76. Bundle of joy

1.6K 326 145
                                    

Blood moon pack එකේ තවත් සති කීපයක් සාමකාමීව ගෙවුනා. ගෙවුනු හැම දවසකම ටේහ්‍යුන්ගේ උදරය එන්න එන්න විශාල වෙමින් බර වෙලා තිබුනා. ඒ වගේම ගෙවුනු හැම දවසකම ටේහ්‍යුන්ට දරාගන්න බැරි තරමටම චූටි ඇල්ෆගෙ පයින් පහර දීම් එන්න එන්නම ශක්තිමත් වුනා. ගොඩක් වෙලාවට, ජන්ග්කුක්ට එයාලගෙ පැටව්න්ට කතා කරන්න ටේහ්‍යුන් ඉඩදුන්නෙ නෑ. මොකද එයාගෙ අප්පගෙ ආධිපත්‍යයමය කටහඬ ඇහෙන කොට චූටි ඇල්ෆා පයින් ගහන්නත් දගලන්නත් ගන්නේ ටේහ්‍යුන්ගේ උදරය තුළ ඉඳන් විවිධ උපක්‍රම පෙන්නවමින්.

ඒ බදාදාවක්, ජන්ග්කුක් ඇහැරුනේ මූනෙ රැඳුනු හිනාවක්ද සමඟින්. එයාලගෙ මේට් මේ සතියේ ඕනම වෙලාවක පැටව්න්ට උපත දෙන්න පුලුවන් කියලා බෝගම් කිව්වම ටේහ්‍යුන් පැටව්න්ට උපත දෙන එක ගැන ජන්ග්කුක් ඉ‍ඳියේ ගොඩක් උද්‍යෝගයෙන්.

එයාට ගුලිවෙලා නිදාගෙන ඉන්න ඔමේගා දිහා ජන්ග්කුක් බැලුවා. නිදාගෙන ඉන්නකොටත් එයාගෙ මේට් කොච්චර ලස්සනද කියලා හිතුව ඇල්ෆා ආයිත් හිනා වුනා. එයාට එයාවම පාලනය කරගන්න බැරි වුනු ජන්ග්කුක් ඔමේගගෙ මූන පුරා සමනල් හාදු තියන්න පටන් ගත්තා.

තාමත් නිදාගෙන ඉන්න ඔමේගා කේන්තියෙන් කෙඳිරිගෑවා. එත් ජන්ග්කුක් නම් නවත්තන්නෙ නැතුව දිගටම එයාගෙ මේට්ගෙ මූන පුරා හාදු තිබ්බා.

"අනේ කුකී මට නිදාගන්න දෙන්නකො." කෙඳිරිගෑව ටේහ්‍යුන් එයාගෙ මේට්ව තවත් තද කරලා බදාගෙන ජන්ග්කුක්ගේ පපුවට මූන නැඹුරු කරගත්තා.

පිළිතුරු දෙනවා වෙනුවට හිනාවක් පිට කරපු ජන්ග්කුක් ටේහ්‍යුන්ව තවත් එයාගෙ සමීපයට ඇදගෙන එයාගෙ කලාවා වලට හිමින් තට්ටු කලේ එයාට ආපහු නින්දට යන්න උදව් වෙන්න.

විනාඩි කීපයක් ගෙවිලා ගියා, ඒ දෙන්නම එකිනෙකාට තුරුල් වෙලා හිටියා. දෙන්නම නිදාගෙන නොහිටියත් ඇස් දෙක පියාගෙන හිටියේ, එකිනෙකාගෙන් ලැබෙන උනුහුම භුක්ති විඳින්න. ටේහ්‍යුන් මුත්‍රා කරන්න යන්න ඕනෙ කියනකන්ම ඒ දෙන්නා එහෙම හිටියා. එයා ජන්ග්කුක්ගේ අත් දෙක ලිහිල් කලා.

"මට වොශ් රූම් යන්න ඕනෙ." හුරතල් විදිහට කිව්ව ටේහ්‍යුන් ඉක්මනට බාත්රූම් එකට ගිහාම එයාගෙ හුරතලේ දැකලා ජන්ග්කුක් හිනා වුනා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now