා ගිහින් එයාගේ කාමරෙ දොර වහගත්තා....ඒ..ත් ජාන් තාමත් ඒ තල්ලු කරලා ගිය විදිහමයි...මගෙ වැරදි නිසාම යීයී වගේම එයත් අඩනවද...ඔව් ඒ ඇස්වලිනුත් පෝලිමට කදුලු වැල් පල්ලම් බහිනවා....කතා කරන්න බැරි උනත් ජාන් කියන්නේ ඇහෙන දේ ඕනාවට වඩා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්..සමහර තැන්වල ඉගිවලින් කියන දේවල් නම් තේරුම් ගන්න එයාගේ මානසික මට්ටම එක්ක අමාරු උනත් මේ වගේ මූනටම කියන දේවල් තෙරුන් ගන්න එක එයාට අමාරු නෑ...යීයි කිව්ව වචන එක්ක මගෙ හිත පවා ගැස්සිලා යද්දි , තාමත් දුර්වල මනසක් තියෙන එයාට ඒ දේවල් කොහොම දරාගන්න පුළුවන් උනාද කියලා මට හිතාගන්න බැරි උනා..යීයී කලා වගේම එයත් බිම ඉදගෙනම දනිස් දෙක පපුවට ලන් කරන් මූන හංගගද්දි ඒක දැකලා මං ඉක්මනටම එයා ලගට ගියා...මට බෑ මගෙ පොඩි එකාට අඩන්න දෙන්න...මෙච්චර දවස් ඇඩුවෙ බොරුවට උනත් එයා ඇත්තටම අඩන්න ගත්තොත් මතකෙ නැති වෙන්න කලින් මං අමාරුවෙන් යටපත් කරපු එයාගේ අසනීප සේරම මතු වෙලා එනවා..ඒවා කෙසේ වෙතත් මේ වෙලාවේ ඔලුවට කරලා තියෙන ඔපරේශන් එකත් එක්ක එයාට හිත ඇතුලෙන් මහන්සි වෙන්නවත් අඩන්නවත් හොද නෑ..ආ..හ්...මං වගේ මෝඩයෙක්..කෝට් එක අදින්නෙ නැති හැමවෙලාවකම මං කවුද කියන එක අමතක කරලා මං පොඩි එකෙක් ගානට වැඩ කරනවා....

..ජාන් බබෝ...

  සද්දයක් නෑ..ඒත් මූන තවත් හංගගත්තා ...

..බලන්නකො බබෝ..ඔයත් අඩනවද අනේ..එතකොට ශිශිට බබලා දෙන්නෙක් බලාගන්න වෙනවනේ..

අනේ..එයාගෙත් උරහිස් ගැස්සෙනවා...අනේ මං හිතුවෙ නෑ එයාලා එයාලා ගැනම මේ තරම් සංවේදි ඇති කියලා..මුලින්ම දෙන්නා රන්ඩු උනා තමා..යියි කියන්නෙ කොහොමත් තේරුම් ගන්න බැරි කෙනෙක් නිසා මට එයා ගැන හිතාගන්න බැරි උනා.ඒත් බොරුවට හරි මූන පාට කරන්න යීයී ආදරයක් පෙන්නද්දි ලෝකේ ගැන තේරුමක් නැති එයා ඉක්මනටම ඒක විස්වාස කලා..ඒක දන්න නිසාමයි මං යීයීට කිව්වේ බොරු කරලා  එයාව රවට්ටන්න එපා කියලා...ටික වෙලාවකට හරි ආදරෙන් කතා කරපු එකට ජාන් යීයීට ඇලිලා හිටියා උනත් අන්තිමට ඒ කිව්ව වචනත් එක්ක එයාගෙ ලෝකෙම කඩන් වැටෙන්න ඇති.මොකද හදවතින්ම විස්වාස කරන කෙනෙක් එක වචනයක් හරි සැරෙන් කිව්වොත් ඒක දරාගන්න ගොඩක් අමාරුයි..තාමත් දරුවෙක්ගේ මානසික මට්ටමෙන් ඉන්න එයාට මේක කොහොමටවත් දරාගන්න බෑ..මං කොච්චර උත්සහා කලත් ජාන් පුළුවන් තරම් මූන හංගත්තා...ඒත් ඒ හංගන්න හදන වාරෙදි මං තවත් එක දෙයක් දැක්කා....



..දෙයියනේ ලමයෝ..ඇයි කිව්වෙ නැත්තේ වීදුරුවකට කකුල කැපුනා කියලා...


   ජාන්ගේ දනිස්ස ගාව තද කලු පාට උනු ලේ පැල්ලමක් දකිද්දි මට නිකන්ම කෑ ගැස්සුනා  ...ඒකවත් කියන්නෙ නැති තරමට කොල්ලා මුරන්ඩු වෙලා..නැත්නම් යියී තල්ලු කරපු වෙලේ මේහ් මේහ් කියලා පෙන්නන්න හැදුවේ මේකද...

..ජාන් ජාන්..කෝ පැටියෝ..එන්නකෝ..ශිශි ඔයාව වඩා ගන්නද..

ඒකටවත් ඉඩ දෙන්නෙ නෑ දගලනව..

..අනේ පැටියෝ..ඔයාට තවත් තුවාල වෙයිනේ..කෝ ඔන්න ශිශි ඔයාව ගන්නවා..දගලන්නෙ නැතුව ඉන්න අනේ..මං රිද්දන්නෙ නැනේ..ම්ම්..අපි ඉක්මනටම බේත් දාමු..




    බලෙන්ම වගේ ජාන්ව වඩා ගත්ත මං එයාටම කියලා වෙන් කරපු කාමරේට ගියා..මේ ගෙදර කාමර තුනක් තියෙනවා....ජාන්ට දුන්නේ ඇතුල් වෙන තැනම තියෙන පොඩි කාමරේ.ඒ..ත් එයා නිදාගත්තෙම මං එක්ක නිසා ඒ කාමරේට යන්න බැරි උනු තරම්..අන්තිමට එකකාමරේ එක ඇදේ නිදා ගත්ත  අපි තුන් දෙනා තුන් පැත්තකට වෙලා ඉද්දි මං රටේ නැති කතා කියන ගමන් එයාව නලවන්න හැදුවා..ජාන් ඇඩුවා නම් මට බයකුත් නෑ..ඒත් කරන්නේ තොල් තද කරන් ඉකි ගහන එක..මුලු මූනම රතු වෙලා..බෙල්ල නහර ඉලිප්පිලා...සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න අඩනවා..ඒ යියී කිව්ව නිසාද...එයා කිව්ව නිසාද කට හඩවත් ඇහෙන්න දෙන්න එපා කියලා...අනේ..හ්....මගෙ පොඩි උන් දෙන්නා මොනාද මේ කරන්නේ....





   අන්තිමට මං බලෙන්ම එයාව වොශ් කරලා මගෙ ඇදුමක්ම ඇන්දුවා...ජාන්ට ඇදුම් තේරුවේ යියි නිසා එයාගෙන් නාහා ඒවා මං අල්ලන්නවත් ගියේ නෑ...මන් බෙහෙත් දාද්දි රිදෙනවා කියලවත් නොකියා එයා කට තද කරන් ඉද්දි ඊට වඩා මට රිදුනා...නාහෙම රතුවෙලා හොටු බෝලා පිම්බෙනවා..උඩට අදින්නෙවත් නෑ පහලට හොටු ගලන් එනවා...කලින් ඒවා දිවෙන් අරන් ලුනු රස දැනිලා මූන ඇබුල් කරගත්තද අද ඒකවත් නෑ...තාමත් බිම බලන්..මට දැන් බයයි ඒ බෝල ඇස් බිමටම වැටෙයි කියලා...

..පැටියෝ..ගේගේ කෑම හදලා එන්නම්..පැටියා නිදාගන්නකෝ....






   ඒත් උත්තරයක් නෑ..මං කාමරෙන් ආවා...ඇවිත් කෑම හැදුවට දෙන්නගෙන් කවුරුත් කාමරෙන් එලියට ආවේ නෑ..අන්තිමට මට උනා යීයීට බලෙන්ම කාමරේ ඇතුලට කෑම එක ගිහින් දෙන්න...එයාවත් වචනයක්වත් නොකියද්දි මං පපුවට තුරුලු කරන් බලෙන්ම කැවුවා..දෙන්නම එකයි..අඩන්නෙ නැතුව ඉකිය හිර කරන් මූන රතු කරන් ඉන්නවා...හ්ම් කියලාවත් කියන්නෙ නෑ..වතුර එක පෙව්වෙත් මගෙ උවමනාවට වගේ....ඒ කරලා ඇදෙන් ඇල කරලා ඇස් දෙක වහන්න උනෙත් මටමයි.....ලොකු බබාව බැලුවට පස්සෙ පොඩි බබාව බලන්න මං තවත් කෑම එකක් අරන් ගිය....තරහටම නිදිද මන්දා ලයිට් එකත්  නිවාගෙන...


...මොකක්..ලයිට් නිවන්...


   ඒ එකක්ම මාව ගැස්සිලා යද්දි මං අතපත ගාලා ඉක්මනටම ස්විච් එක හොයාගත්තා...ලයිට් එක දාපු ගමන් මං හැමතැනම හෙව්වත් කාමරේ හිස් වෙද්දි ඇද උඩ ඇදලා තිබ්බ ඇටකෝටු චිත්‍රේ දැකලා මගෙ පපුවත් එක්ක පිච්චිලා ගියා......



..එයා ගිහින්....






Listen to the heart💖

🥀🥀🥀🥀🥀🥀🥀

..ඔලී  කරපු දෙයක්...

..විස්සෙන් වගේ ඉවර කරලා ඉක්මනටම ඇන්ගස්ට් එක දෙන්න බලන්නම්..

..කොහොමද 10.05ට කලින් කතා ටික ඉවර කරන්න ඕන..

..ඊට පස්සෙ මාස පහකට ඕතරී නෑ..

..හෙට පාන්දර ම ශෝර්ට් එක දෙන්නම්..

මන්
A.xian
ශිරූ බබා💚💛❤️

Continue Reading

You'll Also Like

30.1K 6.9K 41
🐰 ලොකූ...ලොකූ.. ඉක්මනින් එන්න අනේ.. අපි හැංගෙමු.. අපි යමු කැනෝලා ගොන්නට.. 🦁 අර යකාට අපිව හොයලම හති වැටෙයි චූටී... 🐰 අයියෝ කමක් නෑ ඉතින්.. අපි හැංග...
60.4K 14K 40
හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්..
98.6K 19.2K 42
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... ජාතියෙ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ....
573K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...