119 පරිච්ඡේදය

Start from the beginning
                                    

"යේන්." 

ඇගේ ස්වරයේ වූයේ අවවාදාත්මක ස්වභාවයකි. සිගරට්ටුව කටේ ගසාගෙන ම යේන් ඇය දෙස බලා සිටියේ ය. ඇය කතා කරන්නට පෙර දිගු සුසුමක් පිට කළා ය.

"ඔයා කුමාර්ගේ මේ decision එක ගැන දැනන් හිටිය ද?" 

ඇගේ ස්වරයේ වූයේ වෙහෙසකර බවකි. එයට පිළිතුරු ලෙස යේන් එලෙසම හිඳ උරහිස් හැකිලුවේ ය. ඇය නොඉවසිල්ලෙන් තවත් සුසුමක් පිට කළා ය.

"ඇයි අපිට ඕක කලින් කිව්වේ නැත්තේ? අර මාලියා නිකන් එයාගේ මනුස්සයා මැරිලා වගේ ඉන්නවා එයාට කුමාර් ගැන බලන්න බැරි උනා කියලා..." 

"ඉතින් ඒක මට අදාළ නෑ."

සිගරට්ටුව පහතට ගත් යේන් නැවත උරහිස් හකුලා කීවේ ය.

"හරි ඒක පැත්තකින් තියන්නකෝ. කුමාර්ගේ help එක නැතුව ඔයා හිතනව ද මේක අවුරුද්දක් ගෙනියන්න පුලුවන් කියලා? මතකද අර කලින් දවස් ටිකේ ඇති වෙච්ච ප්‍රශ්න ටික? බොහොම අමාරුවෙන් ඒ ටික manage කර ගත්තේ." 

"ඕක ගිහින් තාත්තට කියන්න මට නෙවෙයි. එයා තමා ඔය decision එක ගත්තේ. ඒකට මට කරන්න දෙයක් නෑ. එයා කළේ මට ඔය ගැන අනිත් අයට ටිකක් කලින් inform කරපු එක විතරයි. අනික අර mistakes ප්‍රශ්නේ දැන් හරිනේ. ඒක ඒ staff එකේ carelessness එක." 

යේන් කියන්නට වූයේ නොසැලකිලිමත් හඬිනි.

"යේන්. මං එකක් අහන්නම්." 

ඇය කීවේ ස්ථිර හඬකිනි. යේන් ඇය දෙස එක එල්ලේ බැලුවේ ය.

"ශාක්‍ය එක ඩැනීගේ life එකේ ම කොටසක්. දැන් මාත් ඒ ගොඩේ ඉන්නවා. මං ශාක්‍ය එක ගැන මෙච්චර worry වෙන්නේ ඒකට මුකුත් වෙන්න දෙන්න ඕනේ නැති නිසා. මං අහන දේට ඇත්ත ම කියන්න යේන්. ඔයාට sure ද ඉස්සරහටත් මේක තාත්තා නැතුව handle කර ගන්න පුලුවන් කියලා?" 

යේන් නිහඬව මොහොතක් ඇය දෙස බලා සිටියේ ය.

"කියන්න. ඔයාට 100% වචනේ දෙන්න පුලුවන් ද? ඊළඟ එක. ඔයාට මේක කරන්න ඕනේ ද? ඔයා මේක ඇතුලේ ඉන්නේ ඔයාගේ කැමැත්තෙන් ද? ඔයාට මේකට passion එකක් නැත්තන් ඔයාට තව ටික දවසකින් මේක එපා වෙනවා. කලින් වගේ නෙවෙයි. ඔයා දැන් CEO. ඒ වගේ slacking off උන කාලේ ඉවරයි. ඔයාට මේක එපා වෙන තැනට ආවොත්.... මේක වැටෙන්න තියෙන ඉඩකඩ කොච්චරක් කියල ද හිතන්නේ?" 

The Deathtrap Where stories live. Discover now