9 පරිච්ඡේදය

Start from the beginning
                                    

මේ වන විටත් ෂමිත් යේන්ගේ පපුවෙන් තබාගෙන සිටි අතේ ඇඟිලි අතරට යේන්ගේ ටයි පටිය තද වී තිබිණි. ඔහු අනෙක් අත තමා හේත්තු වී සිටි දොර දෙසට තබාගෙන මිට මොළවාගෙන සිටියේ ය. ෂමිත්ගේ මේ හැසිරීම හමුවේ යේන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට විය. ඔහු ෂමිත්ව තදින් සිප ගන්නා අතරතුර ම හිස අනෙක් පස හරවා, දෑස් යන්තම් විවර කර පඩිපෙළ දෙස බැලුවේ ය.

තම කට, අතකින් වසාගෙන දෑස් උපරිම පොල් ගෙඩි තරම් විශාල කරගෙන මේ දෙදෙනා දෙස බලා සිටි යේන්ගේ මිත්තණියගේ මුහුණේ ඒ මොහොතේ ඇඳී තිබූ හැඟීම යේන්ව තව තවත් උද්‍යෝගීමත් කරන්නට විය. ඇය ගල් ගැසී සිටි ආකාරයෙන්ම, එතැනින් දැන්ම පිට නොවන බව තේරුම් ගත් යේන් නැවත දෑස් පියා ගනිමින් ක්ෂණිකව තම හිස අනෙක් පසට හැරෙව්වේ ඔහුගේ ග්‍රහණයට තවත් වැඩි කරමිනි. 

යේන්ගේ ආවේගශීලී සිප ගැනීම හමුවේ ෂමිත්, මෙතෙක් වේලා මිට මොළවාගෙන සිටි අතෙන්, දොරට තබාගෙන සිටි යේන්ගේ බාහුව ද ක්ෂණිකව අල්ලා ගත්තේ ය. යේන්ගේ සිදු වූ වෙනස ඔහුට පැහැදිලිව ම දැනිණි. ඔහුට මේ මොහොතේ යේන්ව නැවැත්වීමට දැඩිව අවශ්‍ය විය. ඔහු ඒ අතින් යේන්ගේ සූට් ජැකට්ටුව ද තද කර අල්ලා ගත්තේ ය. දෑස් මොහොතකට හෝ විවර නොකළ ඔහුට මෙහි සිදු වන දේ ගැන කිසිදු වැටහීමක් නොවින. ෂමිත් වෙර දරමින් යේන්ගේ සිප ගැනීමෙන් යම් ඉඩක් ලබා ගන්නට උත්සාහ කළේ ය.

"යේ....න්...."  

"මට... හුස්ම ගන්...න බෑ...." 

ඔහු අපහසුවෙන් කියා ගත්තේ ය. යේන් මොහොතකට නැවතිණි. ෂමිත් ඒ ලැබුණු ඉඩෙන් කිහිපවතාවක් එක දිගට ගැඹුරු හුස්ම කිහිපයක් ම ගත්තේ ය. ඔහු තම සිතුවිලිවත්, හුස්ම ගැනීමේ වේගයවත්, හද ගැස්මවත් පාලනය කර ගන්නට අපොහොසත්ව සිටියේ ය. ඔහු දෑතින් ම යේන්ව අල්ලාගෙන තම හුස්ම පාලනය කර ගන්නට උත්සහ කරන අතරතුර යේන් එක් විටම තනි අතින්, ෂමිත් හේත්තු වී සිටි දොර විවර කළේ ය. 

"එහ්!!!" 

තම සමබරතාවය ගිලිහී යාමත් සමග ෂමිත්ට මදක් උස් හඬින් කියැවිණි. ඔහු ඕනවට වඩා පසුපසට බර වන්නට පෙර යේන් ඔහුගේ ඉන වටා අත යවා ඔහුව තමා දෙසට නැවත ඇද ගෙන, උස් හඬින් දොර වසනවාත් සමග ඔහුව නැවත දොරට හේත්තු කර ගත්තේ ඉතා වේගයෙනි.

The Deathtrap Where stories live. Discover now