65. Distraction

1.4K 294 50
                                    

ඇඬීමෙන් ඉදිමුනු ඇස්, එකක් පසුපස එකක් ගලාගෙන යන කඳුලු වගේම නොනවත්වා දහඩිය දැමීම නිසා ඉදිමී තෙත් වූ මුහුන, වෙව්ලන තොල්, අසමාන හුස්ම ගැනීම, බයෙන් වෙව්වලන ශරීරය වගේම එයාගෙ අත්වල තිබුනු....ලේ? ඔව් ලේ.

"ලේ!! Fuck!!"

"SHIT LOVE!!"

ඉකිගහමින් අඬන එයාගෙ මේට් ගාවට ඉක්මන්ට දුවලා ගිය ජන්ග්කුක් එයාව තුරුල් කරගත්තා.

"ඔම්මා!! අප්පා!!" ජන්ග්කුක් භීතියෙන් කෑගැහුවේ, ඉක්මනින් දැනුම් දෙන්න නම් එයාට එයාගෙ දෙමව්පියන් එක්ක මනසින් සම්බන්ධ වෙන්න පුලුවන් කියන එකත් අමතක වෙමින්.

විනාඩි ගානක් ගෙවිලා ගියත් එයාලට තාමත් කාගෙන්වත් උදව්වක් ලැබුනෙ නෑ.

"ඔම්මා අප්පා! ප්ලීස් අපිට උදව් කරන්න!" ජන්ග්කුක් ආයිත් උත්සාහ කලා, හැබැයි මේ වතාවෙ මනසින් සම්බන්ධ වෙලා.

"මැණික, මං වෙනුවෙන් සන්සුන් වෙන්න පැටියෝ ප්ලීස්. මට සමාවෙන්න රත්තරන්. ප්ලීස් සන්සුන් වෙන්න. හැමදේම හරියයි මං පොරොන්දු වෙනවා. අනේ මං වෙනුවෙන්.. අපේ පැටව් දෙන්නා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ප්ලීස්.." කිව්ව ජන්ග්කුක්ට තවත් එයාගෙ හැඟීම් පාලනය කරගන්න බැරි වුනා. කඳුලු එයාගෙ කම්මුල් දිගේ පහළට ගලාගෙන යන්න පටන් ගත්තා.

ඒ දෙන්නට බාදා කරමින් hye kyo වගේම ජොන්ග් සුක් එයාලගෙ කාමරේට කඩන් වැදුනා.

"මොකද්ද වෙ- අපොයි දෙයියනේ!!" Hye kyo ට කියන්න ගිය එක ඉවරකරන්න බැරි වුනේ රුධිරයෙන් තෙත් වෙලා තිබුනු බ්ලැන්කට් එක දැකලා.

"ටේ!! මැණික." ටේහ්‍යුන්ට එකපාරටම සිහිය නැති වෙනවා දැකපු ජන්ග්කුක් කෑගැහුවා.

"ජන්ග්කුක් ඉක්මනින් කරන්න අපි එයාව හොස්පිට්ල් එකට අරන් යමු." හොඳටම බය වෙලා හිටපු hye kyo කිව්වා.

ජන්ග්කුක් ඉක්මනින් එයාගෙ මේට්ව bridal style එකට වඩා ගෙන වේගෙන් හැබැයි පරිස්සමින් පහළ තට්ටුවට දිව්වා. ජොන්ග් සුක් වගේම hye kyo එයාලගෙ මන්දිරයේ විශාල දොර ඇරියම තුන්දෙනාම ඉක්මනට එයාලගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වුනා. ජන්ග්කුක් පරිස්සමින් එයාගෙ මේට්ව එයාගෙ පිට උඩ රඳව ගත්තා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now