8. 18th birthday

2.1K 390 35
                                    

ඔවුන් එකිනෙකා හඳුන්වාදීමෙන් අනතුරුව ජොන්ග් සුක්, Hye Kyo, ඒ දෙන්නාගෙ පුතා ජන්ග්කුක් වගේම ඔවුන්ගේ විශ්වාසවන්ත රණශූරයන් හතර දෙනා අනිත් අයට ඒ ගොල්ලන්ගෙ පැක් එක පෙන්නන්න මුලු පැක් එක පුරාම ඇවිදින්න ගියා.

ජින් : "ඒයි ටේ, ඔයා හොඳින්ද?" ජීසුවත් මනසින් සම්බන්ධ කරගෙන ජින් ටේ ගෙන් ඇහුවා.

ටේහ්‍යුන් : "ඔව්, අන්තිමේදී V ආයිත් ආව එක ගැන මං සතුටින් ඉන්නෙ. අපි දෙන්නට ගොඩක් දේවල් කතා කරන්නත් තියෙනවා. නේද V?

V - "අම්මෝ ඔව්."

RJ - "ඒයි V, ආපහු පිළිගන්නවා." ජින්ගේ වෘකයා කිව්වා.

Sooya - "ඔක්කොම හරි ගැස්සුවම අපි දුවන තරඟයක් තියමු. මට ඔයාව මතක් උනා V." ඒ ජීසුගෙ වෘකයා.

ටේහ්‍යුන් : "දැන් හැමෝම පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නකෝ." තුන්දෙනාම හිනා උනා.

සේහුන්, නම්ජුන් වගේම ජන්ග්කුක් ඒ ගොල්ලො දිහා සැරින් සැරේ බලනවා කියලා කිම්ලා දැනගෙන ඉඳියෙ නෑ. මේ තුන් දෙනා ඉඳියෙ කිම්ලගේ ලස්සනෙන් පුදුම වෙලා.

"මං හිතන්නෙ ඒ තුන්දෙනා මනසින් කතා කරනවද කොහෙද." නම්ජුන් වගේම ජන්ග්කුක්වත් මනසින් සම්බන්ධ කරගෙන සේහුන් කිව්වා.

නම්ජුන් : "ඔව් එහෙම තමයි. ඒගොල්ලො හිනා වෙනකොට කියුට් නේද? මට මගෙ මේට්ගේ කම්මුල කොනිත්තන්න හිතෙනවා."

ජන්ග්කුක් : "මාව ඕනෙ නෑ නේද මේකට? ටේහ්‍යුන් මගේ මේට් නෙමෙයි. ඉතින් ඇයි මාව කිම්ලා ගැන කතා කරන්න මේකට සම්බන්ධ කරේ?"

සේහුන් : "මොකද ඔයා සැරින් සැරේ එයාව චෙක් කරනවා. ඔයාට එයා ගැන උනන්දුවක් නැද්ද?"

ජන්ග්කුක් : "කටවහනවා සේහුන්." ජන්ග්කුක් මේ සංවාදෙන් අයින් උනා.

මේ රණශූරයො හතරදෙනා තම තමන්ගේ මේට් ලව සැරින් සැරේ සෝදිසි කරන ගමන් මුලු පැක් එක පුරාම ඇවිද්දා. හෝසොක් රියුජින් දෙන්නා එකිනෙකාගෙ ඇඟේ වෙලෙමින් ගොඩක් පහසුවෙන් තනියම ඇවිදගෙන යනවා. සේහුන් ජීසු දෙන්නත් ඒ වගේමයි. ඒත් නම්ජුන් වගේම යුන්ගි ඒ ගොල්ලන්ගේ මේට්ලා එක්ක ගත කරේ අමාරු කාලයක්. ඒගොල්ලන්ව අල්ලනවත් ඒ දෙන්නට බැරි උනා. මොකද ජින් වගේම ජිමින් කියන්නෙ ඇල්ෆලා විතරක් නෙමේ ගොඩක් ආඩම්බර ඇල්ෆලා දෙන්නෙක්.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now