35. Departure

1.9K 342 49
                                    

හැමෝම තමන්ගේ දිවා ආහාරය කන්න පටන් අරන් ටික වෙලාවක් ගියාට පස්සේ ජොන්ග් සුක් එයාලා පැක් එකෙන් දවස් කීපයකට පිට වෙලා යනවා කියලා ප්‍රකාශ කලා. අනිවාර්යයෙන්ම එයා කිව්වෙ නැ ඇත්තටම මොකද්ද සිද්ද වෙන්නෙ කියලා, ඒ වෙනුවට එයා කිව්වා එයාට රැස්වීමකට සහභාගී වෙන්න ඕන කියලත්, ජන්ග්කුක් ඊළඟ ප්‍රධාන ඇල්ෆා විදිහටත්, නම්ජුන් පැක් එකේ රණශූරයින්ගේ ප්‍රධානියා විදිහටත් එයත් එක්ක යන්න ඕන කියලත්.

ටේහ්‍යුන් මූන හකුළගත්තා විතරයි. එයාගෙ මේට්ගෙන් ඇත් වෙන්න යන එක ගැන එයාට පොඩි දුකක් දැනුනා. ඒත් එයා මේ තත්ත්වය ගැන බය උනේ නෑ. මන්දිරයෙන් පිටතට ඩේට් එකක් යන්න නම්ජින් දෙන්නා තීරණය කරනකොට ටේකුක් දෙන්නා ඇල්ෆගේ කාමරේ එකිනෙකා ගුලි වෙලා ඉන්න අතරේ hotel transylvania බැලුවා. අනිවාර්යයෙන්ම ඒක ටේහ්‍යුන්ගේ යෝජනාවක්.

"මාව මුලින්ම දැක්ක වෙලේ ඔයාටත් අමුතු දෙයක් දැනුනද?" ටේහ්‍යුන් එයාගෙ ඇස් විශාල රූපවාහිනියට යොමු කරන ගමන් ඇහුවා.

"හොඳයි ඔයාට කියන්න පුලුවන් ඒක ආදරය කියලා, ඒත් මං ඒක ගනන් ගත්තෙ නෑ."

"ඇයි?"

"හ්ම්ම්ම්. මොකද අවංකවම කිව්වොත් මං කලින් මේට්ලව විශ්වාස කලේ නෑ. ඔයාගෙ අත මුලින්ම අල්ලපු වෙලේ මගේ ඇඟ දිගේ අමුතු ශක්තියක් යනවා මට දැනුනා. මට ඔයාගෙ සුවඳ දැනුනෙ නැති නිසා මං ඇත්තටම ඔයාව මගේ මේට් විදිහට හිතුවෙ නෑ. ඊටපස්සෙ දවස් ගෙවිලා ගිහාම ඔයා ගැන මට තිබුනු හැඟීම් එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. දැන් කවුද හිතුවෙ ඇත්තටම මගෙ මේට් ඔයා කියලා. කවුද හිතුවෙ අපේ අත් එකතු වුනු වෙලාවෙ මට දැනුනු ඒ ශක්තිය ඇත්තටම අමුතු දෙයක් කියලා." තමන්ගෙ පපුවට ඔලුව තියාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ කොණ්ඩේ ආදරෙන් පිරිමදින අතරේ ජන්ග්කුක් කිව්වා.

"එතකොට ඔයා? ඔයාටත් අමුත්තක් දැනුනද මාව දැක්ක හැටියෙම?" ජන්ග්කුක් ඇහුවා.

"ඔයා අමුතු දෙයක් කියලා අදහස් කරපු ඒ දේ ශක්තිය නම්, ඔව්. අපේ අත් මුලින්ම එකතු උනු වෙලාවෙ මටත් ඒක දැනුනා." ටේහ්‍යුන් කිව්වා. ඒ දෙන්නා හමුවුනු පළවෙනි දවස මතක් වීමෙන් දෙන්නම හිනා වුනා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now