26. Surprise

1.9K 382 77
                                    

ලෙක්චර්ස් සියල්ලම අවසන් බව හඟවමින් අන්තිම සීනුව නාද වුනාම ජන්ග්කුක් වගේම අනිත් වෘකයොත් ඉක්මනින් පාක් එකට ගියා. හැමෝම තම තමන්ගේ කාර් වලට නැගලා යුනි එකෙන් එළියට ඩ්‍රයිව් කරන්න ගත්තා.

එයාලගේ ගමන වෙනදට වඩා ගොඩක් වේගවත් වුනා. මොකද ජින් වගේම ජීසු වේගේ වැඩි කරන්න කියලා එයාලගේ මේට්ලට දිගටම කරදර කලා.

"බබා සන්සුන් වෙන්න. මං වේගේ වැඩි කරන්න පුරුදු වෙලා තියෙන්නේ අපි අරක කරනකොට විතරනේ." නම්ජුන් කිව්වා.

"නම්ජුන්, විහිළු කරන වෙලාවක් නෙමෙයි මේක. මම ඔයාට මාව අල්ලන්න මාසයක් තහනම් කරන්න කලින්, දැන්ම ඔයාගෙ ඔය හැකර කට වහ ගත්තොත් හොඳයි."

"මට ඩැඩී කියලා කතා කරලා fuck me harder කියලා කියන කෙනාමද මේ මෙහෙම කියන්නේ." නම්ජුන් මැසිවිලි නැගුවා.

"මොකක්?!"

"නෑ මම මුකුත් කිව්වෙ නෑ බබා."

තවත් විනාඩි කීපයකට පස්සේ ජින් වගේම ජීසු කොරිඩෝ හරහා කෙලින්ම ටේහ්‍යුන්ගේ කාමරයට දුවන ගමන් හිටියා. කොහොම වුනත් දෙන්නම ටේහ්‍යුන්ගේ කාමරේ දොර ඇරපු මොහොතේ දැක්කේ ලූනවයි එයාට ගුලි වෙලා ඉන්න එයාලගෙ මල්ලිවයි. දෙන්නටම හොඳටම නින්ද ගිහින් තිබුනා. මූනට මූන බලාගත්තු ජින් වගේම ජීසු සාමකාමීව නිදාගෙන ඉන්න ඒ දෙන්නාව ඇහැරෙන්නෙ නැති විදිහට දොර වැහුවා.

ජන්ග්කුක් එයාගෙ කාර් එක පාක් කරලා ඇතුලට ගියේ අම්මව හොයන්. ඒත් එයාට අම්මව කොහෙවත් හොයා ගන්න බැරි වුනා. ඊටපස්සෙ එයා ටේහ්‍යුන්ගේ කාමරේට ගියේ ටේහ්‍යුන්ට දැන් කොහොමද බලන්න. එයා දොරට දෙපාරක් තට්ටු කලත් උත්තරයක් ලැබුනෙ නෑ. එයා ආයිත් වතාවක් දොරට තට්ටු කලත් තවමත් පිළිතුරක් ලැබුනේ නෑ.

"ටේහ්‍යුන්, මං ඇතුලට එනවා." ජන්ග්කුක් කිව්වා. එහා පැත්තෙන් පිළිතුරක් එනකන් එයා බලන් හිටියා. ඒත් පිළිතුරක් ආපු නැති නිසා එයා තීරණය කලා දොර අරින්න.

එයාගේ ඉස්සරහ තිබුනු ඒ අපූරු දසුන දැක්ක ජන්ග්කුක්ගේ තොල්වල පොඩි හිනාවක් ඇදුනා. එයා මන්දිරයේ හැමතැනම හෙව්ව එයාගෙ ඔම්මා හිටියේ ටේහ්‍යුන්ගේ කාමරේ බීටවත් තුරුලු කරගෙන. ජන්ග්කුක් ඒ දෙන්නව ඒ විදිහට දකින්න කැමති වුනා. එයා ආදරය කරන පුද්ගලයෝ දෙන්නා එකිනෙකාට ගුලි වෙලා ඉන්න විදිහ එයා ආසාවෙන් බලන් හිටියා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Tempat cerita menjadi hidup. Temukan sekarang