9 පරිච්ඡේදය

Začít od začátku
                                    

"දඩ්!!" 

ෂමිත්ගේ පිට ලී දොරට වැරෙන් වදින හඬ පිටත කොරිඩෝවට ඇසිණ. එහි ගල් ගැසී සිටි යේන්ගේ මිත්තණිය පියවි සිහියට පැමිණියේ ඒ හඬත් සමග ය. ඇය අඩියට දෙකට දොර අසලට පැමිණියා ය. ඔවුන් මේ රඟපානවා ද නැද්ද යන්න ඇයට තවමත් තහවුරු වී තිබුණේ නැත. ඇය දොරට පිටතින් සිට කන් දෙන්නට උත්සහ කළා ය. ඇය මෙසේ කරන බව යේන් සහතිකව ම දැන සිටියේ ය. එසේ ම ඇය මේ සිදු වූ දෙය ඒ ආකාරයෙන්ම තම සීයාගේ කනේ තබන බව ද ඔහු දැන සිටියේ ය. එබැවින් යේන් මෙයින් හැකි තරම් ප්‍රයෝජන ගන්නට උත්සහ කළේ ය.

ඔහු නැවතත් ෂමිත්ව සිප ගන්නට විය. ෂමිත් ඔහුව නවත්තන්නට දැඩි උත්සාහයක් ගත්තත් එය නිෂ්ඵල ය. තමාට යේන්ව ශරීර ශක්තියෙන් පසු කර යන්නට නොහැකි බව ෂමිත් වටහා ගත්තේ ය. ෂමිත්ට මේ වන විට අතරින් පතර හුස්ම ගන්නට හැකි වුවත්, යේන්ගේ වේගවත් හුස්ම සමග තම හුස්ම ද එක් වීමෙන් සිදුවූයේ එය තව තවත් ඔහුගේ පාලනයෙන් තොර වීම යි. 

ෂමිත්ගේ දෙතොල් මේ වන විට, යේන්ගේ දෙතොලින් සම්පූර්ණයෙන්ම තෙත් වී තිබිණි. යේන් මේ කරන්නේ රඟපෑමක් වුවත් ෂමිත්ගේ දෙතොලින් දැනුණු මෘදු බව ඔහුව ආකර්ෂණය කර ගන්නට සමත් වී තිබුණා කියතොත් නිවැරදි ය. ඔහු එක් තත්පරයකට ෂමිත්ව අත් හරින්නට සූදානම් නැති බව පෙනින. 

"යේන්...." 

ෂමිත් කෙසේ හෝ වචනයක් කියා ගත්තේ ය. නමුත් යේන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියේ ය. ෂමිත් කෙසේ හෝ තම මුහුණ පසෙකට හරවා ගත්තේ හති අරිමිනි. නමුත් මීළඟට යේන්ගේ දෙතොල් ෂමිත්ගේ ගෙලෙහි ස්පර්ශ විය. ෂමිත්ට එක්විටම ලොකු හුස්මක් ඉහළට ඇදිණි. 

"යේන්.... ඉන්න....!" 

යේන්ගේ එක් අතක් ක්ෂණිකව ෂමිත්ගේ ටී ෂර්ටය ඔසවා ඔහුගේ ඉන දිගේ ඉහළට ගමන් කරන්නට විය. දොරට හේත්තු වී මදක් පහතට ද නැමී සිටි ෂමිත් ක්ෂණිකව කෙළින් වූයේ අකුණක් ගැසුවාක් මෙනි. ඔහු කිසිසේත් ම මෙවැනි දෙයකට සූදානම් වී සිටියේ නැත. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වී ගියේ ය. ඔහු සැබැවින්ම බිය විය. 

The Deathtrap Kde žijí příběhy. Začni objevovat