27. 00:00

2.2K 390 119
                                    

"යා.... මං කිව්වා උබලට තව කාටූන් එකක් තමා කියලා." යුන්ගි බබෙක් වගේ කෙඳිරි ගාමින් කිව්ව එකට ජිමින් බිම පෙරලි පෙරලි හිනා වුනා.

"එහෙනම් අපි Ocean's 8 බලමු." ටේහ්‍යුන් කිව්වේ යුන්ගිට කණගාටුව දිස් වෙන හිනාවක් පෙන්නලා. එයා කාටුන් බලන්න කැමති නෑ කියලා ටේහ්‍යුන්ට හිතුනා. ඒත් හැමෝම එක දෙයක් දැනන් හිටියෙ නෑ, ඒ තමයි ජිමින්ව හැරුනම යුන්ගි කාටූන්වලටත් කැමති කියලා. ඇත්තම කිව්වොත් එදා movie night එක දවසේ ටේහ්‍යුන් inside out තේරුවාම යුන්ගි බබෙක් වගේ කන් කෙඳිරි ගෑවේ එයා ඊට කලින් ඒක බලලා තිබුනු නිසා. මේ වතාවෙදිත් ඒ හේතුවම තමා. එයා මේ වතාවෙත් කන් කෙ‍‍‍ඳිරි ගෑවේ මොකද එයා දැනටමත් coco කිහිපවතාවක්ම බලලා තිබුනු නිසා.

"මම නම් ඒක බලන්න කැමතියි." ජීසු වගේම නම්ජුන් කිව්වා.

චිත්‍රපටිය පටන් ගත්තම හැමෝම ඒකට අවධානය දුන්නා. මේ අතරේ ජන්ග්කුක් චිත්‍රපටිය පටන් ගත්ත වෙලේ ඉඳන් එහාට මෙහාට වැනි වැනි හිටියේ එයාට ටේහ්‍යුන්ගේ මූන බලන්න ඕන වුනු නිසා. මොකද එයා හිටියේ ටේහ්‍යුන්ගේ පිටිපස්සෙ නිසා එයාගෙ මූන හරියට පෙනුනෙ නෑ.

"ජන්ග්කුක් ඔය වැනෙන එක නවත්තනවකෝ." හෝසොක්ට කේන්ති ගියා.

"සොරි. මට එයාව හරියට පේන්නෙ නෑ."

"එයාව? කාවද?" හෝසොක් ඒ ඇහුව දේට true blood alpha ගොළු වුනා.

"ආ? ම්-මම ඒ කිව්වේ.. movie එක ගැන." රතු වුනු ජන්ග්කුක් කිව්වා. කාමරේ අඩු එළියට පිං සිද්ද වෙන්න හෝසොක් ජන්ග්කුක්ගේ මූන දැක්කෙ නෑ.

හෝසොක්ගේ මූනේ හිනාවක් ඇදුනා. මොකද එයා දන්නවා ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ මූන බලන්න ඕන වෙලා කියලා. ඒකයි එයා ජිමින්ට එතනින් වාඩි වෙන්න කියලා ජන්ග්කුක් කැමැත්තෙන්ම ස්ථාන මාරු කරගන්නකන් බලන් හිටියේ.

"ඇති යන්තන්." තනියම හිතුව ජන්ග්කුක් දැක්කා ටේහ්‍යුන්ගේ බැරෑරුම් මුහුන, බාගෙට ඇරුනු කට වගේම තිරයට යොමු වෙලා තිබුනු ඇස්.

පැය බාගයක් ගෙවිලා ගිහින් රෑ 11.50 ත් වුනා. ටේහ්‍යුන්ගේ 18 වෙනි උපන්දිනේට තව තිබුනේ විනාඩි 10 ක් පමණයි.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now