29 පරිච්ඡේදය

Start from the beginning
                                    

'මං කලිනුත් කිව්වනේ. ඒක මට disturb එකක් නෙවෙයි. අනික දැන් මට time එක තියෙනවා. අපි meet උනේ නැත්තන් ඔයාගේ සීයා හිතයි අපි break up වෙලා කියලා.'

'ඒක problem එකක් නෙවෙයි. එයා මේ ටිකේ silent. මං දන්නෑ ඇයි කියලා. Anyway, ඔයාට week days වල meet වෙන්න පුලුවන් කවද්ද?'

'ඔයාට කැමති දවසක් කියන්න.'

'මට කැමති දවසක් කියනව නම් මන් ඒක තමුන්ගෙන් අහයි ද? මම නෙවෙයි මෙතන exam කරන්න ඉන්නෙ'

එය කියවූ ෂමිත් සුසුමක් පිට කළේ යේන් තව දුරටත් අයි.ඊ.ඩී රෝගයට බෙහෙත් ගත යුතු බව සිතමිනි.

'එහෙනම් කොහොමද Thursday? මට class ඇරිලා එන්න පුලුවන්'

'Okay then. මං class එක ගාවට එන්නම්.'

'හැම week එකේම නැතුව සතියක් ඇර සතියක් එන්න. නැත්තන් හැම බ්‍රහස්පතින්දම මං තනියෙන් යන්නෙ ඇයි කියලා මගෙ යාලුවො අහයි'

'Who cares about your friends? Whatever. ඔයාට ඕනෙ එහෙම නම් එහෙම කරමු. මං මේ week එකේ එන්නම්.'

'Okay. යන්නෙ එකම තැනට ද?'

'නැතුව. තව මං try නොකරපු ඒවා ගොඩක් තියෙනවා.'

ෂමිත්ට නිරායාසයෙන්ම සිනහ ගියේ ය.

'Alright. Deal.'

'Deal. Good night and take care.'

ෂමිත් පෙර දී මෙන් නොව සැහැල්ලුවෙන් යුතුව දුරකථනය පසෙකින් තැබුවේ ය. සෑම දිනක්ම මෙසේ ගෙවන්නට හැකි නම්? ඔහු පුටුවේ පිටුපසට ඇල වී හිස එහි ඇන්ද මතින් තබා ගත්තේ තෘප්තිමත් සුසුමක් පිට කරමිනි.

...............................

එම සතියේ බ්‍රහස්පතින්දා පන්තියේ සිටියදී ෂමිත්ගේ දුරකථනයට කිසිදු පණිවිඩයක් පැමිණියේ නැත. එහෙයින් යේන් පිළිබඳව ෂමිත්ට අමතක ම වී ගියේ ය. පන්තිය අවසන් වූවායින් පසුවත් ඔහු යහලුවන් පස් හය දෙනෙකු සමග සුපුරුදු ලෙස පිටතට පැමිණියේ ය. ඔහුගේ යහලුවන් අතර ගැහැනු ළමයින් දෙදෙනෙකු ද වූ අතර ඔවුන් දෙදෙනාගේ හඬ අන් සියල්ලට ම වඩා උස්ව ඇසිනි. ෂමිත් ඔවුන්ට මැදිව පිටතට ආවේ සිනාසෙමින් කතා බහ කරමිනි.

The Deathtrap Where stories live. Discover now